අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මින් මද වේලාවකට පෙර කොටුවේදී අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනපාලගේ කියමනේ ලොකු ඇත්තක් තියෙනවා. ඔය 80 ගණන් වල අග භාගයේ විශ්ව විද්‍යාලයෙ මහ කෙරුමො වගේ කෑගහගෙන හිටපු අයගේ විප්ලවීය ජීව ගුණේ කියන එක අද එයාලා ගාව තියෙනවා කියලද හිතන්නේ? බැරි වෙලාවත් එහෙම කෙනෙක්ව හමුවුණ වෙලාවක ඇහුවොත්, බක බක ගාල හිනාවෙලා කියාවි ඒවා ඒ කාලෙ කරපු මෝඩ වැඩ කියලා. ඒ නිසා අද විශ්ව විද්‍යාලයෙ විප්ලව කරන අයගේ අනාගත කාලයත් ඒකම තමයි. මිනිස්සුන්ට ඕක ඉවෙන් වගේ දැනෙනවා. අන්න ඒකයි මේගොල්ලන්ගේ පක්ෂවල ඡන්ද පදනම නැගල යන්නෙ නැත්තේ. (නි)
සනත් සමග මමත් එකගයි (නි)
නිර්මලා දුවේ බුද්දිමත්ව සිතා බලා කටයුතු කරන්න. ඔය වයසට ඔහොම තමයි. එත් degree එක ගත්තට පස්සෙ ඔය ඔක්කොම අමතකයි. ඔයාට දැම්ම කරුනු කරණා තෙරෙන්නෙ නෑ. පස්සෙ කලෙක හිතල බලන්න .... ඔය සනත් අයියා කියන කතාව සම්පූර්ණ ඇත්ත..(ස)
සනත් මහත්තයා, මම ඔයාගේ අදහසට දෙයක් එකතු කරන්නම්, හේතුව අනිත් හුගක් අය උඩ බාලාගෙන කෙළ ගහගත්තු අය නිසා. සාධාරණය වෙනුවෙන් ළමයින්ට ඉගෙන ගන්න ඔයාලා කීවට ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා නෑ. එය ඉන්න එන්නම පිරිහෙනවා. එතන තියන අඩු පාඩු කැම්පස් හිටියත් මම හිතන්නේ ඔයා දන්නේ නැතිව ඇති. අඩුම ගානේ හිටපු උපකුලපතිගේ නමවත් දන්නේ නැති අයත් අතරින් පතර ඉන්නවා. ඔයා කියන්න ද.ජා. නිශ්පාදනයෙන් 6% අධ්‍යාපනයට වෙන් කරන්න කියලා ඉල්ලන එක අසාධාරණද. 2005 දී මේක 3.6% දැන් 1.8% තත්වය මේකයි. දිනෙන් දින මේක කප්පාදුව.කුඩු, චන්ඩි, මැර පුතාලා මිනිසුන්ට ට පහර දීලා නිදොස් වෙනවා. අල්ලස්, වංචා සහ දූෂණ කරන අය උපායශීලීව නිදොස් වෙනවා, අපේ ළමයි ඉගෙන ගන්න අයිතිය ඉල්ලලා රිමාන්ඩ් වෙනවා. මේකද අනාගත පරපුරට දෙන රටේ පුර්වාදර්ශය. තරාතිරම අනුව කේවල් නොවී හැමෝටම ඉගෙන ගන්න කන්නංගර මහත්තයා ලබා දුන්න අවස්ථාව ඉදිරි පරම්පරාවට නොලැබිය යුතුද. Z අවුල නිසා අන්තිමට ළමයි පාරට බැහැලා, උසාවි ගිහිල්ලා ඒ වැරැද්ද නිවැරැදි කරලා ළමයි වැඩිනේ ගනිද්දී කවුරුවත් කීවේ නෑ අපේ ළමයා ඉගෙන ගන්න ඕන නෑ කියලා. ඒ අරගල වලට එකතු නොවුන ළමයිනුත් තේරුනා.(ස)
ශිෂ්‍ය නායකයෝ අත් අඩංගුවට අරගෙන ප්‍රශ්න විසදන්න උත්සාහ කරන අය දන්නේ නැහැ ඒක ප්‍රශ්නය වැඩිකිරීමක් කියල. රටේ අපරාධ කාරයෝ වන්චනිකයෝ හැමතැනම. ඒ අයට මොකුත් කරන්නේ නැහැ. හැබැයි ඉල්ලීමක් වෙනුවෙන් කතා කරන මිනිහ තමයි අත් අඩංගුවට ගන්නේ. මෙහෙමත් රටක්!!!(ස)
අපේ රටේ හැමදාමත් වගේ වෙන්නේ මෙහෙම දේවල තමයි (නි)
සනත්, රුවන්, ඔබ දෙපළ හරියටම හරි. මීට පෙර අන්තරේ හිටි කැඳවුම් කරුවන් අද කොහේද කියලා හොයලා බලන්න නිර්මලා දුව. මේ අය පවතින්නේ ප්‍රශ්න ගොඩ ගැහුනොත්. කොච්චර කෑ ගැහුවත් හිත යටින් ප්‍රශ්න වැඩි වෙනවට කැමතියි. සරසවි ආචාර්ය ප්‍රශ්නය පිටිපස්සෙත් ඔය වඳවෙන කණ්ඩායමේ පිරිස් ඉන්නවා. ඉතින් එකඟතාවකට එන්න හදනකොටම අර පොරවල් පැනලා නැවත බොර කරනවා ඒ අයගේ පැවැත්ම වෙනුවෙන්. හැබැයි දැන් බොහෝ දෙනා දන්නවා මේ මිනිස්සු කරන්නේ දේශපාලන උගුල් ඇටවිලි බව. ඒ නිසාම හැම ඡන්දයකදිම ටික ටික පල්ලම් බහිනවා. මේ කඩාකප්පල්කාරීන් වඳ වෙලාම තමයි යන්න ඕනෑ. කරැණාකරලා දෙමාපියන් වෙනුවෙන් ඉංග්‍රීසි පොතක් හරි කියවලා විශ්ව විද්‍යාල අරිනතුරු ඉගෙන ගන්න. (නි)
87-90 කාලේ ක්‍රියාකාරීන්ගෙන් අද ඉතුරුවෙලා ඉන්නේ කීයෙන් කීදෙනාද? (නි)
මේක ඇත්ත කතාවක්. මම ගියේ ලංකවේ හොඳම පාසලකට. 89 ජේවිපි කලබල කාලේ කොළඹ විශ්ව විද්‍යාලයෙ අයියලා ආවා අපිවත් පාරට බස්සන්න. එතන හිටපු ප්‍රසිද්ධ ශිෂ්‍ය නායකයෙක් මගේ නෑදෑයෙක්. එදානම් කතාකළේ නිදහස් අධ්‍යාපනය, අරක මේක. පස්සේ මිනිහා හොඳට පාස් අවුට් වෙලා වැඩකළේ කොළඹ හොඳම අන්තර්ජාතික පාසලක. ඕක තමා ඇත්ත තත්ත්වය. තාමත් මම ඕකට මිනිහට විහිළු කරනවා. මිනිහා දැන් මටත් වඩා ධනවාදියෙක්. අන්තිමේදි පැරදුනේ මිනිහා වටේ ඉඳන් විභාග ඇන ගත්ත අගසවුලා. ඔය ජේවිපි කියන්නෙ එක්තරා කොටසකට ඇඟේ අමාරුවට තියන 'එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටි' එකක් පමණයි. විශ්ව විද්‍යාලයෙන් පස්සේ ඕක කරන එකෙක් ඉන්නවනම්, ඒ අයගේ බලාපොරොත්තුව ඇමති කෙනෙක් වෙන්න. (නි)
ඒ කාලේ වර්ජන කරන සිසු සිසුවියෝ පහුකාලෙක දොස්තරලා, ඉන්ජිනේරුවෝ (නි)
හැමෝම මෙයාව ජ්විපෙට ගාවලා මෙයාට බැණ බැණ සතුටු වෙනවා නේද ? ඒත් මෙයා ජවිපේ ඉල්ලීම් ඉල්ලලා කෑගහලා නෙමේ නේද මෙයාව ඇතුළට දැම්මේ? ඔය දැන් සතුටු වෙන අයගේ දරුවන්ගේත් , මේ රටේ අනාගත දරුවන්ගේත් මතු අධ්‍යාපනය සුරක්ෂිත කරන්න කියලා නේද මේ රටේ මේ දරුවෝ කැගහන්නේ, සටන් කරන්නේ. එහෙම කරන්නේ ඒ වෙනුවෙන් සටන් කරන්නේ නැතුව විසදගන්න බැරි හින්දා.නැතුව වෙන අමාරුවකට නෙමෙයි. (නි)
සනත්, ඔයා හරියටම හරි (නි)
ඔයාලාගේ නිවැරැදි දැකීම පාවිච්චි කරලා මගේ ඉහත අදහසින් අහපු අන්තිම ප්‍රශ්නයට උත්තරයක් දෙනකෝ. “කිසිම තරාතිරමක් නැතුව හැමෝටම අධ්‍යාපනය ලබාගත හැකි තව ක්‍රමයක් ඉතිරිවෙලා තියෙනවා නම්. මේ අපි විදින්නේ අපේ පවු නෙමෙයි, රටේ පවු.“ අපි කාගෙවත් පක්ෂ ගොඩ නගනවා නොවේ. අපිට ඉගෙන ගන්න කිවාට එකට සුදුසු පරිසරයක් මෙහෙ නිර්මාණය වෙලා නෑ. එක එක ආකාරයේ ප්‍රශ්න. ධනපාල මහත්තයාගේ කාලේ අධ්‍යාපනයට වෙන් කරපු ප්‍රමාණයවත් අද අධ්‍යාපනයට වෙන් කරන්නේ නෑ. සල්ලි තියෙන අය හොද පහසුකම් වලින් ප්‍රයිවෙට් කැම්පස් යයි. රට යයි. එත් අපි වගේම දුප්පත් ළමයි තව දහස් ගණනක් නිදහස් අධ්‍යාපනය දිහා බලාගෙන ඉන්නවා. එදා සුද්දට එරෙහිව රටේ අරගල කරනකොටත් එක විවේචනය කරපු අය බොහෝ ඉන්නවා. සුද්දට කත් ඇදපු අයත් ඉන්නවා. මේ 89 ධවල පර්‍තිකාව නොවේ 2012 නිදහස් අධ්‍යාපනයේ මර්ධනයයි. අද කැම්පස් ඇතුලට දේශපාලනය රිංගවලා මර්ධනය දියත් කරන්න හදන්නේ කවුද කියලා අපි දන්නවා. (ස)
එයාලා කරන වැඩේ හරි වැරැද්ද දේශපාලන අන්ධ භක්තිකයන්ට පෙනෙන්නේ නැහැ. ඔයාලගේ එක්කෙනෙක්ටත් අසාධාරණයක් වෙච්ච දවසකටවත් තේරෙයි මේ සමාජක්‍රමය වැරදියි කියලා. (නි)
ධනපාල මහතාගේ කතාවට මම 100% එකගයි. අපිත් පරිප්පු කාලා ඉන්නෙ. ඔය අන්තරේ කට්ටිය කැට හොල්ලලා දුප්පත් එදා වේල කන්න නැති අම්මලා තාත්තලාගේ සල්ලි එකතු කරලා කරන දේ දන්නවද? කෝ ඒවගේ අය වැය කවුරුත් දැකල තියෙනවද? කියන්න බලන්න නිර්මලා නංගිම. (නි)
අධ්‍යාපනය දියුණු වේවා
ඔන්න කොලා වැඩේ
ඇත්තටම මම නම් කැම්පස් ගිහින් නැහැ. දේශපාලනේ කරලත් නැහැ. ඒත් එක දෙයක් දන්නවා. මිනිහෙක් නිකං ඉන්න බැරිකමට කෑ ගහන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්ණයක් තියෙන නිසා තමයි කෑ ගහන්නේ. අද ටියුෂන් නොයා කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන්ද? මට පේන විදිහට නම් බැහැ. හෙට ඒ දේ කැම්පස් වලටත් වෙයි. ගොඩාක් දුප්පත් නැති බැරි මිනිස්සු ඉන්නවා. එයාලගේ ළමයිනුත් ඉගෙන ගන්න ඕනෑ. අද වෙනකොට මම ඉගෙනගෙන තියෙන දුර සල්ලි දීලාම ඉගෙන ගන්න ගියා නම් කීයටවත් මට කරන්න බැරි බව හොඳටම දන්නවා. නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත අකුරු වලින්ම නිදහස් අධ්‍යාපනය වල පල්ලට යවන්න කොටන මිනිස්සුන්ට හොඳක් සිද්ධවෙයි කියලා හිතන්න බැහැ. (නි)
ජයවේවා
නිර්මලා, ලුම්බිණි, සපුමල්, ජයන්ත, ඔයාලා දකින දේ අපේ බොහෝ දෙනෙක් දකින්නේ නැහැ. අඩුම තරමේ පසුගිය පත්තරවල ගියපු කාටූනයක්වත් බලලා නැහැ. මේක ලොකු ඛේදවාචකයක්, මේ තරම් රටේ දැණුම තියෙන දෙමාපියන් පිරිසක් සිටිනවානම් ඇයි අපි පාරට වැටුනේ. මම දැකලා තියෙවා කැම්පස්වල ප්‍රශ්නවලට අරගල කරන අය ජෙප්පෝ කියලා අර්තකතන කරන ටී.වී. සහ රේඩියෝ වැඩසටහන්, එතකොට කුඩු ගහන, මැර වැඩ කරන, හොරකම් කරන රටටම පිළිලයක් වුණ දරුවන් නියොජනය කරන්නේ කවුද? රට බේරා ගත් වීරයෝ ගුටි කනවා නැතිනම් හිරබත් කනවා, හිටපු ත්‍රස්තවාදීන් ලොකු පුටු වලට එනවා එහෙත්, ඉගෙන ගන්න පහසුකම් නැති කරලා අධ්‍යාපනය වෙන්දේසි කරනකොට එක වළක්වන්න හදන අපි රටට දේශ ද්‍රෝහියන් වෙනවා, අපි ගෙදර ගෙනියන්න ධනය රැස් කරනවා නොවේ. මේ රටේ අනාගතේ තවත් බුද්ධිමත් සහෝදර පිරිසක් බිහි වෙන්න අවස්තාව හදලා දෙන්න උස්සාහ කරනවා. අඩුම තරමේ අපි විදින දුකවත් උන් නොවිදිය යුතුයි. හරි වැරැද්ද තේරුම් ගන්න බැරි අපේ බුද්ධිමත් කියාගන්නා සමහර පිරිස් අපිට උඩ පැන පැන තලනවා. එයයි මෙතන තියෙන ලොකුම ඛේදවාචකය. (නි)
ජයවේවා
රුවන් අයියා, ඔයා හොලවපු කැටේ සල්ලි වලටනම් මොකද වුණේ කියලා දන්නේ නැහැ. ඒක ඔයා දන්නවා ඇති. නමුත් අපි සමග කැපවීමෙන් එකමුතුව වැඩ කරන ශිෂ්‍ය සහෝදර සහෝදරියන් අන්තරේ ඇතුළේ වෙන්නේ මොනවාද කියලා දන්නවා. ඔයා ඔය කතාව ඔයා හිටියා කියන කැම්පස් එක ළගට ගිහින් කිවුවා නම් ඔයාට තේරෙයි. එතකොට තේරෙයි හැමෝම එකා වගේ නෙමේ ද ඉන්නේ කියලා. (නි)
අනේ මෙහෙමත් උගත්තු? (නි)
ඒකතමයි අපි බැලුවේ මොකද සද්ද නැත්තේ කියලා. (නි)
හෙට ඒකටත් උද්ඝෝෂණයක්...(ස)
නිර්භීත කොල්ලෙක්. (නි)
1) ශිෂ්‍යය මර්දනය ඉහළින්ම සිදුවන බව මෙයින් පෙනෙනවා. 2) නිදහස් අධ්‍යාපනය සිහිනයක් සේ බොද කරන්න උස්සාහ ගැනීමක්. 3) සිසුන් තුළින් ආචාර්ය මර්දනයත් (එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්) 4) අධ්‍යාපනය වාණිජ්‍යකරණය, පෞද්ගලීකරණය නැතහොත් ප්‍රතිව්‍යුගතකරණය නැවතත් ඇරඹිය හැකියි. කවුද පරදන්න හදන්නේ? අන්තරේ ද? රටේ අනාගතය බාරගන්න ඉන්න ළමුන් ද? (නි)
සරසවි නැතිවෙලා තියෙන්නේ මොවුන් වැනි අය නිසා තමයි (නි)
කාලෙකට පස්සේ සතුටු හිතෙන පුවතක් අහන්න ලැබුණා. (නි)
දැන්වත් අපිට නිදහසේ අධ්‍යාපනය කරන්න පුලුවන්. මෙයා විශ්ව විද්‍යාලවලට මහා කරදරයක් ඇතුළෙම තියන්න. (නි)
ආ... අත්අඩංගුවට ගත්තද? එහෙනම් දැන් නහය විදලා නාස් ලනුව දාන්න. (නි)
පාරට වැටිලා ඉන්නේ අපි, ප්‍රශ්ණ තියෙන්නේ අපිට, දුක් විදින්නේ අපි, අපිට පක්ෂ නැහැ, පාට නැහැ. අපි විදින දුක අනාගතේටත් සංප්‍රේෂණය වෙන්න නොදී වළක්වා ගන්න හදන අපිට වෙන්නේ මේකයි. හුගදෙනෙක් දැන් හුරේ දායි. හැබැයි ඒ එක්කෙනෙක්වත් අපේ ප්‍රශ්නය ගැන දන්නේ නැහැ. මේවායේ සහ ෆේස් බුක්වල ප්‍රතිචාර පෙරහැරවල් දායි, අපිට බැණලා. හැබැයි ඒ කවුරුවත් පාරට බැහැලා මොකක්ද මේ වෙන්නේ කියලාවත් බලන්නේ නැහැ. හොයන්නේත් නැහැ. එයාලාට මාර බුද්ධියක් තියෙනවා හොයන්නේ බලන්නේ නැතිව අදහස් දෙන්න. අපිත් ආසයි තව මාස 2-3කින් හරි උපාධි අරන් ගෙදරයන්න. නැතුව මේ ආසාවට දගලනවා නොවේ. ඔයාලා බුද්ධිමත් අයනම් කියලා දෙන්නකෝ කිසිම තරාතිරමක් නැතුව හැමෝටම අධ්‍යාපනය ලබාගත හැකි තව ක්‍රමයක් ඉතිරිවෙලා තියෙනවා නම්. මේ අපි විදින්නේ අපේ පවු නෙමෙයි, රටේ පවු. (නි)
හොද වැඩක්. (නි)
හොද ආරම්භයක්. (නි)
කෝ නීතිය? (නි)
අපිත් සරසවි ගියා තමයි. හැබැයි මේවාට සම්බන්ධ වුණේ නැහැ (නි)
කෙක්කෙන් බැරි නම් කොක්කෙන් කිවුවලු. (නි)
අනේ නිර්මලා දුවේ, මේ ඔයාලගේ වයසේ වැරැද්ද. තරුණ ආවේගය පටු දේශපාලකයන්ගේ කටගැස්මක් වෙලා. නිවැරදිව හිතන්න. මේ නිකන් ගත කරන කාලය මොනවා හරි වෘත්තීය පුහුණුවක් ලබන්න. ඉංග්‍රීසි, පරිගණක විශේෂයි. කාටවත් දොස් පවරන්නේ නැතිව තමන් දියුණු වෙන්න. එහෙම නැතිවුනොත් ඔයාලා අමාරුවෙන් උපාධියක් ගත්තත් රැකියා නැහැ. ඔයාලා විරැකියාවෙන් පෙළෙනතාක් කල් ජවිපෙ පැවැත්ම තහවුරු වෙනවා. මේ කියන්නේ අත්දැකීමෙන්. මමත් ඔය මිනිසුන්ට රැවටිලා ජීවිතය අදුරු කරගත්තා. හරිම අමාරුවෙන් ජීවිතය ගොඩනගා ගත්තේ. (නි)
දැන් ඉතිං අපේ කොල්ලෝ රවට්ටපු කාලේ ඉවරයි. (නි)
ජේ.වී.පි එකවත් නිර්මලා දියණියවත් නෙමෙයි වැරදි.(නදී)
මොළ ඇති දරුවෝ මේ ලොව අසරණ වෙන්නේ මොළ ගෙඩි නැති අයයි තැන කැන වැජඹෙන්නේ....(ස)
යමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉඳිකටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම් කුමට එරට අධිකරණය නිතිය සහ විනිසුරුවන් ගිනිගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන් කුමටද මට මහා විරුවෙකි දගගෙයි දැමු මේ පුතුන් කෝටි ගණන් බිහිවේවා මෙපුතුං වැනි තව පුතුන් පියතුම ලෙස මම ඉන්නම් එවං පුතුන් ලග උතුම් .(ස)
ඊයේ ටීවී එකේ ප්‍රවෘත්ති බැලුවද? මුලින්හ ගියේ මේ ප්‍රවෘත්තිය. ඊට පස්සේ ගියේ මුස්ලිම් මිනිස්සු ඇමෙරිකන් එම්බසි එක ළඟ උද්ඝෝෂණය කරන එක. පාරේ එක පැත්තක් වැහුවා කියලත් කිවුවා. ඒවා හොඳයි. (නි)