ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගයකදී පදක්කමක් දිනූ එකම කී‍්‍රඩිකාව වන සුසන්තිකා ජයසිංහ මහත්මියට කී‍්‍රඩා අමාත්‍යංශයේ උපදේශක තනතුරක් හිමිවී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම තනතුරට පත්කරනු ලැබ ඇති බව වාර්තාවේ.
නව තනතුරට අදාල පත්වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉකුත්දා අරලියගහ මන්දිරයේදී පිරිනමන ලද බව කී‍්‍රඩා අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ මලල කී‍්‍රඩා ක්ෂේත‍්‍රය පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විධිමත් වැඩපිලිවෙලක් ඔස්සේ මෙහෙයවීමට ඇයගේ සේවය ලබා ගැනීමට බලාපෙරොත්තු වන බව කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම ගැන හිතලා හොඳට වැඩ කරන්න සුසන්තිකා. (නි)
ඔබ දේශපාලනයෙන් අයින් වෙන්න. (නි)
උත්සාහවන්ත කාන්තාවක් නිසා සුභ පතමි! (නි)
රටට පදක්කමක්වත් ගෙනාපු සුසන්තිකාට මෙහෙම තනතුරක් දුන්න එක හොදයි. සුබ පැතුම් සුසන්තිකා ඔබට! ඔබෙන් සේවයක් ලැබී ක්‍රීඩාවට රටට සෙතක් වෙනවා නම් බොහොම අගෙයි ! (නි)
අපේ රටේ ගම් නියංගම් වල සිටින දක්ෂ දරුවන්ට ලැබුණු වටිනාම කෙනෙක් සුසන්තිකා මහත්මිය. අපිට අනාගතේ ඔලිම්පික් පදක්කම් අනිවාර්යෙන්ම ලැබෙනවා ...ඔබට ජයෙන් ජය වේවා අපි හැමදාම ඔබත් සමග ..ජනපති තුමනි ඔබ තුමාට ස්තුතියි.(නදී)
අපි ඇත්තටම ලැඡ්ජා වෙන්න ඕනෑ ඇයගෙන් පස්සේ තවම පදක්කම් නැතිවීම ගැන (නි)
මොන තනතුරු ලැබුනත් ගම මට්ටමින් ක්‍රීඩාව දියුනු කරන්න . ඔයා වගේ සැඟවිලා තිබුන මිනි කැට ඕන තරම් හොයාගන්න පුළුවන් . ඒ සමගම ඉදිරියේදී තවත් මාග්‍රට් තැචේර් කෙනෙක් අපේ ලංකාවෙන් බිහිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .(නදී)
අන්න හොද වැඩක්. සුසන්තිකා රටට වටිනා වස්තුවක්. මේ වගේ හැම දෙයක් ගැනම සොයලා බලනවා නම් හොදයි. රට යන ගැහැණිය ගැන හඩක් නගන්න කවුරුවත් නැද්දෝ? ශ්‍රී ලාංකීය කත හරිම අසරණයි. (නි)
හොඳ වැඩක්. සුදුස්සාට සුදුසු තැන. (නි)
හොද වැඩට ගරු කරමු. (නි)
ඔබට ජය! (නි)
මම නම් හිතුවේ උපදේශක තනතුරක් වගේ මිට වැඩිය ඉහළ තනතුරක් ලැබෙයි කියලා. මම මේ හරියටම දන්නේ නැති නිසයි කිවුවේ. (නි)
අනාගත ක්‍රීඩාව දියුණූ කරන්න ගත් හොද තීරනයක්. (නි)
සුසන්තිකා දැන් පරිණත කෙනෙක්. ඔබට ජය! (නි)
සුසන්තිකා, මෙය ඔබට හොඳ අවස්ථාවක් ගමේ පාසල් වලට සේවය කිරීමට. ඔබට ජය! (නි)
හොද තීරණයක් (නි)
බොහොම හොඳ අගය කළ යුතු කාර්යයක්. ඔබතුමියගේ කාර්යය උපරිමයෙන් ,අධිෂ්ඨානයෙන්, වගකීමෙන් ඉටු කරන්න . (නි)