(දයාසීලි ලියනගේ)
අද (8) උදේ 10.30ට පමණ හදිසියේම සිවිල් ගුවන් සේවා අධිකාරී කාර්යාලයට පැමිණි රහස් පොලිසියේ නිලධාරීන් 30ක පමණ කණ්ඩායමක් එහි සේවකයින්ගේ පරිගණක පරීක්ෂා කිරීම ආරම්භ කර ඇත.
ආයතනයේ සේවකයන් අභ්‍යන්තර තොරතුරු මාධ්‍යයට ලබා දෙන බවට පාලන අධිකාරියෙන් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂා කරන බවට වාර්තා වේ.
මීට අමතරව රහස් පොලිසිය විසින් සේවකයන්ගෙන් ප්‍රශ්න කරනු ලබන බව ද එම් අධිකාරීයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් කැළුම් කොඩිතුවක්කු මහතා කියයි.
වංචා දූෂණ පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රියාකළ සේවකයන්ගෙන් රහස් පොලිසිය මෙලෙස ප්‍රශ්න කිරීම යහපාලනය දැයි ජනපතිගෙන් විමසා සිටින බවද ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේවා අහල වැඩකලොත් අමාරුවේ තමයි. මම දන්නේ නැහැ, පත්තරෙන් දැක්කෙත් නැහැ කියාවි. පස්සෙන් යන අයට තාමත් මේක තෙරෙඋනේ නැද්ද?