ගෝල්ඩන් කී ආයතනය හරහා මූල්‍ය වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි සිසිලියා කොතලාවලට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (31) නියෝග කළේය.
රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය නිදහස් කැරුණු අතර ඒ සඳහා රජයේ විධායක නිලධාරියකු හා ළඟම ඥාතියෙක් ඇප තැබීමට නියම කැර තිබිණි.
මීට පෙර ඇය ඇප ලබාගැනීමට පැමිණි අවස්ථාවේ අදාළ ඇප කොන්දේසි සපුරා නොමැතිවීම හේතුවෙන් ඇප ප්‍රතික්ෂේප විය.
නඩු විභාගය අප්‍රේල් 27 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පිනක් දහමත් කරගන්න (කෞ)
ඔබලා විශාල රැකියා ප්‍රමාණයක් දී රටට සේවයක් කළා. ඔබලා විශ්වාස කළ හොරු නිසා විශාල අපකීර්තියකට සහ කරදර වලට මුහුණ දුන්නා. (ම)
රටට රැකියා විශාල ප්‍රමාණයක් බිහිකර, රටට අදායමක් ඉපැයූ නමුත් සමහර නිලධාරීන්ගේ වරදින් මෙවන් දෙයක් වීම ගැන අපගේ කණගාටුව! ලොකු පිනක් විශාල රැකියා ප්‍රමාණයක් ඇතිකර පවුල් ප්‍රමාණයක් රැකගැනීම. (නි)
දැන්වත් පිනක් දහමක් කරගන්න බලන්න (නි)
මම අැන්ජලෝගේ අදහස අනුමත කරමි (නි)