මාස හයක් යන තුරු මාලබේ සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීම නැවැත්වීමට කර ඇති යෝජනාවට ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග කිට්ටුවෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත්, ඒ වනතුරු ශිෂ්‍යයන් බඳවා ගැනීම දිගටම සිදු කරන බවත් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
සිසුන්ට හොඳ අධ්‍යාපනයක් දීමේ අරමුණෙන් තම ආයතනයේ ආචාර්යවරුන්ට විශාල වැටුපක් ගෙවන බව ද, සයිටම් වෛද්‍ය විද්‍යාලයයට ශිෂ්‍යයන් බඳවා නොගත්තොත් මහාචාර්යවරුන්ට වැටුප් ගෙවීමට මුදල් නැතිව යන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.
තම ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා ගත්තේ එක් විෂයක් සඳහා රුපියල් 50,000 බැගින් මුදල් ගෙවා යැයි කී ප්‍රනාන්දු මහතා උපාධිය ගත් සිසුන්ට යළි සායනික පුහුණුව දීමට ඔවුන් එකඟ නොවන බව ප්‍රකාශ කළේයැයි ද අවධාරණය කළේය.
උසාවි නියෝග අනුව සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකළහොත් උසාවියට අපහාස කිරීම යටතේ එම සිසුන් අධිකරණයට යනු ඇති බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අලුතින් සිසුන් ගැනීම මාස හයක කාලයක අත්හිටුවීමට යෝජනා කිරීමට සහ ඉන් පිටව යන සිසුන්ට සායනික පුහුණුවකින් පසු වෛද්‍ය සභාවෙන් පවත්වන විභාගයකට පෙනී සිටීමට යෝජනා කිරීමට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී ඊයේ (13) තීරණය වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැම තීරණයක්ම ගන්නේ තරහ පදනම් කරගෙන. මෙතන ප්‍රශ්නේ මේ ශිෂ්‍යයින් වෛද්‍යවරුන් වීමට සුදුසුද යන්නයි. ඉංජිනේරු ශිෂ්‍යයෙක් අදක්ෂ නං ඔහුව ඉබේම කොන් වෙනවා. නමුත් මෙතැනදී සෙල්ලන් කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. (ර)
දැන් ඒ අවුල ලෙහන්න යනකොට තවත් සල්ලි කෑදරකමට ළමයි බඳවාගන්නවා. මේක ලොකු වංචාවක් (නි)
හැබැයි කියන්නේ නම් ඕනේ දෙයක් පුළුවන් අපි ඔට්ටුයි කියලා. හැබැයි කරන්නේ මෙහෙමයි. පුහුණුවක් දෙන්ඩ හදපුවහම බැ කියනවා. හරි ප්‍රතිපත්තියක් හදන්ට එකඟ වෙන්ටත් බැ කියනවා. හැංගි හැංගි වෙස් බැන්දට නටන්ට වෙන්නේ එළියේ කියන්නේ ඕකට තමා. (අ)
නෙවිල් ප්‍රනාන්දු මහතාට හොඳ හයියක් තිබෙනවා, ආයතනයට සිසුන් බඳවා ගැනීම දිගටම කරන්න. නැත්නම් කොහොමද ආචාර්යවරුන්ට වැටුප් දෙන්නේ. (නි)
විරාජ්, අභියාචනාධිකරණයේ හයිය අරන් වෙන්න පුලුවන්. ඇයි ප්‍රශ්නයක්ද? (නි)
මෙම ආයතනය රජයට පවරාගත යුතුය (නි)
ඒ කතාවත් ඇත්ත තමයි (නි)
ලොකු මහත්තයෝ, ටිකක් නිහතමානී වුණොත් හොඳයි. සයිටම් ආයතනයට වුණ ගොඩක් ගැටළුවලට මුල උද්දච්චකමයි. තමුන්ටම කියලා මිනිස්සු එන රෝහලක් පටන් ගත්තා නම් ආණ්ඩුවෙ ඉස්පිරිතාල පැත්තට හැරෙන්න ඕනෑ නැහැනෙ. දැන්වත් ලැබුන අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඔය දරුවන්ව ගොඩකරගන්න බලන්න. (නි)
පාරෙ යන අය අඬගහලා බලෙන් නොමිලෙ බඳවාගන්න වෙයි. මොන දෙමව්පියොද මෙතරම් අවදානමක් තිබියදී ලක්ෂ 120ක් දීලා ළමයි ඇතුළත් කරන්නෙ. (නි)
පාරෙ යන අය අඬගහලා බලෙන් නොමිලෙ බඳවාගන්න වෙයි. (නි)
"සිසුන්ට හොඳ අධ්‍යාපනයක් දීමේ අරමුණෙන් තම ආයතනයේ ආචාර්යවරුන්ට විශාල වැටුපක් ගෙවන බව ද, සයිටම් වෛද්‍ය විද්‍යාලයයට ශිෂ්‍යයන් බඳවා නොගත්තොත් මහාචාර්යවරුන්ට වැටුප් ගෙවීමට මුදල් නැතිව යන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය". ....රජයේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුමලබන දරුවන්ට උගන්වන්න ඉන්න හොඳම මහාචාර්යවරු ටික මුදලට බිලි බා ගත්තම උසස් විදිහට සමත්වෙලා විශ්ව විද්‍යාලයට යන ලක්ෂ සංඛ්‍යාත අසරණ දුප්පත් මිනිසුන්ගේ දරුවන්ට උගන්වන්නේ කව්ද? (නි)
මෙම ආයතනය රජයට පවරාගෙන දැනට වසරකට ගන්න සිසුන් සංඛ්‍යාව වැඩි කළාම ප්‍රශ්නයක් නැහැනේ. තවත් දක්ෂ දුප්පත් දරුවන් විශාල ප්‍රමාණයකට විශ්ව විද්‍යාල වරම් ලැබෙනවනේ. (නි)
ප්‍රදීප්, මේ වගේ මිනීමරු ප්රභාකරන් හිතුවා. මිනීමරු ප්රභාකරන්ට තිබුනේ ගිනි අවි වල ශක්තිය සහ මරාගෙන මැරෙන කල්ලියේ ශක්තිය. මෙයාලට තියෙන්නේ රටේම ඉන්න කෝටිපතියන්ගේ ශක්තිය. (නි)
මේ විදිහට මෙවැනි මිනිස්සු ඉංජිනේරු අංශයටත් විශ්ව විද්‍යාල ඇරියොත් අපේ දුප්පත් දක්ෂ දරුවන්ට අබ සරණයි. (නි)
මුළු රටේම ඉන්න දුප්පත් දරුවන්, දුප්පත් දෙමාපියන් මේ ගැන තමන්ගේ අප්‍රසාදය පෙන්වන්න ඕනෑ. (නි)
මහාචාර්යවරු පවා කැමතියි රජයෙන් ගෙවන වැටුප වගේ 20 ගුණයක් වැඩි වැටුපක් ගන්න. ඉතින් මොන මහාචාර්යවරයද පින් තකා කියලා රජයේ දුප්පත් දරුවන් වෙනුවෙන් සේවය කරන්නේ. අන්තිමට වෙන දේ හිතා ගන්න පුළුවන්නේ. (නි)
මුදලාලිට කේන්ති ගිහින් වගේ. අලුතෙන් ගන්න ඕනෙද ඉන්න දරුවන්ගෙන් ගත්ත ලක්ෂ 120 කෝ? ඒ දරුවෝ සල්ලි ගෙවලානේ තියෙන්නේ උගන්නනවට. (අ)
රාජපක්ෂලා කෝටි ප්‍රකෝටි මුදල් ඉදිරියේ රටේ දුප්පත් දරුවන්ට කරපු සේවය දැන් හිතාගන්න පුළුවන්නේ. (නි)
බොහොම හොදයි, වැඩකට නැති දොස්තරලා හදලා, ලෙඩ්ඩු මරන්න විතරක් නෙමේ මෙයාල හිතන් ඉන්නේ රටේ පාලන බලය එයාලට අරන් දෙන්න, දොස්තර කම ගත්තහම හෙල්ත් මිනිස්ට්‍රි එකේ වගේ එකකට ගිහින් එකේ ලොකු පුටුවකට /තැනකට යන්න පුලුවන්නේ දෙමාපියන්ගේ හයියෙන් ... (බ)
එස් තුනක් අරගෙන රජයේ රෝහල් වල දොස්තරලා වෙනවා. කකුල් දෙක වතුරේ දාගෙන පාඩම් කරලා විශ්ව විද්‍යාලයට යන්න ලකුණක් දෙකක් අඩු වෙන ලක්ෂ සංඛ්‍යාත දුප්පත් දෙමාපියන්ගේ දරුවන් "නර්ස්ලා" වෙලා ඒ දොස්තරලා යටතේ සේවය කරනවා.හරිම ලස්සනයි නේද? (නි)
ඉදිරියේදී මිය යන අසරණ මිනිසුන් වෙනුවෙන් සුසානභූමි ප්‍රමාණය වැඩි කරන්න කියලත් අධිකරණ නියෝගයක් ගන්න වේවි. (නි)
ජනහිත, ලක්ෂ 120 වියදම් කරලා එළියට එන දොස්තරලා නිකන් බෙහෙත් දේවි කියලනේ හිතා ඉන්නේ. චැනල් කරන්න දැනට ගෙවන මුදල වගේ 10 ගුණයක් ගෙවන්න සිද්ධවේවි. රටේ දුප්පත් මිනිසුන්ට අබ සරණයි. (නි)
තිලක්-ඩුබායි, ඉංජිනේරු අංශයට පුද්ගලික විශ්ව විද්‍යාල දැන් කීපයක් තියෙනවා කියලා දන්නෙ නැතුව ඇති. ඩුබායි ඉන්න නිසා (නි)
මෙයාට වඩා හොඳ හොඳ "චණ්ඩි" ඉතිහාසයේ අපි දැකලා තියෙනවා. එයාලා දණ ගහපු හැටිත් දැකලා තියෙනවා. (නි)
සල්ලි බලය නොවේද මේ පෙන්වන්නේ? (නි)
කමල්, ඉන්දියාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉංජිනේරු උපාධිය අරගෙන මැදපෙරදිග කාර්මිකයෙකු හැටියට සේවය කරනකොට අපේ රටේ ඉංජිනේරු උපාධිය අරගෙන ලෝකයේ ඕනෑම රටක ඉංජිනේරුවෙකු හැටියට හොඳ වැටුපකට සේවය කරනවා. ඒකයි රජයේ විශ්වා විද්‍යාලයක සහ පුද්ගලික විශ්ව විද්‍යාලයක වෙනස. (නි)
මොවුන්ගේ අතින් ලෙඩ්ඩු මැරුනත් මොවුන් කියයි අපි මරනවා තමා නුඹලට මොකද කියලා. සයිටම් එකට අනුබල දීලා පස්සේ පසුතැවෙන්න එපා. රටටම ශාපයක් කරන්න එපා (නි)
මගේ දරුවා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ. විශ්ව විද්‍යාලයෙන් එළියට එනකොට රැකියා අවස්ථා 5 ක් දැනටම තියෙනවා. ලෝකයේ උසස් ආයතන වලින් හිතාගන්න බැරි වැටුපකට සේවය කරන්න අවස්ථා තිබෙනවා කියලා දන්නවද? වෙනස ඒකයි. (නි)
දැන් ඉන්න දොස්තරලා ජනතාව හූරාගෙන කනවා මදිවට ස්ට්‍රයික් කරලා ජනතාව මරනවා. ඔතන තියෙන්නේ ඊර්ෂ්‍යාව. සයිටම් ළමයි දියුණුවෙයි කියලා දැන් ඉන්න දොස්තරලා බයයි. ඇයි ස්ට්‍රයික් කරන්න බැහැනේ. (නි)
මෙතන වැඩිපුරම සයිටම් එක වෙනුවෙන් පෙනී සිටින්නෙ. මුලු සේසතම විකිණුවත් තමන්ගෙ ළමයෙක් ලක්ෂ 120 ක් දීලා සයිටම් යවන්න පුලුවන් අයනම් නෙමේ. එ්ක මිනිස් ස්වභාවය. අපි නිදහස් අධ්‍යාපනයෙන් සාර්ථක වුනු අය. අපි උත්සාහ කරනවා අපි අාව මග ඊළඟ පරම්පරාවට ඉතිරි කරන්න. නමුත් අපේම කට්ටිය තමා. එ් මග අපේ පන්තියට අහුරන්නේ. අැමරිකාවේ ලින්කන් ජනාධිපතිවරයා වහල්ලු වහල් භාවයෙන් මුදා ගත්තාම වහල්ලු එ්කටත් ලින්කන්ට විරුද්ධව කැරලි ගැහැවලුනේ. කමක් නෑ අපි සැලෙන්නෑ. (අ)
නියම තීරණයක් (නි)
පුෂ්ප කුමාර මතක තියාගන්න බල්ලො දැන් බුරලා කඳු පෙරලන්නෑ. දැන් කඳු පෙරලන්නෙ ඩයිනමයිට් දාලා. බල්ලෝ දියුණු වෙලා. ඔය බෑ කියපු කඳු ගොඩාක් බල්ලො සෙට් වෙලා පෙරළලා තියනවා ඉතිහාසය එ්කට සාක්ෂි දරණවා.ටිකක් හොයලා බලන්න. රාගම වෙෙද්‍ය පීඨය නිදසුන්. ඔයා වගේ මහින්දත් කිව්වා. ප්‍රභාකරනුත් කිව්වා. එ්වා හීතලුවක් විතරයි. (අ)
තන්හායජායති සෝකෝ තන්හායජායති භයං (ම)
රොමේෂ් හරි. මෙතන අදහස් දක්වලා තියන අැඟපුරාම මොළේ තියන අයට එ්ක තේරෙන්නෑ. මේ වගේ තව කඩ 10 ක් අැරලා වැඩි පඩියට අාචාර්යවරු මිළ දී ගත්තොත්. රජයේ වෙෙද්‍ය පීඨ වලට මොකද වෙන්නෙ. සයිටම් නීතිගත කිරීම නිදහස් අධ්‍යාපනයේ මළගම කියන්නෙ එ්කයි. ධනපතියන්ට ඕනෑ කරලා තියෙන්නෙත් එ්ක තමා. ඔවුන් අතින් දුප්පත් මිනිස්සු උදුරාගත් දේවල් නැවත ලබා ගන්නයි මේ උත්සාහය. එ්කට අපේ අයත් උඩින්ම උදව් කරනවා. (අ)
මේක හොර ඉස්පිරිතලයක්. මාරයාගේ නිවාසය තමයි සයිටම් කියන්නේ.අපේ නායක හාමුදුරුවන්ට කළදේ අපි දන්නවා...(අ)
තිලකසිරි, ඒවා එහෙම තමයි. ඕවා සීමා කරලා තිබෙන්නේ රජයට තිබෙන ප්‍රතිපාදන අනුව සහ විද්‍යාලවල ඉඩ අනුව. ලබන සැරේ ඉඩ වැඩිවෙලා ප්‍රතිපාදන වැඩි වුණොත් ඇතුළට ගන්න ලකුණු ප්‍රමාණය අඩුවී වැඩිපුර සිසුන් ගනීවි. එතකොට ඔබට සල්ලි තිබෙනවා නම් දරුවන් සයිටම් යවන්න. සල්ලි නැතිකෙනා සල්ලි අැතිකෙනාට ඊර්ෂ්‍යා කරන්න එපා. (නි)
උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ කිට්ටුවෙන් ඉඳන් උත්තර හොයනවා කියන්නේ සාක්කුවට කිට්ටුවෙන් ඉඳන්ද? මෙයාලගේ හයිය ඕක තමයි. සල්ලි වලට නැමෙන අය ඉන්නකන් මෙයාල රජ වෙනවා. ඔලුව උදුමවාගන්නේ නැතුව ප්‍රමිතිය උසස් කරගන්න පාඨමාලාවේ. (නි)
වයසට ගියාම මොලය කචල් වෙලා පහුගිය රජයේත් වර්තමාන රජයේත් අය මුදල් පසුපස යාම නිසා ප්රශ්නය අවුල් කරගෙන සයිටම් මුදලාලි හිතන්නෙත් හැම දෙයක්ම සල්ලි විසිකරලා කරගන්න පුළුවන් කියලද? (අ)
නියමයි, එක එක්කෙනා කියන විදිහට නටන්නේ නැතුව කොන්ද කෙළින් තියන් තීරණ ගන්න ඕනෑ. උසාවියෙන් තීරණයක් දුන්නට පස්සේ අාපහු කෑ ගහලා වැඩක් නැහැ. එ්ක ක්‍රියාත්මක කරන ඕනෑ. උසාවි තීන්දුවලට ඉහළින් කාටවත් යන්න බැහැ. වහාම උසාවි තීරණය ක්‍රියාත්මක කරන්න. එහෙම කරන්න බැරි නම් උසාවි වලින් දෙන තීරණ කවුරුත් ඉස්සරහට පිළිගන්න එකක් නැහැ. රජය උසාවි තීරණ ක්‍රියාත්මක කරන්න බැඳී ඉන්නවා (නි)
"ලක්ෂ 120 වියදම් කරලා එළියට එන දොස්තරලා නිකන් බෙහෙත් දේවි කියලනේ හිතා ඉන්නේ. දැනට ගෙවන මුදල වගේ 10 ගුණයක් ගෙවන්න සිද්ධවේවි." එහෙනම් වෙන දොස්තර කෙනෙක් ගාවට යන්න ප්රශ්නය එතනින් ඉවරයි. ඡන්දයට මෙච්චර ගියා කියලා බලයට අාවම සල්ලි හම්බකරන්න පුළුවන් දේශපාලුවන්ට විතරද. (නි)
හොඳම දේ එස් තුන තියා එකක්වත් නොතිබුනත් සල්ලි තියනවා නම්, දොස්තර වෙන්න ඉඩ ඇරලා රෝගීන් මැරෙනකොට මල් ශාලාවලුත් ඒ අයටම දාන්න කිවුවම තවත් මඩිය තර කරගන්න පුළුවන්නේ (නි)
නෙවිල් ප්‍රනාන්දු මහත්තයත් වෛද්‍යවරයෙක් නිසා, මෙතන වෙන්නේ මොකක්ද කියලා හොඳ අවබෝධයක් ඇතුවයි ඉන්නේ. රජයේ වෛද්‍ය සංගමය උසාවියේ තීන්දුවට අවනත නොවෙනවා නම්, මොහුට විතරක් කොන්දක් නැතිවෙන්න බැහැනේ. මට තියෙන ප්රශ්නය, හිටපු සෞඛ්‍ය ඇමතිවරු ඔය වැනි අවස්ථාවලදී දැඩි තීන්දු තීරණ ගත් බවට මාධ්‍යය වාර්තා කළා. ඉතින් මේ ප්රශ්නය තව දුරටත් ඔඩු දුවන්න කලින් සාධාරණ එහෙත් දැඩි තීන්දුවක් ගත්තොත් නේද හොඳ..? මාස ගානක් තිස්සේ මේ ප්‍රශ්නෙ පසුපස යන්න, අදාළ සහ නැති උදවිය වගේම රජයටත් වෙන වැඩක් නැද්ද..? (නි)
"මෙයාට වඩා හොඳ හොඳ චණ්ඩි ඉතිහාසයේ අපි දැකලා තියෙනවා". එහෙමද මම හිතුවේ කියන කතා වලින් තම 8 වෙනි පන්තියේ කියලා. දැන් වයස කීයද? පුත්තලම් බූරුවෝ දෙනෙක්ගේ වයස තියනවද? (නි)
තිලක්-ඩුබායි, නිකන් බොරු කියන්න එපා. අපේ රටේ ඉංජිනේරුවන්ට කියා වෙනම මුදලක් මැදපෙරදිග ගෙවන්නේ නැහැ. මමත් අවුරුදු 25 මැදපෙරදිග සිටියා. (නි)
නුතන සක්විත්තා.......(ම)
රජයට පවරගන්න වේද සිසුන් කීදෙනෙක් මැරෙන තුරුද රජය පස්ස ගහන්නේ . අනිවාර්යෙන්ම දොස්තර කඩය අහෝසි කළ යුතුමයි , (ම)
මැදපෙරදිග තත්වය නම් ලංකාවේ ඉංජිනේරුවරුන්ට එච්චරම පිළිගැනීමක් නැහැ. වැඩ කරන්න පුළුවන් වුනත් බැරි වුනත් වැඩි හරියක් ඉන්නෙත් ගන්නෙත් වෙන රට වල අය. (ම)
අම්මපා! ඉතින් මහින්ද හිටපු කාලෙ මේ වගේ ලොකු සීන් එකක් දැම්මා නම් මෙලහකට වෙච්ච දෙයක් දෙයියොවත් දන්නෙ නැහැ... (නි)
ඕනෑ විභාගයකට වාඩිවෙන්න සූදානම් කියපු අය මොකද මේ පස්ස ගහන්නේ? (නි)
මහත්තයෝ, ඔයිට වැඩිය චණ්ඩි අතීතයේත් හිටියා (නි)
අරවින්ද කිවුවා වගේ රෝහල් වල අයිතිය වෛද්‍ය සංගම් වලට දෙන්න හොඳ නැහැ (නි)
කාගේ හයියක් අරන්ද හැසිරෙන්නේ, (අ)
කාට හරි පුළුවන් නම් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සදහා පත්කරපු 2012 පංච පුද්ගල කමිටු වාර්තාව කියවන්න, මේ ආයතනයේ ඉතිහාසය ටිකක් ඉගෙනගන්න පුළුවන්.කොහොම වුණත් එඩිතර තීරණයක්. (අ)
බමුණු ආරච්චි, මම කිව්වේ ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධිය අරගෙන ඉංජිනේරුවරයෙක් විදිහට මැදපෙරදිග රටක සේවය කරනවා මිසක් ඉන්දියාවේ වගේ පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය තියාගෙන කාර්මිකයෙකු හැටියට සේවය කරන්න යන්නේ නැහැ කියන එක. ඒ වෙනස තේරුම් ගන්න. (නි)
ජනහිත, උසස් පෙළ අසමත් එ්ත් සල්ලි තියෙන මොළේ නැති අයට දොස්තර උපාධිය දීලා ලංකාවේ වෛද්‍ය උපාධිය හෑල්ලු කරන්න එපා. (නි)
ඉදිරියේදී සුසාන භූමි ප්‍රමාණයත් වැඩි කරන්න. (නි)
නුවන්, ඕනෑම විභාගයකට මුහුණදීලා ඉහළම ලකුණු අරගෙන වාර්තාවකුත් තියන්න ගන්න තිබුන ඔන්න අපේ "අප්පොච්චි" හිටියා නම්. (නි)
මුදල් බලයට ඕනෑම 8 සමත් නැති කෙනෙක් ලංකාවේ දේශපාලකයෙක් කරන්න පුළුවන්. ඒත් මුදල් බලයට වෛද්‍යවරයෙක් කරන්න බැහැ. එහෙම කරන්න ඉඩ දෙන්නත් එපා. (නි)
මම සිතන ආකාරයටත් තවකාලිකව සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමට කිසිම වලංගු සාධකයක් නැහැ. එමනිසා සිසුන් බඳවා ගැනීම නැවත්විය යුතු නැහැ. රෝහල්වල සිටින රෝගීන් වෛද්‍ය සංගමයේ පුද්ගලික දේපලක් නොවන බැවින්, මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දියයුතුයි. (නි)
පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවිය යුතුයි. රජයේ සහ පෞද්ගලික වෛද්‍ය සිසුන් එකම රජයේ විභාගයකට පෙනීසිටිය යුතුයි. (නි)
තමන්ගේ දරුවා වෙනුවෙන් රටේම දරුවන්ගේ සෞඛ්‍යය මිලේච්ඡ විදිහට උදුරගන්න දඟලන බමුණුසිංහට පුත්තලම් බූරුවො කීපදෙනෙක්ගේම වයස වගේම අදහසුත් ඒ විදිහටම පිහිටලා තියෙනවා. තිලංග කියන්නේ නම් පාසල් යන දරුවෙක්ද කොහෙද. තවම එයා දන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයෙදී අභියාචනාධිකරණ තීන්දුවක් අධියෝගයට ලක්කිරීමේ අයිතියක් තියෙනවා කියලා. එනිසා මේ වගේ චණ්ඩිපාර්ට් අපිටනම් පෙනෙන්නේ මෝඩපාර්ට් විදිහට මිසක් සමහරුන්ට වගේ වීරකම් වගේ නෙමෙයි. (නි)
සයිටම් වෛද්‍ය විද්‍යාලයයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාණෙනි, ඔබ ආයතනයේ උසස් පෙල කලා හා වාණිජ විෂයන් හැදෑරූ සිසුන් හා උසස් පෙල අසමත් සිසුන් සිටින බවට තිබෙන චෝදනාව නිශ්ප්‍රභා කිරීමට කටයුතු කරන්න. මේ චෝදනාවන්හි පදනමක් තිබෙනවා කියා මම සිතන්නේ නැහැ. කවුරුහරි එලෙස චෝදනා කරනවා නම්, අනුමාන වශයෙන් හෝ නම් සඳහන් කරන්න. අවහලාගේ පුතා දුව ලෙස හෝ ඉදිරිපත් කරන්න. එවිට සත්‍යය වැටහේවි. (නි)
මම අවුරුදු 15ක් සුදුසුකම් සහිත ඉංජිනේරුවෙක් විදිහට මැදපෙරදිග සේවය කරනවා. ලාසිගේ අදහස පිළිගන්න බැහැ. හේතුව ලංකාවෙන් පැමිණ ඉංජිනේරුවන් කියා කියාගන්න සියුලු දෙනා සුදුසුකම්ලත් ඉංජිනේරුවන් නොවේ. ඒ වගේ අයට නිසි වැටුපක් හෝ ඇගයීමක් ලැබෙන්නේ නැහැ. නමුත් සුදුසුකම් තියෙන ලංකාවේ ඉංජිනේරුවන්ට තියෙන පිළිගැනීම තවමත් හොඳ තත්වයක පවතිනවා. (නි)
අධිකරණය තීන්දුවක් දී තිබෙන නිසා නෙවිල් ප්‍රනාන්දුගේ කතාව සාධාරණය. මාස 6 සිසුන් බඳවා නොගන්නේ මොන පදනමක් යටතේද? මාස 6 පසු සිසුන් බඳවා ගැනීමට වෛද්‍ය සභාව එකඟද? අනිත් එක මේවා මහින්ද මහතාගේ කාලේ ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගහලා මිලියන 600 ක අඩු පොලියට ණය ආධාර දීලා පාර්ලිමේන්තු පනත් මඟින් සම්මත කරගෙන උසස් අධ්‍යාපන අමත්‍යංශයේ අනුමැතිය ඇතුව පටන් ගත්ත ආයතන. සභාවට තිබුනනේ ඒ දවස්වල මේකට විරෝධතා පවත්වලා පාරවල් වහන්න (නි)
අන්න එහෙම තමයි ඉන්න ඕනෑ මහත්තයෝ. රටක නීතියක් කියලා දෙයක් තියනවා. එ්ක මාෆියාවට වඩා ගොඩක් ඉහළින් බව හැමෝටම පිළිගන්න සිදුවෙනවා. අනික බල්ලෝ බුරන ගානේ කඳු කඩා වැටුනා නම්, මේ වෙද්දී කඳු විනාශ වෙලා බල්ලෝ විතරක් ඉතිරිවෙන්න ඕනෑනේ. එ්ත් කඳු නිරුපද්දිතව තවමත් එලෙසම තියනවා. බල්ලෝ හඳ දවසට වැඩිපුර ටිකක් බුරනවා. ඕක ඉතින් අපිට ගානක් නැහැ. බලු කරදරේ අපිට අමුතු දෙයක් නෙමේනේ. (නි)
ඒ කියන්නේ දැනටමත් මේ ශිෂ්‍යයන්ට රජයේ සායනික පුහුණුව දීලා. එහෙනම් මොකටද ආයෙත්? ආණ්ඩුව වෛද්‍ය සංගමේ ඉස්සරහා දණ ගහන්න යන බවයි පෙනෙන්නේ. උසාවි නියෝගය ගැන කතාවක්වත් නැහැ. 'කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්?' (නි)
අනේ සංජු, 89 කාලේදී ඉපදිලා නැතුව ඇති නේද? මහින්දගේ කාලේ ලොකු සීන් දාලා වෙන්න ඇති දෙයියෝ නොදන්නා දේවල් වෙන්නේ. 98දි කාලෙදි වුණ දේවල් ගැන මොකද කියන්නේ. දන්නේ නැත්නම් ඔය රතු අලියෙක්ගෙන්වත් අහන්න. (නි)
මෙතන කවුරුත් මතුනොකළ සැඟවුන භයානකකම තමයි සයිටම් හොර උපාධිකඩේ පිළිගත්තොත් ඒ හරහා පිටරටවල තියෙන තවත් හොර උපාධිකඩ සඳහා මාර්ගය විවෘතවීම. ඒ එන උපාධිකඩකාරයෝ වැඩි පඩියකට රජයේ විශ්ව විද්‍යාලවල උගන්වන ආචාර්ය, මහාචාර්යවරු ටික බිලිබා ගත්තම ඒවා ඉබේම වැසීයන තත්වයට පත්වෙනවා. නිදහස් අධ්‍යාපනයට සිදුවන මූලික බලපෑම මෙයයි. රටේ සෞඛ්‍යය තත්වය පිරිහීම, සමානාත්මතාවය නැතිවීම වගේ ඒවා ඇත්තෙන්ම අතුරු ප්‍රතිඵල. (නි)
ලංකාවේ සමස්ත ප්‍රතිශතයෙන් බැලුවම එක දරුවෙකුට ලක්ෂ 120 වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ඉන්නේ 10,000ට එක්කෙනෙක් වගේ. බමුණුසිංහ කතා කරන්නේ ඒ එක්කෙනා ගැන. එ්ත් මම කතා කරන්නේ 9999 අසරණ දුප්පත් දරුවන් වෙනුවෙන්. (නි)
"අප්පොච්චි" හිටියා නම් මාලබේ සයිටම් වෙද කඩෙත් පිළිඅරන් එ්කෙන් පිටවෙන දොස්තරලත් රජයේ රෝහල් වලට අරගෙන අසරණ රෝගීන් විශාල සංඛ්‍යාවක් අමාරුවෙ දාලත් ඉවරයි. (නි)
මෙයත් චණ්ඩියෙක් වගේ. (නි)
ලංකාවේ ජනගහණය වැඩිවීම වැළැක්වීමට හොඳම ප්රතිකර්මය සල්ලි වලට දොස්තරලා වෙන සිසුවන් වැඩි වැඩියෙන් සේවයට බඳවා ගැනීම තමයි. ලෙඩ්ඩු මැරුණත් බඩ සුද්ද වෙලා තමා වෙදකම!!! (නි)
සල්ලි වලට කෑදර ජරා පප්පෙක් (ම)
මහත්තයෝ, අපේ රටේ අයට හොඳ අධ්‍යාපන ක්‍රම වලින් වැඩක් නැහැ. හරක් ටිකක් පාරට දක්කන ක්‍රමවේදයක් අනුගමනය කරන්න. වැඩේ ගොඩ. (නි)
කාගේ හයියක් අරන්ද හැසිරෙන්නේ කියලා අහනවා. වැඩේ හරියට කරන නිසාත් මෙයට විරුද්ධවන්නේ කුහකයින් බව දන්නා නිසාත් තමන්ගේ හයියෙන් කතා කරනවා. තමන් හරි නම් කාට බයවෙන්නද? මාස 6 නවත්වන්න ඕනෑ නම් ගුරුවරුන්ගේ වැටුප් සහ පවත්වාගෙන යාමේ වියදම් රජයට ගෙවන්න කියන්න. කුහකයින්ට උද්ඝෝෂණය කරනවා හැරෙන්නට වෙන කිසිවක් කරන්න බැරිවෙලා තිබෙන්නේ ඔවුන් වැරදි නිසයි. (නි)
මා හිතන හැටියට ඔය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුත් රජයේ මුදලින් රජයේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගත් එක්කෙනෙක් වෙන්න ඕනෑ. මෙතන තියන අරගලය මුදලට ඉගෙනීම විකිණීමට යාම බව හොඳටම පේනවා. ඊළඟට වෙන්නේ ඉගෙනගන්න වියදම් කරපු සල්ලී හොයන්න ඔය දොස්තරලා රටේ ජනතාව සුරාකන්න පටන් ගන්නවා. දැනටමත් මහ ජනතාව අසීරු ජිවිතයක් ගතකරන එකේ, එවිට කුමක් වේවිද කියන්න බැහැ. දැන් බළලා මල්ලෙන් එළියට පැනලා නිසා රජය මේ ප්‍රශ්නයට විසඳුමක් දිය යුතුයි. (නි)
මෙයා මහරජ්ජුරුවෝ වගේනේ කතාව. මොන නීතිය දැම්මත් තමන් කරන දේවල් වෙනස් කරන්න බැහැ කියලනේ මේ කියන්නේ. මොන කමිටුව කිවුවත් මෙයා මෙල්ල වෙන්නේ නැහැ වගේ. (නි)