සරසවි ඇදුරුන් ගෙන යන අරගලයට සහාය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මහනුවර සිට කොළඹ බලා එන පාගමන නිට්ටඹුවෙන් අද තෙවැනි දිනටත් ගමන් ආරම්භ කළේය.
නිදහස් අධ්‍යාපනය සුරකිමු යන වැකිය අඩංගු කලු පැහැ පිටි බැඳගෙන බොහෝ දෙනාගේ හිස්වල බැඳ තිබිණි. ඇට සැකිලි නිරූනය වන ඇඳුම් ඇඳ සිටි සිසුහුද එහි වූහ.
පාගමන කොළඹ හයික් පිටියෙන් සිකුරාදා අවසන් වේ. ගාල්ලෙන් ආරම්භ කළ ඇදුරු පාගමන ද එදින හයික් පිටියට ළඟාවීමට නියමිතය.
ඡායාරූප - ගයාන් මදුසංඛ හෙට්ටිආරච්චි
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට වෙර දරන ඔබට ජය වේවා..! (ස)
ජනපතිතුමාට මේ ප්‍රශ්නය පහසුවෙන් විසදන්න පුලුවන්නේ. (නි)
විමලසිරි වැරදියි. කම්මැලිකමට මොකටද දින ගාණක් ඇවිදින්නේ? කොහේහරි වැටිලා නිදාගන්නවනේ. (නි)
මේවා බොරු වැඩ. දරුවනේ, ආපු වැඩේ කරගනිල්ලා. මමත් ඇමරිකන් කොඩි පවා පිච්චුවා, දැන් මම පවුල පිටින් ඇමරිකාවෙ හොඳට ඉන්නවා. (නි)
ළමයිනේ,මොනවා කළත් පරෙස්සමින්. බලය තිබෙන උදවිය මේ ළමයින්ගේ බලයට කැමති නැති නිසා මොනවා කරයිද කියලා හිතාගන්නත් බැරි තරම්. හොඳ කල්පනාවෙන් වැඩ කරන්න. මේ අරගල වලින් පස්සේ ඔය ළමයි යලි අධ්‍යාපන කටයුතු කරන්න ඕනෑ නේද? දෙමවුපියන් ගැනත් සිතලා අවේගශීලී වෙන්නේ නැතුව කටයුතු කරන්න. (නි)
ළමයිනේ මොනවා කළත් පරෙස්සමින්. බලය තිබෙන උදවිය මේ ළමයින්ගේ බලයට කැමති නැති නිසා මොනවා කරයිද කියල හිතාගන්නත් බැරි තරම්. හොඳ කල්පනාවෙන් වැඩ කරන්න. මේ අරගල වලින් පස්සේ ඔය ළමයි යළි අධ්‍යාපන කටයුතු කරන්න ඕනෑ නේද? දෙමවුපියන් ගැනත් සිතලා අවේගශීලී වෙන්නේ නැතුව කටයුතු කරන්න. (නි)
විශ්ව විද්‍යාල වල ඉන්න අය මෙච්චර මෝඩද? (නි)
මරේ මරු. ඉගෙන ගන්න එපා. හැමදාම පාරට බැහැල කෑ ගහපල්ලා. රට හදන එක හොද වැඩක්. ඔහොම පාරට බැහැලා හැමදාම පාරේ ඉන්න ගියාම අනාගතේ හොද මෝඩයෝ ටිකක් නම් බිහිවෙන එක අහන දෙයක් නැහැ. (නි)
මේ කවුද? මොනවද කරන්නේ? මොනවද රැකගන්න හදන්නේ? (නි)
නියමයි කොල්ලනේ. යන්න ඉදිරියටම. (ස)
මෝඩ ළමයිනේ, රට හදන්න කලින් ඉගෙන ගන්න. අහිංසක අම්මලගේ තාත්තලගේ ණය ගෙවලා ඉවර කරන්න බලන්න. කාගෙවත් අතකොලු වෙන්න එපා. (නි)
කැම්පස් කාලේ කරන ජොලි වැඩක් විතරයි ඕක. (නි)
අන්තරේ කොහොමත් ඇට සැකිළි තමයි බලාපොරොත්තු වෙන්නෙ. නැත්නං පැවැත්මක් නැ (ස)
ප්‍රේමදාස යුගයේ මෙහෙම කළානම්...? (නි)
සුබ පැතුම් මගේ යාළුවනේ (ස)
ජනක, සරසවි සිසුන්ට අපහාස නොකරන්න (නි)
මේ පෙළපාලියට යාපනය විශ්ව විද්‍යාලයේ ළමයි සහභාගි වෙන්නේ නැද්ද? (නි)
නිදහස් අධ්‍යාපනය මුවාවෙන් අන්තරේ සමහර පක්ෂවල ඉත්තෝ වෙලා. අපි කොළඹ ශාස්ත්‍ර පීඨය එක එක ඉත්තන්ට හසු වෙන්නෑ හසුවෙන්න දෙන්නෙත් නෑ(ස)
මේ වෙලාව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන්න තියන අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. ඇයි මේ ප්‍රජාතන්ත්‍ර වැදී අයිතිය ගැන විවිධ අය තර්ක කරන්නේ. ගුරුවරුන්ගේ උද්ඝෝෂණයට සිසුන් සහය දෙන්නේ ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් නෙමෙයිනේ. රටේම අයගේ නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්. ලලිත් හරියටම හරි.(ස)
අසිත මහත්තයෝ, ඔයා වගේ තවත් අය සිටිනවා තමන්ගේ දරුවන් හිනෙන් හෝ උසස් අධ්‍යාපනය නොලබයි කියලා සිතන. ඒ නිසා ඔය වගේ කතා කියයි. ඇත්තෙන්ම ලැඡ්ඡා වෙන්න. ඔහුන් මැරුණේ හෝ මරණු ලැබුවේ අධ්‍යාපනය රැක ගැනීමට පෙරමුණ ගත් නිසා. ගෙදර ගෙනියන්න පෞද්ගලිකව යමක් හොයා ගන්න හදලා නොවේ. අප හොදින් දන්නවා අප වෙනුවෙන් ගරහන්නත්,මලකලා වෙනුවෙන් ජය කොඩි දාන්නත් සුදානම් පිරිසක් සහ අදබාලයින් මේ රටේ සිටිනා බව. අපි මේ ගෙවන්නෙ සහ විදවන්නේ එහෙවු රටක දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේම වැඩිහිටියන් කියාගන්නා සමහරක් අය කරපු පව්. (ස)
මෙයාලා පෙලපාලි ගිහාම තීන්දු තීරණ ගන්න අයට රිදේවිද ? (ස)
අපේ රට කවදාවත් දියුණු නොවන රටක්. 71කැරැල්ලෙන් පසු, 83 ත්‍රස්තවාදය. ඊට පස්සේ 89/90 කැරල්ල. ඊට පස්සේ ත්‍රස්තවාදය නිමා කිරීමේ සංග්‍රාමය. දැන් ආයෙත් කැරලි. සුද්දන්ට බැනලා වැඩක් නැහැ. මොලේ නැත්තේ අපේ අයටයි.කවදාකවත් ඉටු වෙන්නේ නැති සාධාරන වලට බෙරිහන් දීලා, නිකරුණේ ජීවිත විනාශ කර ගන්නවා. (නි)
ප්‍රේමදාස මහත්තයගේ අගේ දැන් තමයි තේරෙන්නේ (ස)
මෝඩයින් පිරිසක් විසින් දරුවන්ට කරන කෙණෙහිලිකම්....??? (නි)
ක්‍රිශාන් මහත්තයෝ, ඇයි රිදෙන්නේ නැත්තේ. ඔයාට වාගේම මේකේ අදහස් දාලා තියෙන කීදෙනෙකුට මේ පෙළපාලිය රිදෙනවාද. එයාලාට රිදෙන්නේ තමන් ආරක්ෂා කරන පාලකයන්ට පහරක් වදින නිසා. එතකොට පාලකයන්ට කොහොම දැනෙනවා ඇත්ද. අනික මහත්තයෝ, ඔයාගේ දරුවෙකුට අසාධාරණයක් වෙලා නැතුව ඇති. එනිසා කරබාගෙන කාටත් බැන බැන ඉන්න. එහෙත්, ඔබේ දරුවෙකුටත්, අසාධාරණයක්, බලහත්කාරකමක් වාගේ වුණොත් දැනේවි. එදාට විරෝධතා ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා තේරේවි. එහෙත් ඔයාලාගේ මනස හැදිලා තියෙන විදිහට ඒකත් සාමාන්‍ය දෙයක් ද කියන්න දන්නේ නැහැ. (නි)
නිදහස් අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට වෙර දරන ඔබට ජය වේවා..! (නි)
ඔබ හරි ..ඒත් සීමාවක් තියා ගන්න..(ස)
මිනී පෙට්ටි, ඇටසැකිලි අරන් ගිහින් තමයි අද දෙන්නෙක් නැතිවෙලා තියෙන්නේ. (නි)
එක මිනී පෙට්ටියයිනේ. දෙන්නෙක් මැරිලා. (නි)
නිදහස් අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට වෙර දරණ ඔබට ජය වේවා..!(නු)
එක් වෙමු ජාතික දියුණ පතා... අපි ඔබ සමගයි. (නි)
අයියෝ සල්ලි
ජය වේවා ..!!
මම ආවනම් ඇටසැකිලි එන්න ඕනි නෑ (ස)
රණා, අපි හොදින් හෝ නරකින් සටන් වදින්නේ අපේ අනාගත දුවා දරුවන් වෙනුවෙන්. (නි)
මොනවද මේ වැඩ
වත්මන් ලංකාවේ ඉන්නේ සනීප කරන්න බැරි අසනීපකාරයෝ ටිකක්. (නි)
ඔබට ජය! (නි)
ඔබ සැමගේ උත්සාහයට අපගේ ආශිර්වාදය .ජය වේවා (ස)
ලෝකේ හිනස්සන වැඩ
ඉතාම හොදයි සුභ පැතුම්..!(නු)
මිනී පෙට්ටි උස්සන අය නැද්ද? (නි)
මේවා ඇවිල්ලා කම්මැලි අයගේ වැඩනේ. (නි)
ජය වේවා.. මෙයට විසදුමක් දිය නොහැකි පාලකයන් ගැන කණගාටුයි.!(නු)
විකාර වැඩ
ජීවිතය දී හෝ නිදහස් අධ්‍යාපනය රැකගත යුතුයි. බුදු සරණයි! (නි)
ඔබගේ උත්සාහය සාර්ථක වේව! පාලකයන් දාර්ශනික කතා කියමින් මහජනතාව රවටන්න හැදුවට මේ තරුණයන් රැවටෙන්නේ නැති බව පේනවා. කවුරුහරි ලියලා දෙන දාර්ශනික අදහස් රැස්වීම් වල කියෙවුවාට වැඩක් නැහැ, ඒවායේ තේරුම පාලකයන් දන්නේ නැත්නම්. (නි)
ඇදුරුතුමෝ දැං ඉතිං ඒ වැඩෙත් හරිනේ.. වැඩ පටන් ගත්තොත් හොදායි නේද ?(නු)
මොකටද නිකන් හිස් මිනී පෙට්ටි උස්සගෙන යන්නේ? දැන් ඔය තියෙන්නේ මිනී දෙකක්ම. (නි)
දැන් අර මිනී පෙට්ටිය අනතුරින් නැතිවුණ අය වෙනුවෙන් පාවිච්චි කරන්න පුලුවන් නේද? (නි)