( මහින්ද නිශ්ශංක )
පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කිරීම අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කළද සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
පාන් පිටි මිල රුපියල් 25 කින් අඩු කළේ නම් අනිවාර්යයෙන්ම සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කරන බවද ඔහු සඳහන් කළහ.
අධික ලාභ ලබන මෙරට පාන් පිටි නිෂ්පාදන සමාගම් දෙකට රුපියල් 10 ට වඩා පාන් පිටි මිල අඩු කළ හැකි බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික්කුත් බේකරී නිෂ්පාදන වලට දාන්නේ පානපිටි නොවන බව කරුණාවෙන් සලකන්න.." මීට සංගමය.
මුන්ගේ කඩවලින් කන අපිටයි ගහන්න ඕන
මේවා වර්ජනනය කරන්න. කෑම ටික පුළුවන් තරම් ගෙදර හදන් ගන්න.
පාන්පිටි මිල සහ විදුලි බිලත් අඩු කරන අත කවදත් මුදලි පැළැන්තිය, පාරිභෝගිකයාට හෙණ ගැහුවත් ඔවුන්ගේ බඩගෝස්තරය තියනවා නම් ඇති.
රටේ දරුවන් ට 25% මන්දපෝෂණය ට හේතුව සහ දියවැඩියාව ට හේතුව බේකරි කෑම . දරුවන් ට ආදරේ නම් බේකරි කෑම නවත්වන්න .
ඔවුන්ටත් පුලුවන් සංගම් හදාගෙන පාරිභෝගික අපිට කෙලින්න. ඇයි ඕවා මිලට ගන්න ජනතාව වන අපිට බැරි? එකට එකතු වෙලා සතියකට කිසිම පාන් පිටි නිශ්පාදනයක් නොගෙන ඉන්න. ඒක ඇඟටත් හොඳයි, පොකට් එකටත් හොඳයි. කරුමේ කියන්නේ මේකටත් අකැමැති අය ඉන්නේ...
බූරු කතා නවත්වන්න, විධායක ජනාධිපතිටයි, 2/3 ඇති ආණ්ඩුවටයි බැරිද?