ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා සිසිලි ප්‍රියා කාමිනී කොතලාවල මහත්මිය (74) අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටීම සම්බන්ධයෙන් ලබන සඳුදා (14) කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය අද නීතිපතිට නොතීසි නිකුත් කළේය.
තමන් ඇපමත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙන ලද තීන්දුව බල හරිත කර සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ඇය ගොනු කළ ඇප අයැදුම රෝහිණී වල්ගම සහ එල් ටී බී දෙහිදෙණිය යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd