පොලොන්නරුව ඓතිහාසික රංකොත් වෙහෙරට දකුණු දෙසින් පිහිටි ඉපැරණි පුරා විද්‍යා ස්මාරකයක් වන ස්වස්තික පොකුණ නිදන් හොරුන් විසින් හාරා විනාශ කොට ඇතැයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මහා පරාක්‍රමබාහු රජ සමයේ (1153-11863) ඉදි කරන්නට ඇතැයි සැළෙකෙන ඉතාමත් අලංකාර පොකුණක් වන මෙහි මෑත කාලයේ මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල මගින් සංරක්ෂණය කරන ලද්දකි.
ස්වස්තික පොකුණේ මධ්‍යයෙහි අඩි දෙක හමාරක පමණ දිගින් හා පළලින් යුක්ත වළක් හාරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වස්තික පොකුණ නිසා, හිට්ලර්ගේ හදවත මේකෙවත් තියෙයිද කියලා හොයලා බලන්න ඇති (නි)
කෝ මේ බොදුබල සේනාව? (නි)
මෙවැනි තැන්වල මෙවැනි දේවල් කරන්නේ එසේ මෙසේ හොරු නොවන බව මුළු ලංකාවම දන්නවා. (නි)
බල සේනාව නිදිද? මේවට නේද කෑගහන්න ඕනේ.(නදී)
හැබෑටම කෝ බොදු බල සේනාව ? අනේ එයාලට මේවා පෙන්නේ නැ වගේ. වටලන්න විදිහක් නෑ වගේ. සේනාව කෙසේ වෙතත් එක සෙබලෙක්ටවත් පේන්නේ නැද්ද?(නදී)
අනේ අනේ කට්ටියක් නිදන් හොයනවා, ඒ හොයන්න කරලා තිබෙන විනාසේ දැක්කම කට්ටියක් බොදු බල සේනාව හොයනවා. සමහර අයට දැන් හීනෙනුත් පෙනෙන්නේ බොදු බල සේනාව. හීනෙනුත් කෑ ගැහෙනවා සේනාව කෝ කියලා. වැසිකිලි යන්නත් මේ අයට දැන් සේනාව ඕනෑ වෙලා වගේ. හැම එකටම බොදුබල සේනාව එනකම් හිටියොත් රටක් ඉතුරුවෙන්නේ නැහැ. ඔවුන්ගේ කර්තව්‍ය එසේ සිදුවෙද්දී සිංහලයෝ නිදාගෙන ඉන්නවා මර නින්දේ. "ඇස් ගෙඩි දෙකට හෙන වැදිලද සිහලුන්නේ" !!!!!! (නි)
උපාලි , අද අපේ දේවල් අපිටම පරෙස්සම් කරගන්න වෙලා තියෙන්නේ , ඒ නිසා බැරිද ඔය පැත්තෙන් ආරක්ෂක බල ඇණියක් හදලා මේවා පරෙස්සම් කරන්න දායක වෙන්න (නි)
රටේ නායකයන්ට මේවා පෙන්නේ නැද්ද?. එයාල ගනං ගන්නේ නැද්ද, ඒක ප්‍රශ්නයක්.(නදී)
දැන් නිදන් හාරන කට්ටිය වැහි වැහැලා. එක පැත්තකින් රාජ්‍ය අනුග්‍රහයෙන් හාරනවා. තව පැත්තකින් හොරට හාරනවා. ඓතිහාසික නිදන් වස්තු අපිට ඉදිරියේදී නැත්තට නැතිවෙයිද?(නදී)
අපේ පුරා විද්‍යාවව තියෙන්නේ හාරුවට පස්සෙයි මෙන්න හාරලා , කියන්නද? අනේ මුන්ට පඩිත් ගෙවනවානේ (අ)
බල පත්‍රලාභී හොරු.(නදී)
ඔය නිදන් වස්තු කතාව මිත්‍යාවක්. රටක් පාලනය කරපු රජවරුන්, තම වස්තු පොලව යට හංගන්න තරම් නිවටයෝ නොවේ.(නදී)
ලංකාවේ දැන් ගොඩක් සංවිදාන තියනවා නමුත් ඒ තිබුනට උද්ඝෝෂන කරන්නේ මෙලොව රහක් නැති දේවල්වලට. අවශ්‍ය දේට කිසිම කෙනෙක් කතාකරන්න නැහැ ඔහොම යන්. අපිටත් හරක් වගේ බලා ඉන්න තමා වෙලා තියෙන්නේ?(නදී)
මෙහි කිසිම ආරක්ෂාවක් නැහැ. රාත්‍රී කාලයට ඉතාමත් අන්දකාරයි. ඕන හොරෙකුට ඕනෙම දෙයක් කරන්න පුළුවන්, ලඟදි නෙලුම් පොකුණත් හෑරුවා. මේ වගේ පුරා විද්‍යා එකක් තිබුනොත් තව ටික කලකින් පුර විද්‍යා ස්ථාන අපිට අහිමි වෙලා යයි.(නදී)