අධ්‍යාපන ගැටළුවලට විසඳුම් ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් කෙළේය.
ඔවුන් අරලියගහ මන්දිරය දෙසට යෑමට සූදානම් වූ අවස්ථාවේ ලෝක වෙළෙඳපොළ ඉදිරිපිට ඕල්කොට් මාවතේ මාර්ග බාධක යොදා පොලිසිය ඔවුන්ගේ ගමන නතර කළේය.
විරෝධතාකරුවන් මාර්ග බාධක පෙරළමින් ඉදිරියට ගමන් ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු තුනකින් ගන්න තිබුණු උපාධිය, අන්තරේට පින් සිද්ධ වෙන්න අවුරුදු පහකට පස්සේ ගත්තා. (නි)
මිනිසුන්ගේ භෞතික සංවර්ධනය පමණක් හැඩගසා හරියන්නේ නැති බව මින් පෙනෙනවා නේද? (නි)
මේ උගත්යැයි සම්මත පරම්පරාවද? (නි)
අපරාදේ මේ දරුවෝ නිකන් නාස්ති වෙනවා (නි)
නිදහස් අධ්‍යාපනය දිවි හිමියෙන් රැකගත යුතුයි. (නි)
'සටන් වැකි කියමින් ඉදිරියටම යන්න.යකඩ වැට පෙරළා ගෙනම ඉදිරියටම යන්න.කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කළත් ඉදිරියටම යන්න. වෙඩිතියනවා කීවත් නවතින්න එපා, ඉදිරියටම යන්න. බැරිවෙලාවත් වෙඩි තිබ්බොත් අපේ සටන පාවාදෙන්න එපා. පපුවට හෝ ඔළුවට වෙඩි වදිනතුරු ඉදිරියටම යන්න. ඊට පස්සේ ඉතිරි කොටස අපි බලාගන්නම්.' කියලා විරෝධතාකරුවන්ට උපදෙස් ලැබෙන්න ඇති. (නි)
ඉන්ද්‍රජිත් සහෝදරයා, උගත් නූගත් කෙසේ වෙතත් දිවා රාත්‍රී නොබලා මැදපෙරදිග ගිහින් කඹුරන මුදල් තමයි අද රටේ ප්‍රධාන ආදායම් මාර්ගය.එම මුදලින් සොච්චමක් හෝ අධ්‍යාපන කටයුතු වලටත් රජය යොදවනවත් ඇති.ඉතින් එහෙම නම් ඔබත් එම මුදල් වලට සාංඝික වෙලත් ඇති.එහෙවු එකේ හිතට ආ පළියට ලියන එක ඒ තරම් සදාචාර නැහැ නේද? (නි)
හැමෝටම පිස්සු. (නි)
නියමයි දමිත්. (නි)
අධ්‍යාපනයේ වටිනාකම අද කාලේ කිසිවෙකුත් හරිහැටි තේරුම් නොගෙන හැඩයි (නි)
මේ ඡායාරූප පැහැදිලි නැහැනේ. (නි)
ඇත්ත දමිත්. (නි)
පොලිසියත් ගහයි ඔය වගේ ඒවට නම්. (නි)
උසස් පෙළ කරනකම් දෙමාපියන් තම දරුවන් උදේ දවල් අමතර පන්ති වලට එක්කගෙන ගිහින් ,ගස් ගල් වලට පිටදී පන්ති අහවර වෙනකම් බලන් ඉඳලා කොහොම හරි විභාගය පාස් කරගන්න වෙර දරලා අවසානයේ විශ්ව විද්‍යාලයට ඇතුල් කරලා හුස්මක් ගන්නවා. දැන් ඉතින් අපි නිදහස් පිටිපස්සෙන් යන්න ඕනේ නැහැ කියලා. එත් එතරම් මහන්සි වෙලා විශ්ව විද්‍යාලයට ගිහින් මෙහෙම දේශපාලන වුවමනාවන්ට පාරට බැහැලා තමන් කරගන්න ආපු කාරණාව පසෙකට ලා තරුණ කාලයේ කාලකන්නි වෙන්න හදන මේ අසරණ දරුවන් ඔය විශ්ව විද්‍යාලය තුළ ඉන්න දේශපාලන බළල් හස්තයෙන් මුදවා ගන්න තවමත් බැරිවෙලා තියෙන්නේ අපේ අවාසනාවට. සිසු දරුවනී, මොන ගැටළු ආවත් ඔයාලා ඉගෙන ගන්න මහන්සි වෙන්න. ඔය උද්ගෝෂණ මෙහෙයවපු කට්ටිය හොඳින් ඉඳීවි. නමුත් ඔබ අකාලයේ කාලකන්නි වේවි. දෙමාපියන්ට පවු පුරවන්න එපා. කන්න බොන්න දීලා පාසල් යවලා දෙනෙත් පාදපු එකට කෙලෙහි ගුණ දක්වන්න. ඔබ සැමට නුවණ පහළ වේවා! (නි)
රටේ අධ්‍යාපනය බේරා ගත යුතුයි. (නි)
අපරාදේ මේ අහිංසක කෙල්ලෝ කොල්ලෝ නිකන් නාස්ති වෙන එක ගැනයි මට දුක. (නි)
නිකන් පිනට ඉගෙන ගන්ට දුන්නහම ඔහොම තමයි. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන කරන දේකුත් නැහැනේ. ඔක්කොම ඉන්නේ පිටරට. (නි)
ඉන්ද්‍රජිත්, ඔහේව මම දන්නවා නම් මරලම දානවා. අපි නිසා තමයි ඔහේලා ඔහොම ඉන්නේ. ඉගෙන ගත්තා නම් රටට වැඩක් කරනවා. (නි)
රටේ අධ්‍යාපනය නම් නැති කරලා ඉවරයි. (නි)
නියමයි දමිත් (නි)
අනේ දෙවියනේ, මේ දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ? (නි)
රටට කොඩි විනයක් වෙලා තියන්නේ නිදහස් විශ්ව විද්‍යාල අධ්‍යාපනයයි. උසස් පෙළින් පස්සේ පිනට උගන්වන එක නතර කරලා දාන්න ඕනෑ. ඕකට ගියාම ඔක්කොගෙම ඔලු ඉදිමෙනවා. ඉක්මනටම පෞද්ගලික විශ්ව විද්‍යාල පටන්ගන්න ඕනෑ. අපේ සපොර්ට් එක දෙනවා අපි. (නි)
කුරේ නාවලගේලා මේ ප්‍රශ්න හරිහැටි දකින්නේ නැහැ. රටේ අවාසනාව. (නි)
ඔය ගහන්නේ අපිට නෙමෙයි,අපේ අනාගතයට. (නි)
කනගාටුයි
අධ්‍යාපනය සම්බන්ධයෙන් දූරදර්ශීව සිතන නිලධාරීන් පත් කළ යුතුයි කියලා අපි ජනපතිතුමාට ආයාවනා කරනවා. (නි)
අපරාදේ කදුලු ගෑස් වලට වියදම් වෙන සල්ලි. (නි)
කට කහනවට..... ජන වරමකින් එව්වේ රට කරවන්න-දන ජනවරම දුන්නේ නෑ රට කන්න රටත් ජාතියත් ආගම රැකගන්න-දියසෙන් පුතුණි සිරිලක යළි උපදින්න සරා සිප් සයුර පිහිනා ගොඩ යන්න-විඩාබර දෙනෙත් කකියන වග දන්න මුල්ලක මකුළු දැල් බඳිනා පොත් ගොන්න-එන මාසයේ වත් හැකිවෙද යළි ගන්න සටනට අපට නැති හන්දා නෙක අවිය-ඇති අවි රැගෙන පෙන්වමු අප සතු සවිය තලා කටට දාගත්තා සේ ලොවිය-කැකෑරෙන නිසා ලිව්වා මේ කවිය නිදහස් ඉගෙනුමට වින කරනා යක්කු-තෙල් හිඳගන්න කදිමයි බැඳගෙන සෙක්කු නවතා බොහෝකල් අපි බොන එක කුක්කු-හිතුවද අපිත් කයි කියලා පුන්නක්කු (නි)
හැමදාම උද්ඝෝෂණ, වර්ජන. අනේ මන්දා මේවා කවදා ඉවර වෙයිද කියලා? (නි)
දිනූ විජිතය අහිමි කරන්නට වෙර දරන දේශපාලුවන්ට එරෙහි වූ සරසවි පුතුනි, නිදහස් ඉගෙනුමේ අරුණලු පෙනෙන තුරු අත නොහරින්න මේ සටන. ඔබට සදා ජය! (නි)
දමිත් ඔබ සුපිරි කවියෙක් ! කිසියම් දෙයක වටිනාකම දන්නේ එක්කෝ එයින් පලක් ලබපු, නැත්නම් එයින් පලක් ලැබීමේ අදහසක් වත් ඇති අයයි. අධ්‍යාපනයෙන් ගොඩ එන්න නොහැකි වුණ නිසා මැදපෙරදිග ගිහින් කඹුරන මහත්වරු කරුණාකර නොදන්නා දේට කට නොදා ඉන්න බලන්න. (නි)
මෙම ජල ප්‍රහාරය දුඹුරු පාටයි. මොනවහරි වසක් විසක් දමලා / රසායනික දෙයක් දමලා ප්‍රහාරය කරනවද දන්නේ නැහැ. මෙම දරුවන් ශ්‍රී ලංකා මාතාවගේ බුද්ධිමත් දරුවන් නොවේද? (නි)
අයියෝ සල්ලි
දමිත්, විලේගොඩ, බොහොම අපූරුයි (නි)
සරසවි වහලා, කදුලු ගෑස් ගහලා අපේ රටේ අධ්‍යාපනය මේ අරන් යන්නේ ආශ්චර්යය කරාද? (නි)
දමිත්ගේ කුසලතා පූර්ණ කවි පෙළට මගේ ප්‍රණාමය! අපිට මෙහෙමවත් අදහස් ප්‍රකාශ කරන්න ලැබුණු එක හොදයි. ගාමිණි නම් පාසලක් ළගින් වත් ගිහින් නැද්ද කොහේද? (නි)
අද මම ඉන්ජිනේරුවෙක් වෙලා ඉන්නේ නිදහස් අධ්‍යාපනය නිසයි. නැත්නම් මට ඒක හීනයක්. නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගන්න පෙරට පැමිණි නංගිලා, මල්ලිලාට මාගේ ප්‍රණාමය! (නි)
දමිත් විලේගොඩ ,ලිපිනය කියන්නකෝ. මට මසුරන් මල්ලක් එවන්න. (නි)
මේකද උගත්කම කාටවත් කාගෙවත් කවුරුවත් කොහේවත් තනතුරු ලැබුනහම මේ හැම රැඩිකල්වාදීත්වයක්ම අමතකයි එතකොට පවතින රජයට කඩේ යෑමයි කරන්නේ බලන්න ඔය රජයට සම්බන්ධ ඔනෑම නිලධාරියෙකුගේ අතීතය ඔවුන් කොයි තරම් වැටවල් කඩන්න ඇද්ද ගල් මුල් ප්‍රහාරවලට ලක්වෙන්න ඇද්ද කියලා (වි)
සමහරු බලන්නේ රටේ කොහොමහරි ප්‍රශ්න ඇතිකරන්න (නි)
දමිත්, සුපිරියි..!!!! (නි)
සරසවි වහලා අපේ අධ්‍යාපනය මේ අරන් යන්නේ ආශ්චර්යය කරාද? (නි)
මට පෙනෙන්නේ 89 වගේ කාලයක් නැවත පැමිණෙනවා වගේ (නි)
ඔය කදුලු ගෑස් ගහන්න සම්බන්ධ වුණූ අයගේ පවුල් වල දරුවන් කිහිප දෙනෙක් හරි ඔතන ඉන්න පුලුවන් නේද? (නි)
විශ්ව විද්‍යාල සිසුන් අවංක නිහතමානී අය (නි)
නිශාන්ත, ඔයා ගැන මට දුකයි. ඔයාවත් හරියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවට. (නි)
ලංකාවේ මෙපමණ හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයට තැනක් තියෙන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට පින් සිද්ධ වෙන්න (නි)
දෙගොල්ලොම එකයි. (නි)
රටේ අධ්‍යාපනය නම් නැතිවෙලා ඉවරයි. (නි)
මේ ගහන්නේ බුද්ධියට. රටේ අනාගතයට.රටේ ඇති වටිනාම සම්පතට. සුබ අනාගතයක්! (නි)
ළමයින්ට නම් ගහයි. ගැටලු නම් එහෙමමයි. (නි)
විජේවීර වෙන්න හදපු කට්ටිය පස්සෙ වෙන කෙනෙක් වගේ වෙන්න හැදුවා. මතකනෙ පහුගිය කාලෙ රැවුල වවපු හැටි, කතා කරපු හැටි. දැන් කතා කරන හැටි දැක්කද? හරියට තවත් වෙන කෙනෙක් වගේමයි. විප්ලවය කියන්නෙ මේකටද? අපේ ශිෂ්‍යයො රැවටිලා ඉබාගාතෙ යනවා කියල හිතෙන්නෙ නැද්ද? නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටින්න මෙයාලට බැහැ කියලා මේකෙන්ම පේනවා නේද? (නි)
අපේ නිදහස් අධ්‍යාපනය අපි රැක ගනිමු. (නි)
අපේ ළමයින්ට මොන අසාධාරණයක් ආවත් අපි නම් දුවලා ගිහිල්ලා ඡන්දය දෙන්නේ ආණ්ඩුවටම තමයි. (නි)
ජානිගේ සමාජය, දේශපාලනය ගැන ඇති අවබෝධය ගැන බොහොම කණගාටුයි . (නි)
මල්ලියෝ මේ වගේ බොරු වැඩ නොකර ගිහිං ධාතුන් වහන්සේවත් වැදගන්න..!!(නු)
විශ්ව විද්‍යාල ආචාරයවරුන් සහ විශ්ව විද්‍යාල සීසුන් ගේ අරගල නිසා තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනය මේ දක්වාවත් රැකුණේ. ඒවා නැති වුණු දාට සල්ලි ගෙවලා ඉගෙන ගන්න වුණහම බොරුවට ඔය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විශ්ව විද්‍යාල සීසුන් ගේ අරගල වලට බණින අය අසරණ වෙන හැටි බලා ගන්න පුලුවන්. නිදහස් අධ්‍යාපනය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම අපි කාගේත් යුතුකමක්. නිදහස් අධ්‍යාපනය අපේ රටට හදුන්වා දුන් කන්නගර මැතිතුමාට අපි හැමෝම ණයගැති වෙන්න ඕනෑ. විශ්ව විද්‍යාල සීසුන් ගේ මෙම විරෝධයට එක සිතින් මම සුබ පතනවා. ඔවුන්ට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි අපේ රටේ නිදහස් අධ්‍යාපනය රැකගන්න.(නු)
සරසවිය වැහුවත් විරෝධතා!! මේවා විවෘත කළත් විරෝධතා!! අන්තරේ ළමයිනේ..ඉගෙන ගන්න උත්සාහ කරන්න.. අන්තරේ හිටපු අයට ඔච්චරම ජාතිවාදයක් තිබුණානම් අද අපේ රට කොමියුනිස්ට රටක්.. උපාධිය ගත්තගමන් ඒ අයට ඒවා අමතක වෙනවා.. (නු)
ඉමල්ෂා හරියට හරි ..(නු)
ඕවට අපිට කරන්න දෙයක් නැහැ. අපේ ළමයි ඔතන නැහැ. (නි)
කවුරු කවුරුත් තමන්ට අදාල දේ කරනවානම් මේ ගැටලුවක් නැහැ.. සරසවි සිසුන් ආවෙ ඉගෙනගන්න.. කළමනාකරණයට වෙනම අය ඉන්නවා.. පෞද්ගලික සරසවිවල අය උපාදියත් අරං හොද රැකියාවල් කරන කොට අපේ අය තවමත් උද්ඝෝෂණය කරනවා.. අපේ රට තවත් ආපස්සට යනවා..!(නු)
ඔය විරෝධවල හිටපු සටන්කාමීන් කී දෙනෙක් අද ජාත්‍යන්තර තල වල ඉන්නවද? (නි)
2005 අපේ ජනපතිතුමාට පෝස්ටර් ගහපු මල්ලිලා අද එතුමාට මඩ ගහනවා. මල්ලිලා හැමදාම පරාදයි මල්ලී. (නි)
දමිත්ගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
අනේ පව් අපේ දරු දැරියෝ..!(නු)
සියලුම තරාතිම්වල අය හිතන්නේ තම කණ්ඩායමේ පැවැත්ම ගැන විතරයි.. ඒකයි මේ ඔක්කොටම මුල..!(නු)
අද අපේ රටේ අපිට නිදහස් අදහස් ප්‍රකාශ කරන්න ඇති අයිතියත් උදුරාගෙන හමාරයි (නි)
ලංකාවේ අධ්‍යාපනය නැවත ගොඩගන්න නොහැකි තත්ත්වයට පත්වෙලා ඉවරයි (නි)