ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම ලබන 13-14 දිනවල සූරිච්හි ජී ඉසෙඞ් හිර්සෙන් බක් 55 හෙලන් කෙලර් ස්ට‍්‍රාස්හි සුරිච් 8051 යන ස්ථානයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා විහාරාධිපති ලේඩියන්ගල සුදස්සි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම පැවැත්වේ. සරත් කුමාර, නියමුන් පෙරේරා, කි‍්‍රස්ටිනෝ පෙරේරා සහ අනෝමා අදිකාරි යන මහත්ම මහත්මීහු ඇතුළුව ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ පිරිස් දායකත්වය උසුලති. මහා පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් කඨින චීවරය පුජා කිරීම සහ සපිරිකර සංඝගත දක්‍ෂිනාවක් පිරිනැමීමද පින්කමට අයත්වේ. ප‍්‍රධාන සංඝනායක හා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික, ප‍්‍රංශයේ සංඝනායක පරවාහැර චන්දරතන ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගස්යායේ ඥණිස්සර, පැරිස් බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද, එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවල රේවත, ජර්මනියේ ප‍්‍රධාන සංඝනායක වල්පොල කල්‍යාණතිස්ස ජර්මනියේ මයික් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රත්මලේ පුඤ්ඤරතන යන හිමිවරුවරු ඇතුළු මහා සංඝරත්නය වැඩම කරති.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ස්විස් කඨින පින්කම 13-14
ජනිත් Thursday, 11 October 2012 04:01 PM
බුදු සසුන බැබලේවා ..චිරං ජීවතු ..ආයු රක්ඛංතු ආවඩා.... (ස)
ධර්මදාස Friday, 12 October 2012 01:04 AM
දැන් පැරිසියේ අධිකරණ සඟ නායකයන් නැත. (නි)
නත් දිසානායක Friday, 12 October 2012 03:23 AM
කථින පිංකම තියෙන තැන සහ ගමන් මාර්ගය.., HA GAMAN MARGAYA. GEMEINDE ZENTRUM (GZ) HIRZENBACH, HELEN KELLERSTRASSE 55,8051 ZURICH,SWITZERLAND. (නු)
චන්ද්‍රසිරි Thursday, 11 October 2012 07:13 PM
මේක තියෙන තැන නම නම් හරිම අමාරුයි කියවන්න..!(නු)