බීමතින් ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරී වරද පිළිගත් භික්ෂුකට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා මාස හයක සිර දඬුවමක් නිමය කැර එය පස්වසරකට අත්හිටැවීය. රුපියල් 2500ක දඩයක් ද මෙසේ නියම වූයේ තලාතුඔය රතනජෝති හිමිනටය. චීවරය පොරවාගත් භික්ෂුවට මවුපියන් වඳින හෙයින් සිවුරේ ගෞරවය රකින්නැයි මහේස්ත්‍රාත්, හිමිනමට තරයේ අවවාද කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරටම කලින් මෙයා ඇත්ත හාමුදුරුනමක්ද කියල හොයල බලන්න ඕනෙ. අපේ සාසනයට අගෞරව කරන්න කෙනෙකුට සිවුරක් ඇඳගෙන මෙහෙම කරන්න පුලුවනි. (ස)
පැවිදි අයගේ තියෙන වැරදිවලටත් දඩුවම් දෙන්න ඕන...(ස)
සිවුර දරාගෙන ශාසනයට අපහාස කරන්න බොහෝ දෙනා සැරසෙනවා..!(නු)
මෙම හාමුදුරැවන් පිළිබද විස්තර සොයා බලන්න.. මෙයා ඇත්තටම අපේ ශාසසනයේ පැවිදි වෙලාද මොන නිකායට අයත්ද කියලා සොයා බලන්න..!(නු)
නිර්වානාවබෝධය කරා යන අය මේ ලෙස හැසිරෙන්නේ නැහැ.. මෙයා එයට සුදුසු කෙනෙක් නෙමෙයි..!(නු)
ඔය තවත් එක් හාමුදුරු කෙනෙක් විතරයි... තව කොපමණ ඉන්නවාද වැරදි කරන..!(නු)
පින්වතුන්ට ඇයි මෙතරම් අපහාස කරන්නේ (අ)
ඇයි මේ තත්ත්වයට පස් වසරක් බලාගෙන ඉන්නෙ.. ? ඒ කාලෙ වෙනකොට තව මොනවා කරයිද දන්නේ නැහැ.. (නු)
ලැජ්ජයි! (නි)
මහේස්ත්‍රාත්තුමාට වුණත් එවෙලේ කණගාටු හිතෙන්න ඇති සිවුරට වෙන අවමාන ගැන (නි)
මේ වගේ ගැටලු බාරදෙන්න ඕන නිකායේ මහානායක හාමුදුරුවන්ටයි.. සංඝ සභාවේ හොද දඩුවම් තියෙනවා මේවට උතුමාණෙනේ..!(නු)
හෙළ උරුමය හැදූ ධර්මරාජ්‍යයේ ප්‍රතිඵලයි මේ. තවත් හාමුදුරුවරුන් පාර්ලිමේන්තුවට යවා අනේක පින් පමුණුවාගන්න. (නි)
ඔය අවවාද එයාට වැඩක් වෙන්නේ නැහැ. ආයෙත් පරණ සුපුරුදු විදියටම වැඩ පටන් ගනීවි. (නි)
හොරු කොහොමද සිවුරකට ගරු කරන්නේ? (නි)
මේ වගේ අයව ධර්මාධිකරණයක නඩු අහලා උපැවිදි කළොත් තමයි හොඳ. (නි)
රැපියල් දෙදහස් පන්සීය මදිනේ.. එයා නැවත මේ වරද කරයි..!(නු)
නායක හාමුදුරුවනේ ධර්ම සංගායනාවක් කරන්න. බෞද්ධාගම විනාශ කරන අය පන්නා දමන්න..!(නු)
සිවුරු හැරලා ගිහිල්ලා ඕනම දෙයක්..!(නු)
ගරු කළ යුත්තේ සිවුරට නොව ධර්මයටයි. එහෙම නේද? (නි)
සුරාමේරය මච්ඡපමා දට්ඨානා කියලා ඔබවහන්සේලාද අපට කියා දුන්නේ..!(නු)
මුළු සංඝ ශාසනයටම නිගාවක්..!(නු)
මහේස්ත්‍රාත් තුමනි, සිවුරට ගරු කරලා දෙන දඩුවම හොදට මතක හිටින්න දෙන්න..!(නු)
මේවගේ අයට සිව්ර සුදුසු නැහැ.. ආගම විනාස කරන අය..!(නු)
ධර්මය රකින්න ඕන නම් සියළු අත්දැකීම් ලබා අවසානයේ ඒ ගැණ කළකිරීමෙන් ධර්ම මාර්ගයට පිවිසිය යුතුයි..!(නු)
මහා නායක හිමියනි ඔබවහන්සේලා මේවට ක්‍රියාත්මක විය යුතුයි.. සංඝාධිකරණයක් තියෙනවා නේද?(නු)
තලාතුඔය ජනතාව මේ භික්ෂුව ගැන මීට පසු බලාගනීවි..!(නු)
මේ පුද්ගලයන්ව සංඝාධිකරණයකට යොමු කොට උපැවිදි කළොත් හොදයි.
"කිත්සිරි මේ වගේ අයව ධර්මාධිකරණයක නඩු අහලා උපැවිදි කළොත් තමයි හොඳ." සහතික ඇත්ත.. එත් මොනවා කරන්නද අපේ සියලු නිකායවල මහනායක උන්නාන්සේලා අතිශයින් කාර්ය බහුල බැවින් ඕවාට කෝ වෙලාවක්.. ඒ හන්දා දැනට අපි බොදුනුවන් එක්වෙලා 'අන්‍ය ලබ්ධිකයින්' පතුරු අරිමින් ඉඳිමු. එක්කෝ බටහිර රටවල් වලට, නැත්නම් ටීෂර්ට් වල බුදුරූ මුද්‍රණය කෙරීම වැනි දේවල් වලට විරුද්ධව පාරේ සටන් කරමු. එතකොට හරි. අපට ඕන ගෙදර ප්‍රශ්න අමතක වෙන්න අහල පහල කාටහරි වලියක් අදින්න විතරනේ. (ස)
ඇත්තටම ලැජ්ජා සහගතයි.. මේ බුදුන්ගේ මාර්ගය නෙමෙයි.!(නු)
සිවුර ගළවලා යවන්නයි තිබුණේ. (නි)
අයියෝ සල්ලි
හාමුදුරුවොත් බේබදු වෙලාද? (නි)
ගරු මහා නාහිමි වරුණි.. සංඝාධිකරණයක් වහා ඇතිකරන්න..!(නු)
මෙයාලගේ සිවුර ගළවලා මෙයාලව එල්ලන්නයි තියෙන්නේ. (නි)
මේ මොකද අපේ හාමුදුරුවන්ට වෙලා තියන්නේ? තව ටික කලක් යනකොට හරි හාමුදුරුවෝ කෙනෙක් හොයාගන්නත් බැරිවෙයි. (නි)
සිල්වත් ගුණවත් භික්ෂුවක් තෝරාගැනීමට මහජනතාවට හැකිවීමට ක්‍රමයක් ඇතිකළ යුතුයි.!(නු)
මුස්ලිම් අය චිත්‍රපටයක් සම්බන්ධව තමන් උද්ඝෝෂණ පවත්වා තමන්ගේ විරෝධය පෙන්වන අතරේ අපේ බෞද්ධයෝ එය අපහාසයට ලක්කර අදහස් පළ කරනවා. ඊට වඩා ජරා වැඩ අපගේ සංඝයාණන් කරනවා. මේවා අපේ බෞද්ධයන්ට ජරා වැඩ හැටියට පෙනෙන්නේ නැද්ද. අන් අයට උපදෙස් දෙන්න කලින් අපේ ආගම රැක ගැනීමට බලා ගමු. (නි)
බොන්ඩ දීපු පුද්ගලයවත් ඇල්ලුවානම් හරි.
සිවුරක් දාගත් පළියට භික්ෂුවක් වෙන්නේ නැහැ... මොහු භික්ෂුවක් නොව චීවරධාරියෙක්..!(නු)
අධිකරණ සංඝ නාය කියලා තණතුරක් තියෙන්නේ ඒ හාමුදුරුවන්ට පුළුවං නේද මේ අයට දඩුවම් කරන්න.!(නු)
මහේස්ත්‍රාත් හරි
ලැජ්ජයි
කෝ, මොකෝ අපේ මහානායක හිමිවරු සද්දයක් නැත්තේ? (නි)