(අංජුල මහික වීරරත්න)
රට ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ වන විට ජනාධිපතිවරයා සිස්ටම් චේන්ජ් කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවද රණතුංග මහතා කීය.
ආණ්ඩුව කිසිසේත් මැතිවරණ කල් දැමීමට කටයුතු කරන්නේ නැතැයි පැවසූ ප්‍රසන්න රණතුංග මහතා නියමිත දිනට මැතිවරණ පැවැත්වීමට ප්‍රතිපාදන වෙන්කර ඇතැයිද කීවේය.
ඔන්ලයින් පනත මෙරටට අත්‍යවශ්‍ය බවත් නීති විරෝධී ක්‍රියා සිදුකරන, වෛරය වපුරන පුද්ගලයින්ට ඉන් ගැලවිය නොහැකි බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීය.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සදහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද(16) පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර තමයි...
ඔහොම යං බණ්ඩාරේ... මැතිවරණයෙන් පස්සේ ඔහෙලා සේරම ගෙදර. තව ටික දවසයි.
සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන් මහජනතාවට. ඒක ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. රනිල්ට පුළුවන් දූෂිත දේශපාලුවන් රකින එක තමයි...
2015 දී රනිල් හොඳට සිස්ටම් චේන්ජ් කළ නිසා තමයි 2019දී හොරු රංචුවක් එක්ක බලයට ආවේ. ලෑස්තිවෙලා ඉන්න කට්ටියම වැලිකඩ යන්න...
ඔය මොකක් තිබුණත්, පරමාධිපත්‍යය ජනතාවට බවට ව්‍යවස්ථාවේ තිබෙන බව කවුරුත් මතක තියා ගත්තොත් හොඳයි..
ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එක පටන්ගන්නේ... හොරු, පගාකාරයෝ, කප්පම්කාරයෝ, මිනීමරුවෝ, කුඩු කාරයෝ ඔක්කෝම හිරගෙට යවලා කියලා අමතකද? අවුරුද්ද අන්තිමට කලින් ජම්පර් දෙක තුනක් මහගෙන බලාගෙන ඉන්න. වෙලාවට වැඩ සෙට්වෙයි. බන්ධනාගාරයේ බස් එක ගෙදරටම ඇවිල්ලා තමන්ව පටවා ගන්නකම්.. බබා වගේ ඉන්නකෝ... වතුර රත්වෙනකොටත් කකුළුවා දියකෙලිනවාලු...!
කප්පම් නවත්තමු...
රනිල්ට පුළුවන් දේ අපි දන්නවා. ඒකට කියන්නෙ සිස්ටම් චෙන්ජ්ද? අපි නම් කියන්නේ වෙන එකක්...
අහෝ අර්ජුන, නොදිටි මොක්පුර...
බලේ නොමැතිවුණ ගමන් කප්පන් ගැනීම සහ අනෙකුත් වැරැදි නැවත කරලියට ඇවිත් ඔහුට ඇතුළට යන්න වෙන බව දැනගෙන උණ විකාරෙන් වගේ දොඩවනවා. රනිල් ඔය කියන තරම් හොඳ නම් 2019 බැංකු හොර කිය කියා උඩ පැන්නේ මොකද? රටේ ජනතාවගෙන් 90% ඉන්නේ රනිල් විරෝධිපිලේ...
හරකා හැරෙන්නේ මොන පැත්තටද කියා අපට හිතාගත හැකියි.
රටේ ජනතාව ඉල්ලන්න සිස්ටම් චේන්ජ් කප්පම්කාරයින්, දූශිතයින්ව ඇමැති මණ්ඩලයට ඇතුළත් කරන එක හෝ සංස්ථා ආයතන වලට දූෂිතයින් පත් කිරීම හෝ තානාපති, මහ කොමසාරිස් තනතුරුවලට දූෂිතයින් පත් කිරීම නොවේ. සැබෑ සිස්ටම් චේන්ජ් එක කළ හැක්කේ මාලිමාව රජයකින් පමණයි.
ඇයි මෙයාව ඉක්මණින් ඇතුළට දාන්නේ නැත්තේ...!
කප්පම්කාරයොත් එක්ක කරන සිස්ටම් චේන්ජ්... පිස්සු තදවෙලාද කොහේද?