IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිස්ටයින් දෙව් මැදුරෙන් සුදු දුම් පිටවේ

ඉතාලි වේලාවෙන් පස්වරු 7.06ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.36ට) සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුම් පිටවූ බව වතිකාන ආරංචි කියයි.

සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් කළු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර නොගත් බවටත්, සුදු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර ගත් බවටත්   සංඥාවක් ලැබෙයි.

රෝමයේ බැසිලිකා දේවස්ථානයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් ද, දහස් ගණනක් මාධ්‍යවේදීහුද රැස්ව සිටිති.

අද දහවල් 12ට සිස්ටයින් දෙව්මැදුරෙන් කළුදුම පිට විය.

එසේ වූයේ කාදිනල්වරුන් දෙවරක් ඡන්දය දීමෙන් පසුවය.

රෝමයේ සිස්ටයින් දෙව්මැදුරට රැස්ව සිටින කාදිනල්වරුන්  ඉතාලි වේලාවෙන් රාත්‍රී හතට ( ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.30ට) තවත් ඡන්ද විමසීමක් පැවැත් වීමට නියමිතව තිබිනි.

තෝරා පත් කර ගත් නව පාප්වහන්සේ තව මිනිත්තු කිහිපයකින් වතිකානුවේ රැස්ව සිටින ලක්ෂ ගණනක් ජනතාව ඇමැතීමට නියමිතය.



අදහස් (0)

සිස්ටයින් දෙව් මැදුරෙන් සුදු දුම් පිටවේ

නිරෝ Thursday, 14 March 2013 10:20 AM

විශ්වාස කරන්නේ කොහොමද ? (ස)

:       0       0

සුධීන් Thursday, 14 March 2013 10:54 AM

ඔබ අසතුටු වන්නේ නම් කරුණාකර අදහස් දැක්වීමෙන් වැළකී නිශ්ශබ්දව සිටින්න. (නි)

:       0       0

ප්‍රදීපා Thursday, 14 March 2013 12:12 AM

කවුරු වුවත් නව පාප් වහන්සේ අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. (නි)

:       0       0

රම්සි Thursday, 14 March 2013 10:09 PM

හේමසර හිමි ‘‘සාමය රජයන ලෝකයක් බිහිකිරීමට නව පාප්තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! ‘‘ එතුමා කොහොමද ඒක කරන්නේ.. මෙතෙක් හිටපු හැම පාප්තුමාම ඕක කරන්න උත්සාහ කළා.. ඒත් යුද්ධ වැඩිඋනා මිස අඩු උනේ නම් නැහැ..!(නු)

:       0       0

අනුරාධ Thursday, 14 March 2013 12:36 AM

වාසනාවන්! අපේ පියතුමා පත්වේවා! (නි)

:       0       0

ඉෂාන් Thursday, 14 March 2013 12:38 AM

හරිනේ ඉතින් එහෙනම්... (නි)

:       0       0

ගුණදාස Thursday, 14 March 2013 12:43 AM

මේ මොනවා සිදුවුණත් නැති බැරි අපි සැමදා දුකේ තමයි. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 14 March 2013 12:50 AM

ජෝජ් මාරියෝ බෙර්ජෝලියෝ ආජන්ටිනාවේ අගරදගුරුතුමා, අපේ නව පාප්වහන්සේ... (නි)

:       0       0

පිටිගල Thursday, 14 March 2013 03:16 AM

ගියපාර පාප්තුමාට කළු දුම හතර පාරක් ගැහුවා. මේ පාර පාප්තුමාට ගැහුවේ දෙපාරයි. ඒ කියන්නේ අකමැති කට්ටිය අඩුයි. (නි)

:       0       0

කොස්වත්ත Thursday, 14 March 2013 04:26 AM

නිවැරදි ‍තොරතුරු එසැණින් ලබාදෙන ලංකාදීපයට තුති! (නි)

:       0       0

සුනිල් Thursday, 14 March 2013 06:09 AM

අපේ ජේසුස් උතුමාණන් වහන්සේ අසරණයින් වෙනුවෙන් දහදුක් වින්දා... (නි)

:       0       0

හේමසර හිමි Thursday, 14 March 2013 06:24 AM

සාමය රජයන ලෝකයක් බිහිකිරීමට නව පාප්තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!

:       0       0

අමිල කටුනායක Thursday, 14 March 2013 06:58 AM

නව යුගයක ආරම්භයක්. (නි)

:       0       0

වරුණ Thursday, 14 March 2013 07:28 AM

එතකොට ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැ කියන කතාව මෙතනදි බොරු වෙනවා නේද? (නි)

:       0       0

ඔෂධ Thursday, 14 March 2013 08:28 AM

මට නම් මේ දේවල් වලින් ඵලක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site