යාපනයේ දැරිය දූෂණය කළ අය අතර ස්විස්ටර්ලන්තයේ වැඩකරන යාපනයේ අරක්කැමියකුද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඔහු ස්විස්ටර්ලන්ත පුරවැසියකුද නැද්ද යන්න තහවුරුවී නැත.
මෙම සමූහ දූෂණය වීඩියෝ කළ බව මහජනයා කියතත් එය තහවුරුවී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මහජනයා කලබල වී උද්වේගයෙන් හැසිරීම නිසා නඩුවේ සාක්කි විනාශවී යන බවත් දැනටම එවැනි සිද්ධියක් වී ඇති බවත් ගුණසේකර මහතා කියයි.
සැකකරුවන්ගේ ගෙවල් කිහිපයකට ගිනි තබා ඇතැයිද ගිනිතැබූ එක් ගෙයක එම දැරියගේ කරාබු දෙකක් තිබූ බවට තොරතුරු ඇතත් ඒ සාක්කිද විනාශවී ඇතැයි ඔහු පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා ඇත.
පොදු දේපළට හානි කර ඇති සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
වීඩියෝ - රොමේෂ් මධුෂංක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසංක කිවුව කතාව හරියටම හරි. හේවාවිතාරණ කිවුවා වගේ මේ අවස්ථාවෙන් සමහර දේශපාලඥයින් ප්‍රයෝජන ගන්න හදනවා. (නි)
නමුත් මහජනතාවගේ කෝපයේ යම් සාධාරණත්වයක් තිබේ (නි)
මේ අහිංසක දැරිය දුෂණය කරපු පළමු නරුමයාට ඒඩ්ස් නමැති මාරාන්තික රෝගය තිබුනේ නම් මා ගොඩාක් සතුටු වෙමි. ඒ මන්ද අනිකුත් නරුමයන්ටද ඒඩ්ස් රෝගය අනිවාර්යෙන් වැළදී,අනාගතයේදී එවුන්ද අකාලයේ මිය යන බැවිනි. (නදී)
උපරිම දඬුවම ලබාදෙන්න. (නි)
මොනවා වුණත් පවු අහිංසක දැරිය! (නි)
මේ නරුමයන් මිනිසුන්ට භාර දෙන්න තියෙන්නේ. නීතිය පැත්තකට දාලා මෙවන් දුෂ්ටයන් විනාශ කරන්න යහපාලන ආණ්ඩුව ක්‍රියා කළ යුතුමයි- නැගණියනි ඔබට නිවන් සුව--මෙවන් දුකක් නෙවේවා..(නදී)
අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ මධ්‍යස්ත බව යහපාලනයේ අනිවාර්ය අංගයක්. ජනාධිපති තුමාගේ පහනෙන් එළිය ලබා ගත්ත ඇතැමුන් යහපාලනය කඩා කප්පල් කරන අන්දමේ නින්දිත ක්‍රියාවල යෙදෙනවා. මේ තුලින් උතුරේ ජනතාව යහපාලනය කෙරේ තිබු බලාපොරොත්තු සහ විශ්වාශය කඩ කර ගන්නවා. මේ තත්වයට වහාම පිළියම් නොයෙදුවොත් ඉදිරියේදී "පහ යාලනය" ගෙනියන්නේ පරාජිතයාගේ නායකත්වයෙන් පන ගැන්වුන කඩා කප්පල් කාරයෝ ටිකයි(නදී).
නීතිය අතට ගැනීම වැරදි ආදර්ශයක් (නදී)
මේ අයට උපරිම දඩුවම් ලබා දිය යුතුයි.(හේ)
මෙයාලට අරාබියේ දෙන දඩුවම් දෙන්න ඕන ප‍්‍රසිද්ධියේම අායෙ තව කෙනෙක්ට මේ දේ වෙන්න කලින්. බැරිනම් කැමති දඩුවමක් දෙන්න කියල මහ ජනතාවට බාර දෙන්න. (බ)
මෙයාල එකතු වෙලා සාක්කි නැති කරලා පස්සේ සාක්කි නෑ කියලා නිදහස් කරයිද දන්නේ නෑ.(හේ)
ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)
පහුගිය කාලේ මෙහෙම දෙයක් වුණා නම් වැරදි කළ අයව ප්‍රාදේශීය සභාවක සභාපතිකමකටවත් පත්කරනවා. යාපනේ මිනිස්සු එහෙම පොලිසියටත් උසාවියටත් පහරදෙන්නේ වැරදිකාරයන්ව ඉල්ලලාලු. බේරගන්න කියලා නෙමෙයි (නි)
මෙහි පිටුපස යම්කිසි අදිසි හස්තයක් තිබේද යන්න හොඳින් සොයා බැලීම නුවණටහුරු බව මට වැටහේ