ඉනාමළුවේ සුමංගල සියම් නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහානායක මා හිමියන් වැඩ සිටින උයන්වත්ත පන්සලේ ඔත්තු බලමින් අසල පන්සලක රැයක් ලැගුම් ගත් සිවුරු ඇඳගත් පුද්ගලයකුගේ පාත‍්‍රයෙන් උල් පිහියක් සොයා ගත් බව දඹුල්ල පොලීසිය කියයි. ඇඹුල්අඹේ මේධානන්ද අනුනාහිමියන් සිටි පන්සලේ ධාතු කරඬුවක් කඩා පන්සලෙන් පැන යද්දී කිලෝමීටර් දෙකක් ලූහු බැඳ ඔහු අල්ලා පොලිසියට බාරදී ඇත. ඔහුගේ පාත‍්‍රයද අලූත්ම පාත‍්‍රයකියි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට අදම ක්‍රියාත්මක විය යුතුයි..!!(නු)
හිඟන්නාගේ පාත්තරේට විතරක් නෙමෙයි, දැන් හාමුදුරුවන්ගේ පාත්තරේටත් හෙනහුරා පාත් වෙලා වගෙයි නේද? (නි)
බණ්ඩාරනාකය මහත්තයා මැරුවා වගේ ඉනාමලුවේ හාමුදුරුවන්ටත් කොන්ත්‍රාත්තුවක් දුන්නද දන්නෙ නැහැ..!!(නු)
දළදා සමිදු වැඩ ඉන්න සිරි ලක් බිමේ ඇයි මෙහෙම සිදුවන්නේ කඳ සුරිදුනේ...(ස)
බලන්න රට දූෂණය වෙලා තියෙන තරම..!!(නු)
බෞද්ධයන් අවදියෙන් ඉන්න මේ තුල ඇත්තේ ලොකු කුමන්ත්‍රණයකි.. ඉනාමලුවේ හාමුදුරුවන්ට අනතුරක් කර ජාතිවාදය අවුලන්න දරපු අසාර්ථක උත්සාහයක්.. සැකකරු ගස් බැද ඇත්ත දැනගන්න කටයුතු කරන්න..!!(නු)
මේ වගේ අය ලොකු ලොකු තැන්වලත් ඉන්නවා නේද? (ස)
මෙහෙම වැඩ කරන අයට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි..!!(නු)
භික්ෂූන්වහන්සේලාට නිල හැදුනුම්පත් නිකුත් කරොත් හොඳයි නේද? (ස)
එයා රැස්කරගත් දේ එයාම ගෙනියාවි ..(ස)
මීට පස්සේ වඳින්න කලිනුත් භික්ෂූ හැදුනුම්පත බලන්න වෙනවා..(ස)
කවුරු හරි දානය පිරිනමන වෙලාවක වැරදිලා පාත්තරේට උල් පිහිය වැටෙන්න ඇති. (නි)
අදම ක්‍රියාමාර්ගයක් ගන්න..!(නු)
මේ ප්‍රශ්නෙත් ජනාධිපතිටමද? (ත)
බුදු දහමට නිගරු කරන හැටියක්..(ස)
බෞද්ධයන් නැති කරන්නයි යන්නෙ..!!(නු)
මෙයා මොන කණ්ඩායමට අයිති කෙනෙක්ද? (නි)
අයියෝ සල්ලි කියුවලු
නීතිය ක්‍රියාත්මක විය යුතුයි. (නි)
කෝ තාම කවුරුවත් කිව්වේ නෑනේ අන්‍යාගමික කුමන්ත්‍රණයක් කියලා....(ස)
ඔයින් ගියා ඇති. (නි)
පන්සල් වලා පොලිස් ආරක්ෂාව දුන්නා කියලා වැඩක් වෙන්නේ නැහැ. පොලිසිය ගැන අද කාලේ විශ්වාසයක් තියන්න බැහැ. (නි)
සිවුරට මුවාවෙලා මේ අය කරන මේ වැඩ නිසා අපේ ගම්වල ඉන්න අහිංසක හාමුදුරුවරුනුත් අපහසුතාවයට පත් වෙනවා. (නි)
උපරිම දඩුවම් දිය යුතුයි. (නි)
1956 වුණා වගේ වැඩක්. (නි)
මෙම පුද්ගලයා කවුරුන්ද? කුමන කණ්ඩායමකට අයිති කෙනෙක්ද? යන්න වහාම රටට හෙළි කරන්න. (නි)
සිදුවීමට ගිය අපරාධයක්. ඔයින් ගියා ඇති. (නි)
සිදුරු දරා ගත් හැමෝම හාමුදුරුවෝ නොවෙති. (අ)
මේ වගේ පවු කරන අයට හොඳක් වෙන්න එපා (අ)
පාත්තරයට හෙන හුරා පහත් වුණාවාගේ (අ)
මෙවැනි පුද්ගලයින් නිසා නිර්මල බුදු දහම විනාශ වෙනවා. (නි)
තව ටික දවසක් යන කොට පන්සල් වලටත් පොලිස් ආරක්‍ෂාව දෙන්න වෙයි. පන්සල්වල හරියට බුදුදහම අදහනවානම් ඔයදේවල් ඔහොම වෙන්නේ නැහැ . (නි)
සම්බුදු සසුන්ට වින කරන්නට පැමිණි දෙවුදත් පරපුරේ කෙනෙක් වෙන්න ඇති. (නි)
සිවුරු හොරා අල්ලා ගත්ත එකනම් ගොඩක් හොඳයි.. (ස)
තත්ත්වය මෙලෙසින් වූ කල පිදිය යුත්තන් අප තෝරාගත යුත්තේ කෙසේද? (නි)
පාත්තරේ හිලක් තිබුණද දන්නේ නැහැ. (නි)
පන්සලට වහා ආරක්ෂාව සපයනු! (නි)
කලියුගයේ මේවා වෙනවා (අ)
පළමුව දිඹුලාගල හාමුදුරුවෝ.. දෙවනුව සෝම හාමුදුරුවෝ.. තෙවනුව ඉනාමලුවේ හාමුදරුවෝවෙන්න නම් එපා..බෞද්ධයිනි අවදිවව්..!!(නු)
සුමංගල හාමුදුරුවන්ට පරිස්සම් වෙන්න වෙයි (අ)
මට යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන් පංචත්‍රන්ත්‍රය ඇසුරින් ලියූ “මිතුරන් කෙටවීම” නැමති පොතේ කවියක් සිහි වේ. මීට සමාන අදහස් ඇති සංස්කෘත ශ්ලෝකයක් පංචතන්ත්‍රයේ ඇත. අපායට යන්න ඕනෑනම් නුඹට කරපන් මහ ඇමතිකම සත් දවසකට නැතිනම් පන්සලක දේවාලයක සිට අධිපතිකම කරපන් එක දවසකට අද වැඩිපුරම ඉන්නෙ විහාරාරාම දේපළ ආරක්ෂා කරමින් එම දේපළ වලින් ලැබෙන ආදායමෙන් හා සැදැහැවතුන් දමන පුදන පුදපඬුරු වලින් කාම සුඛලික්ඛානු යෝගයේ උපරිමයෙන් ගමන් කරන භික්ෂු වෙස් ගත් පුදගලයින් නිසා පන්සල්ද පන්සල ඇසුරේ ඇති සමාජයද ශීඝ්‍ර අධ්‍යාත්මික පරිහානියකට ලක්වෙමින් පවතී. (නි)
පරිස්සමින්! දණ ගහලාම වඳින්න හොදේ. නැත්නම් වැදෙයි පිහි පාරක්. (නි)
ඕකත් ඉතින් දේශ පාලුවෙකුගේ වැඩක් වෙන්නත් පුළුවන්. මොකද ඕනෑ තරම් ඔය වගේ දේවල් මේ දහම් දීපයේ වෙනවා නේ . (නි)
ඕක මොකක්ද? සමහර හාමුදුරුවරුන්ගේ අදන අස්සේ පිස්තෝලත් තියෙනවා. (නි)