අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර වහා නිදහස් කරන්නැයි කියමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු කොටුව දුම්රියපොළ ඉදිරිපිට දීත් පේරාදෙණිය ගලහ හන්දියේත් උද්ඝෝෂණ පැවැත්වුහ. සිසු සංගම් නියෝජිතයින් අත්අඩංගුවට ගැනීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුද විසැඳිය නොහැකි බව උද්ඝෝෂකයෝ පැවැසූහ. පොලිසිය එහි රැකවල්ලා සිටියේය.
සුමින්ද සුදර්ශන
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපතනවා
මෙයාල දගලන්නෙ රට නැවතත් 1988, 1989 යුගයට අරන් යන්නද ?? (ස)
ජයලත් මහත්තයා, ඔයාගේ අත්දැකීම ගැන දුකයි. ඒ වුනාට අපිට මන්ද මානසිකකමක් නැහැ. හුගදෙනෙක් ඒ 3ක් හෝ 2 ක් අරන් ඇවිත් ඉන්නේ. නමුත් ඔයා දන්නේ නැති, එහෙත් ප්‍රසිද්ධ රහසක්ව පවතින මන්දමානසික අයත් අද පාලන තන්ත්‍රයේ සිටිනවා. භීෂණය කියන එක වපුරන්න හදන්නේත් ඒ පිරිස. අවසානයේ භිෂණය කාගේ හරි ඇගේ ගහලා එයාලා සුදනෝ වෙනවා. මෙන්න මේ අය ඔයා හදුනා ගන්න. අද රටේ හුග දෙනෙකුට මේ සුදු කරපටිකාරයින්ව හදුනා ගන්න බෑ. ඒ වායේ පලවිපාක අපිත් විදිනවා, රටේ ජනතාවත් විදිනවා. සනත් මහත්තයා, කැම්පස් ඉන්න ගමන් ටෙක් යන්න බැහැ. එය තහනම්. ඒ වාගේම එය තව කෙනෙකුගේ අවස්තාවක් නැති කරන දෙයක්. මේ හැම අධ්‍යාපන ආයතනයකට අද සීමිත පිරිසක් විතරයි ගන්නේ. මේකත් අධ්‍යාපන අර්බුදයේ තව පැත්තක්. රටේ බදු ගෙවලා, අපිටත් වියදම් කරලා, තවත් ප්‍රයිවෙට් තෘතීක පුහුණු ආයතනයකට යවන්න අපේ අම්මලාට බෑ. පුළුවන් අය ඇති. එත් බැරි අය වැඩියි. මම ඉල්ලා සිටිනවා අපේ වැරැදි වැටහීම් තියෙන වැඩිහිටියන්ගෙන් නූතන පරිණාමයට අනුව හොමෝ සේපියන් සේපියන් වාගේ බුද්ධිමත්ව සිතන්න කියලා. (නි)
ජයලත් මහත්තයෝ, ඒක අහන්න ඔයා නියෝජනය කරන හෝ ඔයා පෙනී සිටින පක්ෂයෙන්. මෙයාලත් ධවල පත්‍රිකාවක් ගේන්නද හදන්නේ කියලා. (නි)
ඉහත මහත්වරු ලියලා තියෙන අදහස් ගැන අපි කණගාටු වෙන්න ඕනෑ. ආචාර්යවරු කියන්නේ බඩගිනි නැති අය නොවේ. එයාලාගේ සේවයට සරිලන වැටුපක් ඉල්ලන්නේ. රට නොගොස් අදටත් මෙයාලා ලංකාවේ ඉදීම අපිට වාසනාවක්. ඒක ඔයාලාට තේරෙන්නේ නැහැ. පිරිබාහරන් ඉවරයි කියලා, රටේ පාරවල් හැදුනා කියලා එදා ඉදලා රටේ පැහැවපු ප්‍රශ්නයක් වෙන අධ්‍යාපන ගැටලුව තාම විසදිලා නැහැ. පුළුවන්නම් ඔය කරන දූෂණ, වංචා (කෝප් වාර්තාවට අනුව) ප්‍රතිශතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන්කරන්න කියන්න. අපිට මොනවා වුණත් රටේ සමහර අයට ගානක් නැහැ. ඒ විතරක් නොවේ. ඉස්කෝල ගත්තාම 29% විතර වැසිකිළි පහසුකම් අති ශෝචනීයයි. පාසල් 18% කට විතර විද්‍යා විශය ධාරාව කෙරෙන්නේ නැහැ. දවස ගානේ ඉස්කෝල වැහෙනවා. ක්‍රමයෙන් අඩු වෙමින් 2005 දී අධ්‍යාපනයට වෙන් වුණ 3.5% අද 1.8% ට පල්ලම් බැහැලා. මේවා අද සමාජයේ ප්‍රශ්න නොවේ ද? බඩු මිල ඉහළ යන එක විතරද මේ රටේ ප්‍රශ්නේ? නැතිනම් මේ කිසිදු ප්‍රශ්නයක් නැති කේතුමති රාජධානියක් කියලාද කියන්න හදන්නේ ? සියල්ලම විකිණුන සහ විකිණෙමින් තියෙන ප්‍රෝඩාකාරී ඇස්බැන්දුේ වල පැටළිලා ඉන්නේ නැතිව ඇත්ත මොකක් ද කියලා බලන්න? අපි දියුණු බුද්ධියක් තියෙනවා කියා ගන්නා මිනිස්සු. එය අපිට වාගේම ඔයාලාටත් අදාලයි. ඔබේ දරුවෙකු රාජ්‍ය වි. වි. කට ගියොත් තේරේවි මෙම ගැටලුව කෙතරම් ශෝචනීයද කියලා. එසේ නම් ඔබ කරගෙන තිබෙනුයේ උඩ බලානෙ කෙළ ගසා ගැනීමකි. (නි)
නිර්මලා, විඳින්නෙ දුක් නම් මොනව හරි කරන්න, ඉගෙන ගන්න. ඔක්කොමලා ගොඩදාන්න ගිහිල්ලා ඔයා තවත් දුක් විදින තත්වයට වැටෙන්න එපා. ඔයාලා ගතිනුත් හිතෙනුත් පාරට වැටිලා සර්ව අශුභවාදී වෙලා හරියටම ඔය නායකයො නියෝජනය කරන පක්ෂ වගේමයි. හැබැයි ඔයාලට තේරෙයි තමන්ගෙ වැඩක් කරගෙන හිටපු අය ඉස්සරහට යනකොට. ඒ අය තමයි ඊට පස්සෙ රටට වැඩක් කරන්නෙ පුද්ගලික අංශයට හරි බැඳිලා. ඔයාල මෙහෙම කෑ ගගහ ඉඳලා උපාධිය ගන්නවා. ඊට පස්සෙ රස්සා ඉල්ලනවා. ඡන්දයක් එනකොට 40000 ක් 50000ක් එක රොත්තට අරං ප්‍රා.ලේ. වල හරි ග්‍රාම නිලධාරී කාර්යාල වල හරි ගාල් කරනවා. හැබැයි දැන් ඉඳන්ම මහන්සි වෙන අය ඒ වෙනකොට රස්සා හොයාන හරි ව්‍යාපාර කරලා හරි ජීවිතේ සාර්ථක කර ගන්නවා වගේම අර 40000 ක් 500000 ක් ගන්න අයට පඩි ගෙවන්න, අධ්‍යාපනයට 6% ක් වෙන් කරන්න වැනි හැම දේටම අවශ්‍ය රජයේ ආදායමට බදු ගෙවමින් දායක වෙනවා.ඔබලා එකම තැන. අධ්‍යාපනය හරි රට හරි හදන්න පාරෙ කෑ ගහලා පුලුවන්ද.තමන් හැදුනොත් රටත් හැදෙයි. (නි)
ළමයි මහැදුරන්ගේ උගුලේ පැයළිලා වගෙයි. (නි)
මේ සහෝදරයෝ, අපේ තරුණ කොල්ලන්ගේ මොළ කනවා වගෙයි. (නි)
මාලකලා එළියේ. සංජිවලා ඇතුළේ. මේකනම් ආශ්චර්යම තමයි. (නි)
කෑ පතේම පහරන අය සිටින රටක නිදහස් අධ්‍යාපනයක් ගැන සිතීම මහා විහිළුවක්. සියලුදෙනාටම තේරේවි දවසක. එහෙත් ඒ වෙනකොට අශ්වයා ගිහින් ඉවරයි. (නි)
ජයවේවා
ඉගෙන ගන්න වෙලාවක් මේ ලමයින්ට නැහැ
මමත් සහාය දෙනවා
මාලකලා එළියේ, සංජීවලා ඇතුළේ... තිහාරියේදී මුස්ලිම්වරු යකා නටති. වාහන කුඩුකරති. නැත එය පෙනුනේ. පොලීසිය මර නින්දේ. දරුවන් පාරට බට විට දකිති ඔවුන් මහා අපරාධකරුවන් ලෙස....., කුමක්ද වෙනස .... මෙයයි චින්තනය... (නි)
ආනන්ද මහත්තයා, ඔයා උසස් පෙළවත් කරලා නැද්ද. නැත්නම් ඒ තරමටවත් තේරෙන්නේ නැද්ද? යන්නේ කොහෙද මල්ලේ පොල්. (නි)
තමන්, තමයි උගතා කියල හිතනවානම් ඵ් තරම් මැට්ටෙක් නැති බව තමන් දන්නෙ නැත. ඉහළ ප්‍රතිචාර දාලා තියෙන හසන්ත, සුසිල්, නිර්මලා වෙතයි. දෙමවුපියන් දරුවන් හදන්නෙ මල් වාගෙ. ඔබලා වැනි මන්ද මානසික සුළු පිරිසකගෙ සිතුම් පැතුම් නිසා අද අහිංසක දරුවන් මහපාරවල් වල .අනුන් උගසට තබා දිනු ජයක් නැත. මෙවැනි කූටයින්ට අසුවු මගෙ දරුවෙක් මෙයට වසර 24ට පෙර තිබු භීෂණ සමයෙදි මිහිදන් විණි. අප දරුවන් නොමග යැවු කිසිවෙක් අද අප බලන්නට ඵන්නෙ නැත. අද අපි තනිවී සිටිමු. (නි)
ඇරිස් මහත්මිය ඔයා කියන්නේ එස්.බී ඇමතිතුමාගේ උගුල ගැනද. ආ එහෙමනම් හරි. මේ කොල්ලෝ විතරක් නෙවේ අපිත් අන්දලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ.(නු)
ලන්කාවේ අය උස් තැන් වල ඉද්දි මේව මහා ලොකු දෙවල් නෙවෙයි පුතා., (ස)
ආනන්ද මහත්තයෝ, ඔබතුමා තමයි සර්ව අශුභවාදීව හිතන්නේ. මාස තුනක් දැන් කැම්පස් වහලා. ඔබ කියන්නේ අපිට මේකට උඩ බලාගෙන ඉන්න කියලද? මේ කාලය ඔබතුමාට සුලුදෙයක් වුණාට අපිට නම් ගොඩක් වටිනවා. 6% ක් වෙන් නරන්න බැරි වුණාට රාජ්‍ය වියදමෙන් 9% ක් වංචා දූෂණ වෙනුවෙන් නැතිවී යන බව ඔබතුමා නොදන්නවා ඇති. (නි)
ජන ඝාතකයන්ට, මිනීමරුවන්ට, කුඩු කාරයන්ට කඩේ යන අයියලට, අක්කලාට තේරෙන්නේ නැතිවුණාට, ලංකාවේ විශ්වවිද්‍යාල වල තියෙන අර්බුදය එදාටත් වැඩිය අදට දැනෙනවා. සමස්ත ජාතික නිෂ්පාදනයෙන් 2%ක්වත් වියදම් කරන්නේ නැති රටක, දවසකට ඉස්කෝල තුන ගානේ වැහෙන රටක, පස්වැනි වසරේ විභාගයවත් තියාගන්න බැරි රටක අධ්‍යාපනේ ගැන කුමන කතාද? ඔය කඩේ යන අයියලා, අක්කලා පොඩ්ඩක් මතක තියාගන්න, ගමේ ඉස්කෝලේ වැහෙනකොට, විශ්වවිද්‍යාලෙ ගිය කොල්ලන්ට කෙල්ලන්ට වාඩිවෙන්න වත් ඩෙස්පුටු නැති රටක් තිබීම ගැන ඔබ වගකියන්න ඕනෑ බව. (නි)
නිර්මලා නමින් පෙනී සිටින්නේ කැදවුම් කරැගෙ කෙනෙකි. තමන්ගෙ නමින් පෙනීහිටින්න බැරි තරම් මේ අය අලසයි. ඇත්තටම ලැජ්ජයි. ඉහත දාලා තියෙන ප්‍රතිචාර දැක්කම මේ අයද රටේ අනාගතය බාර ගන්න ඉන්නෙ කියලා කණගාටුයි. පෙරටුගාමින් කියාගෙන ඵල්.ටි.ටි.මුදල් වලින් යැපෙන මොවුන් රටට මහා කරුමයකි. මේ කෑගහන්නෙ අධ්‍යාපනය වෙනුවෙන් නම් දරුවන් උගසට තියා තමන්ගෙ මඩිය තර කර ගන්න හදන මහාචාර්යවරුන්ව කනෙන් ඇදගෙන ඵන්න තිබුනනෙ.අද පෙරටුගාමින් හදන්නෙ රට අස්ථාවර කිරීමටයි. මෙයයි සැගවුන රහස. (නි)
ඔවු ඔවු. නිදහස් කරවු! (නි)
නිමල් මහැදුරන් කියන්නෙ අැමතිවරැන්ට නෙමෙයි...(නු)
නිර්මලා නංගී, ඔයාලගේ උද්ඝෝෂණය ගැන යම් ආකල්පයක් මටත් තියෙනවා. මම ඉල්ලා සිටිනවා නිතරම හරිදේ හරි ලෙසට දකින්න කියලා. (නි)
නිර්මලා හිතාගෙන ඉන්නේ වෘත්තීය අධ්‍යාපනය කියන එක ටෙක් යන එක කියලා... කාවද රවට්ටන්නේ.. ඔයා සරසවි සිසුන්ට ලැජ්ජා කරනවා.!(නු)
නිර්මලා, තමන් මන්ද මානසික නැත්නම් ඔබලාව උගසට තියලා තමන්ගෙ මඩිය තරගන්න හදන මහාචාර්යවරුන්ට විරුද්ධවයි නැගි සිටිය යුත්තේ. මන්දමානසික අයත් අද පාලන තන්ත්‍රයේ සිටිනවා නම් පිරිබාහරන් මේ රටින් තුරන් වෙන්නෙ නැහැ .අද රටේ ඔබ කියන පරිදි භිෂණයක් නැහැ .පාතාලය හා ඵල්.ටි.ටි.ඊ. සෙවනැලි මෙරටින් තුරන් කළ යුතුයි. ඔබලා ඵය භීෂණයක් හැටියට දකිනවා නම් කාටද මන්ද මානසික භාවය කියලා රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන්. (නි)
මෙයාලට පිස්සුනේ. අධිවේගී මාර්ග තියෙයි නම් පාසල් මොකටද? (නි)
වැඩේ ඇත්ත මමත් සහාය දෙනවා
මම නම් කියන්නේ රජයේ පාසල් සියල්ල වසා දැමිය යුතුයි. සල්ලි තියෙන අය විතරක් ඉගෙන ගත්තහම මදැයි. (නි)
පුළුවන්නම් ඔය මන්දමානසික අය කරන දූෂණ, වංචා (කෝප් වාර්තාවට අනුව) ප්‍රතිශතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන්කරලා ඉතිරියට ඕනෑ දෙයක් කරන්න කියන්න. අපිට කන්න නැහැ හරියට. ඉන්න පහසුකම් නැහැ. දේශන ශාලා පහසුකම් නැහැ. මේවා එළියේ ඉදලා උඩ බලාගෙන ඉන්න අයට තේරෙන්නේ නැහැ. එයාලාට ගැටලුව වෙලා තියෙන්නේ තමන් නියෝජනය කරන පක්ෂයකට හෝ කෙනෙකුට පහර වදිනවා කියලා හැගෙන නිසා. අපිට මොනවා වුණත් රටේ සමහර අයට ගානක් නැහැ. මම හිතන්නේ එයාලාට හුගාක් ෂුවර් එකක් තියෙනවා තමන්ගේ දරුවෙකු උසස් අධ්‍යාපනය සදහා කැම්පස් නොඑයි කියලා . ඒ විතරක් නොවේ, ඉස්කෝල ගත්තාම 29% විතර වැසිකිළි පහසුකම් අති ශෝචනීයයි. පාසල් 18% කට විතර විද්‍යා විශය ධාරාව කෙරෙන්නේ නැහැ. දවස ගානේ ඉස්කෝල වැහෙනවා. ක්‍රමයෙන් අඩු වෙමින් 2005 දී අධ්‍යාපනයට වෙන් වුණ 3.5% අද 1.8% ට පල්ලම් බැහැලා. මේවා අද සමාජයේ ප්‍රශ්න නොවේ ද? බඩු මිල ඉහළ යන එක විතරද මේ රටේ ප්‍රශ්නේ? නැතිනම් මේ කිසිදු ප්‍රශ්නයක් නැති කේතුමති රාජධානියක් කියලාද කියන්න හදන්නේ ? (නි)
නිර්මලාගේ අවංක අදහස්වලට ගරුකරනවා. ඔබ වැනි අය නිසයි නිදහස් අධ්‍යාපනය මෙතරම්වත් රැකිලා තිබෙන්නේ. දූෂිතයින්ට හා උන්ගේ සගයන්ටත් උන්ව ආරක්ෂා කරන උන්ටත් ටික කාලයකට සතුටුවෙන්න ඉඩදීලා අපිත් ඔබගේ උත්සාහයට යෝධ බලය ලැබෙන්න කියලා පතනවා. ආනන්ද වගේ අයගේ ආත්මාර්ථකාමී අදහස් ගැන කණගාටු වෙනවා. (නි)
කෝ ඇත්තටම ඔය බලමණ්ඩලයේ ඉස්සර හිටපු කැදවුම්කරු? (නි)
නැහැ හසන්ත මල්ලී, ආනන්ද මහත්තයා කඩේ යන්නේ හිස් මල්ලක් අරගෙන. එයාගේ මල්ලේ පොල් නැහැ. වැඩේ කියන්නේ අහපහු එන්නෙත් හිස් මල්ලෙන්මයි. (නි)
මෙහෙමත් මෝඩ ළමයි. උද්ඝෝෂණ නෙවෙයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. කැදවුම්කරුගේ අනාගතය මේ වෙනකොට සුරක්ෂිතයි. එයාට අවශ්‍ය වූ දෙය තමයි මේ සිද්ධ වුණේ. අත්අඩංගුවට පත් වෙනවා කියන්නේ එයාගේ දේශපාලන ගමනට ආදර්ශයක්. එයාගේ අනාගතය දැන් සුරක්ෂිතයි. මම ඔය දරුවන්ට ආදරයෙන් කියන්නේ උපාධිය අතරතුරම වෘත්තීය පුහුණුවක් ගන්න කියලා. එහෙම නොවුනහොත් ඔය කැදවුම්කරුම අනාගතයේ ඔයාලව ලිප්ටන් වටරවුමට අරගෙන යයි රැකියා දියවු කියලා. (නි)
ආශ්චර්යවත් පොලිසිය. (නි)
ලංකාවේ සමහර මෝඩයන් උසස් තැන් වල ඉදිද්දී මේවා මහා ලොකු දේවල් නෙමෙයි පුතා. (නි)
දුක් සෝ සුසුම් මැද පාරට වැටිලා ඉන්නේ අපි, ප්‍රශ්ණ තියෙන්නේ අපිට, විදින්නේ අපි, අපිට පක්ෂ නැහැ, පාට නැහැ. අපි විදින දුක අපෙන් පසු අනාගතේටත් සංප්‍රේෂණය වෙන්න නොදී වළක්වා ගන්න හදන අපිට වෙන්නේ මේකයි. හුගදෙනෙක් දැන් හුරේ දානවා. ඒ නොදන්නා කම නිසාම කියලා මම කියන්නෙ නෑ, අපි මේ ආසාවට දගලනවා නොවේ. නමුත්, දුෂිතයෝ අල්ලන්න බැරි පොලීසිය අහිංසක අපිට නීතිය පෙනවනවා. හුරේ දාන්න අම්මේ තාත්තේ. මේ දුක අනාගතේ පරපුරටත් ගෙනියන් පාලකයන්ට උදව් දෙන්න. ඔබට දේශප්‍රේමියෙක් කියලා නම දාගන්න පුළුවන්. අපිට දේශ ද්‍රෝහියෝ කියලා හංවඩු ගසන්න. අනගාරික ධර්මපාල වැනි ශේෂ්ඨයෝත් මේ රට දාලා ගියේ මිනිසුන්ට තේරුම් කරලා දීලා එපා වෙලා. ඔහුන්ව රැකෙන්න ඉඩ හරින්න. අධ්‍යාපන අයිතිය ඉල්ලා කෑ ගසන අපිව තලනවා පෙලනවා බලලා සතුටු වෙන්න. එත්, මට හොද අම්මෙක් සහ තාත්තෙක් ලැබුණ එක ගැන මම සතුටු වෙනවා. (ස)
පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න. (ස)
අනේ මෙහෙම පිරිසක්? මෙහෙමද ප්‍රශ්න විසදන්නේ? (ස)
පුතාල පරිස්සමින් කරන දෙයක් කරන්න මේ වෙලාවේ හොදට ඔලුව කල්පනා කරල වැඩ කරන්න (ස) තරුණ වයස ඔහොම තමයි නමුත් සීමාවක් ඇතිව වැඩ කරන්න (ස)
විකාර ඕව
අනේ මෙහෙමත් රටක්(නු)
ළමයිනේ, ජේවීපී එකට නම් අහුවෙන්න එපා. (නි)
හිතවත්කම් වලට උගත්කම පාවා නොදෙන නිසා පුද්ගලික විශ්වවිද්‍යාල දියුණු වෙනවා. රජයේ විශ්ව විද්‍යාල වල පල්ලට යනවා.බොරුවට ආචාර්යවරුනට සුදුහුණු ගාන්න එපා.විශ්ව විද්‍යාලවල කථිකාචාර්ය තනතුරු සඳහා බඳවා ගැනීමේදී හරියට දූෂණ අක්‍රමිකතා වෙලා තියෙනවා.මේවා හොයලා බලන්න කියලා මම අතිගරු ජනධිපතිතුමාගෙනුයි, ගරු ආරක්ෂක ඇමතිතුමාගෙනුයි ඉතාම ගෞරවයෙන් කාරුණිකව ආයාචනා කරන්න කැමතියි. ඒ වගේම රටේ මහජනතාවගේ මුදල් මේ ආචාර්යවරුන්ට තමන්ගේ බුදලයක් වගේ යොදවා ගෙන තිබේ නම් වැරදිකරුවන්ට නිසි දඩුවම් කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා.තෙරුවන් සරණයි !!! (නි)
ඩේවියන් මහත්තයා, මම කැදවුම් කරුගේ සංගමයේ කෙනෙක් තමා. මට අනුවර්ත නාම අවශ්‍ය නෑ පෙනි හිටින්න. මම බොරුවට අදහස් දාන්න ක්‍රියා කළේ නෑ. අලසත් නෑ, උදේ රෑ දෙකේම මහන්සි වෙලා පඩම් කරලා ඇවිත් ඉන්නේ. ඇත්ත සහ සාධාරන අයිතියක් වෙනුවෙන් පෙනී සිටින්න මට ලැජ්ජා නෑ. අවශ්‍ය නම් මට මම ගැන තොරතුරු පත්තරවලට දෙන්න පුළුවන්. මම ලැජ්ජා වෙනවා කුඩු කාරයෝ, මැරයෝ, නිවටයෝ, දූෂකයෝ ආදී දඩුවම් ලබන්න ඕන අය සිටිද්දී, සාධාරනය ඉල්ලන සහෝදරයෙක්ව පොලීසිය අරන් යද්දී, මේ වෙනස නොතේරී සුඛිත මුදිතම තලුමරන සමහර වැඩිහිටියෝ අපි අතර සිටීම ගැන.(ස)
බොරු වැඩ
වැඩක් නැහැ අනේ ඕවා