සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ අලුත් සැසිවාරය පටන් ගන්නා දිනය සටහන් වුවත් වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත.
මේ නිසා සැසිවාරය පටන් ගන්නා වේලාව සටහන් කර අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය.
ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු නව සැසිවාරය පටන් ගැනීමට නියම්තව ඇත්තේ මැයි මස 8 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඔය තරම් හිතන්න දෙයක් නෙමේ, පාසැල් වල නිවාඩු දීලා, පාසැල පටන් ගන්න දිනය කිවුවහම ලමයි දන්නවා සිරිත් පරිදි පාසල පටන් ගන්න වේලාව, ඒ වගේ පාර්ලිමේන්තුවත් පටන් ගන්න වේලාවක් ඇති නේ, ඒ වෙලාවට පටන්ගන්න තියන්නේ..
උපදේශකයෝ නම් කෙළවරක් නැහැ. ඒත් මේ ටිකවත් හරියට කරගන්න බැරි අයද ඕවා බාර අරන් ඉන්නේ? අන්තීම අකාර්යක්ෂම පිරිසක්.
ජනාධිපතිවරයාත්, ඔහුගේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලවල කිසිම අයෙකු මේ බව නොදැන සිටීමෙන්ම ඔවුන්ගේ නොහැකියාව සහ අනවබෝධය ප්‍රදර්ශනය කළ වටිනා අවස්ථාවක් බවට මෙය ඉතිහාසයට එක්වනු නොඅනුමානය. තවත් වසර දෙකකදී පමණ මේ රටේ ජනතාව තම වරද නිවැරදි කරගනු ඇත.
මෙපමණ කලක් ජනාධිපති කරපු හැම වැඩකම හිලක් තිබ්බ එකේ ඕක අපිට නම් අමුතු දෙයක් නෙවෙයි.
පේලි 4ක් හරියට ලියාගන්න බැරි මිනිස්සුනේ රටක් කරවන්නේ..
අනේ! අනේ!! අනේ!!! සුද්ද අපිට දීලා ගිය පරිපාලනයට මොකද වුනේ! ගැසට් පත්‍රයක් වත් හරියට ගහ ගන්න බැරිනම්...
මහා පුච්චානම් නම් කාරයින් ආණ්ඩුවේ හිටියට, කිසිම වැඩක් හරියට කරගන්න දන්නේ නැහැ. ඕක වගේම තමයි, හැම එකේම හිලක්. ගේන ව්‍යවස්ථාවත් ඔය වගේ තමයි. දැක්කනේ පළාත් පාලන පනතට වෙච්ච දේ. 19 ගේනවා. අගමැති අයින් කරන විදිහක් නැහැ. තමන් හදපු දුම්කොළ පනතට වෙච්ච දේ දන්නේ නැහැ කිව්ව කෙනානේ...
කැමති වෙලාවක රැස්වෙන්න පුළුවන් වෙන්න තමයි ඔය විදියට ගැසට් එක ගහලා තියෙන්නේ... කොහොමටත් කට්ටිය තමන්ගේ වැඩ කරනගෙන වෙලාව තිබුණොත්නේ ඕකට එන්නේ...
මොන වැඩේද මෙයා හරියට කළේ? හැම එකක්ම අනාගත්තා මිසක්...
ගැසට් නිවේදනයක් පළකර ගන්න බැරි මේ ආණ්ඩුව තව මොනවද හරියට රටට කරන්නේ? මහා බැංකුවට හදපු හිලෙන් බිලියන ගණනක් එළියට ගිහිල්ලා හොරකම කරපු අයත් එළියට ගියා... ඉතුරු වුනේ හිල් හදන එවුන්ම තමයි.
මේ ආණ්ඩුවේ හැම තැනම හිල් තමයි. දැන් පළාත් පාලන ඡන්ද ඉවර වෙල මාස දෙකටත් වැඩියි. නමුත් කඩු ප්‍රහාරවල් හෝ දැඩි තීන්දුවල් හෝ පේන්න නං නැහැ. කඩු ප්‍රහාර, දැඩි තීන්දු කොහොම වුනත්, ඊළඟ කැබිනෙට් සංශෝධනයේදී ආයිත් රවී කරුණානායක ඇමතිවෙනවා වගේ ආරංචියි. මෙහම ගියොත් 2020 ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනක් හරි පහසුවෙන් දිනනවා.
අපේ ජනාධිපතිතුමාට මොකුත් බැහැ...
ඉහළ තැන් වල ඉන්න පුටු රත්කරන්නන්ගේ වැඩ කිඩ තමා මේ. නුසුදුස්සෝ හැම තැනම. පන්දම අල්ලනවා පුටුවට යනවා... හරියට වැඩක් කරගන්න බැහැ. කොහෙද පුටුවට යන්න තල්ලුව දාන්නේ අට පාස් උදවියනේ....
ඔස්ටින් කේම්බ්‍රිජ් එකේ කාලෙ හරි වගේ. දැන් හොඳට දුවන හයිබ්‍රිඩ් එකක්වත් හොයා ගන්න එක ඇඟට සනීපයි.
ඔස්ටින්ට ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ ඇපල් මල්ලක් අරන් ලෙඩ්ඩු බලන්න ගියා. දැන් ජනාධිපති ලේකම් වුණාම ගැසට් එකේ වෙලාව අමතක වෙලා. හෛබ්රිඩ් ආණ්ඩුවේ වැඩවලට කේම් බ්‍රිජ්වලට දැන් අමතර කොටස් නැත.. ඕවා හොඳ කටුගෙටයි..
මධ්‍යම රාත්‍රියෙන් රාත්‍රී 12ට නම් අදාළ දින විවෘත වෙලාව සඳහන් කිරීම අනිවාර්යයි. අනික් කාරණාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තියට අනුව යන්නන්ට 70 වන ව්‍යවස්ථාවෙන් සඳහන් වීමත් බරපතල කාරණයක්.. 70 වන ව්‍යවස්ථාව කොහෙද තියෙන්නේ? හිටන් හුටන් සහ මැන්ටල්ලා එක්ක වැඩ කරනකොට ඔහොම තමයි...