සෙවනැලි රූකඩ කලාව අධ්‍යාපන මෙවලමක් ලෙස භාවිතා කරමින් ළමා ලෝකය විචිත්‍රවත් කිරීමට සැරසෙන තරුණ චිත්‍රකලා ශිල්පියෙකු වන කෝසල ප්‍රියම් කුමාර මහතා වෘත්තියෙන් ගුරුවරයෙකි.
මුහුණු පොත සමග අන්තර්ජාලයේ වල්මත්වී සිටින මේ යුගයේ ළමා හා තරුණ පරපුරේ මනස සෙවනැලි රූකඩ කලාව තුළින් සුවපත් කිරීම ඔහුගේ අරමුණයි.
ශ්‍රී ලංකාවේ ළමා අධ්‍යාපනය සඳහා සෙවනැලි රූකඩ ඉතා පහසුවෙන් යොදා ගත හැකි බව ඔහු පවසයි.
ප්‍රවීන චිත්‍රකලා කතිකාචාර්යවරයෙකු වු, ශ්‍රී ලංකාවේ සෙවනැලි රූකඩ කලාවට නව ජීවයක් දුන් සිරි කුමාරසිංහ ඔහුගේ පියාය.
ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන් සිප්සතර හැදෑරූ කෝසල කැළණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධයයන අංශයේ ලලිත කලා උපාධිධාරියෙකු මෙන්ම එම විශ්ව විද්‍යාලයේම ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.
ඉන්දුනීසියා රජයේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිරිනැමුනු ශිෂ්‍යත්වයක් මත සෙවනැලි රූකඩ කලාව පිළිබඳ ඉන්දුනීසියාවේ බන්දූන් විශ්ව විද්‍යාලයේ පුරා වසරක් තිස්සේ අධ්‍යනයක් යෙදී ඇති ඔහුගේ අරමුණ වන්නේ මෙරට දරුවන්ගේ අධ්‍යාපන කටුයතු සඳහා සෙවැනැලි රූකඩ යොදාගැනීමයි.
ඔහු ඉන්දුනීසියාවේ ජාවා, බාලි ,කලෙමන්තාන් දුපත් වල සංචාරය කර එම අත්දැකීම් උපයෝගී කරගෙන සෙවැනැලි රූකඩ කලාවේ විශාල පෙරළියකට සුදානම් වන බව ඔහුගේ කලාගාරයට ගිය අපිට දැකගත හැකි විය.
චිත්‍ර කලා ගුරුවරයෙකු වන ඔහු තමා උගැන්වු පාසැල් වල සෞන්දර්ය අධ්‍යාපනය ලබා දෙද්දී රූකඩ රූපන ළමයින් අතර ප්‍රචලිත කිරිම සඳහා විශාල වැඩ කොටසක් සිදු කර ඇති අයුරු ඔහුගේ කලාගාරයට ගිය අපිට සියැසින් දැක ගත හැකි විය.
ගම්පහ කුමාරතුංග මාවතේ පිහිටි නිවස ඔහුගේ කලාගාරයයිි.
නිවසේ සාලය හරි මැදින් දෙකට ඛෙදා ඇත. එහි මැද සුදු තිරයක් සහිත විශාල පුවරුවකි. එය එහා මෙහා ගෙන යා හැකි අයුරින් නිර්මාණය කර ඇත. තිරය පිටුපසින් සුදු තිරයට ආලෝක කදම්බ එල්ල කර ඇත. පසෙකින් තැබු විසිතුරු රූකඩ රැසකි. තවත් පසෙක තම්මැටම, තබ්ලාව ඇතුළු සංගිත භාන්ඩ සමග කුඩා ශබ්දාගාරයකි. තිරය ඉදිර පස කුඩා ප්‍රේක්ෂකාගරයකි. එහි දස දෙනෙකුට පමණ පහසුවෙන් අසුන් ගත හැක.
එහිදී අපිට ‘සෙවැනලි‘ රූකඩ නාටකයක් රඟ දැක්වීමට පුහුණු වන තරුණ වයසේ පාසැල් සිසුන් කිහිප දෙනෙකු ද දැකගත හැකි විය.
ඉතා උනන්දුවෙන් දැහැන් ගතව පුරුදු පුහුණු වන එම තරුණ සිසුන් දකින කාගේ වවුද සිතට නිතැතින්ම දැනෙන්නේ සතුටකි. ඒ අද දවසේ බහුතරයක් තරුණ සිසුන් කාලය කා දමන්නේ අන්තර්ජාලය වෙනුවෙන් නිසාය. මුහුණු පොතට, පරිඝනක ක්‍රීඩාවලට මෙන්ම පොප් සංගිතයට, හින්දි රැල්ලට කොටු වී එයම වැළඳගෙන සිටින තරුණ සිසුන් දේශීය කලා නිර්මාණයකට දායක වී සිටීම දැකීමම සතුටක් වන බැවිනි.
ඔවුන්ගේ කුඩා ප්‍රේක්ෂකාගාරයේ සිට අපටද ‘සෙවනැලි රූකඩ‘ නාටකයක් බලා ගැනීමට අවස්ථාව උදා විය.
මුලින්ම ‘නුසන්තරා‘ යනුවෙන් නම් කොට තිබු වාර්ථා වැඩසටහනක් අපි ඉදිරියේ දිස් විය. විනෝදය මෙන්ම කුතුහලය ද එක්ව එය කදිමට නිර්මාණය කර තිබුණි. ආරම්භයේ සිටම අවසානය දක්වාම අපගේ සිත් දැහැන් ගත කිරීමට එය සමත් විය.
කෝසල පැවසුවේ තමා සෙවනැලි රූකඩ කලාව උගත් ඉන්දුනීසියාවට ගෞරවයක් උපහාරයක් ලෙස නිර්මාණය කළ බවයි. දුපත් 17000 ක් පමණ ඇති ඉන්දුනීසියාවේ සියළුම දුපත් එකතුවට භාවිතා කරන නම නුසන්තරා බව ඔහු කීවේය.
ඉන් පසු අප නැරඹුයේ නුල්, රිටි, ජීව ආශ්‍රයෙන් නිර්මාණය වු ‘ජුදා දේශයෙන් කතන්දරයක්‘ නැමැති මිශ්‍ර මාධ්‍ය රූකඩ නාටකයයි. බයිබලයේ උපමා කතා රැගෙන ඇලඩින්ගේ පුදුම පහණ දිගැ හැරුනු අන්දම අපුරුය.
නුසන්තරා වාර්ථා වැසටහන සමග ඇලඩින්ගේ පුදුම පහණ ලබන පහලොස් වෙනිදා සවස පහයි තිහට ගම්පහ වයි.එම්.බී ශාලාවේදී ප්‍රදර්ශනය කරමින් තරුණ පරපුරට නැවුම් අත් දැකීමක් එක් කරදෙන්නට ඔවුන් සුදානම් වන අන්දම නම් අපුරුය.
ජාත්‍යන්තර වශයෙන් සෙවැනලි රූකඩ කලාවට ඇති ඉල්ලුම පිළිබඳව ඔහු පවසන්නේ මෙවන් අදහසක්
‘‘ඉන්දුනීසියාව, ජාවා දුපත් වැනි රටවල් සෙවනැලි රූකඩ කලාව මගින් විශාල පෙරළිියක් සිදු කර තිඛෙනවා. ඔවුන් මේ කලාව සමග ගොඩක් ඉදිරියෙන් සිටින්නේ.
ඒ වගේම යුරෝපා රටවල ළමා අධ්‍යාපනය සඳහා සෙවනැලි රූකඩ යොදා ගන්නවා. . ශ්‍රී ලංකාවේ උනත් ළමා අධ්‍යාපනය සඳහා සෙවනැලි රූකඩ ඉතා පහසුවෙන් යොදා ගත හැකියි. එය මා අත් දැකීමෙන් දන්නා දෙයක්.
අද කාලයේ දෙමාපියන් උත්සහ කරන්නේ තම දරුවන් නවීන තාක්ෂනය සඳහා පමණක් යොමු කරවීමයි.
පාසැල සහ ටියුෂන් පන්තිය පමණයි දැන් ළමා ලෝකයේ තියෙන්නේ.
ඒත් මෙවැනි කලාවක් සඳහා දරුවන් යොමු කරවීමෙන් ජාත්‍යන්තර අවස්ථා ගොඩක් ලැඛෙනවා. විදේශීය විශ්ව විද්‍යාල වල මේවා පිළිබඳව අධ්‍යනය කිරීමට ශිෂ්‍යත්ව ඕනැ තරම් තියෙනවා. ජාත්‍යන්තර සංදර්ශන වලට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා.
නමුත් ඒවට යවන්න ඉන්න පිරිස අපේ රටේ අඩුයි. බොහෝම ටික දෙනයි මෙවන් දෙයක් ඉගෙන ගන්නේ.
මටත් ඉන්දුනීසියාවට යන්න ලැබු අවස්ථාව මෙයට කදිම උදාහරණයක්. මම දවසක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබු ප්‍රදර්ශකයක් බලන්න ගියා. ඒ වෙලාවේ ඉන්දුනීසියා තානාපති කාර්‍යාලයේ ප්‍රදර්ශන කුටියේ කිසිවෙක් නොසිටි නිසා මා එහි ගොස් ඔවුන් සමග කතා කළා.
මා ඔවුන්ගෙන් විමසුවා ඉන්දුනීසියිවේ සෙවැනැලි රූකඩ කලාව පිළිබඳව. ඔවුන් කිව්වා අපි මෙහෙම ශිෂ්‍යත්වයක් දෙන්න කෙනෙක් හොය හොයා හිටියේ. කව්රුත් අපෙන් මේ ගැන ඇහුවේ නැහැ ඔයා විතරයි ඇහැව්වේ කියා එවෙලෙම මාව තානාපති කාර්‍යායලයට එක්ක ගිහින් ඒ අවස්ථාව සලසා දුන්නා.
ඉතින් කොහොමද ජාත්‍යන්තර අවස්ථා නැහැ කියන්නේ ‘‘
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සෙවනැලි රූකඩ හපනෙක්
රනිල් Monday, 09 June 2014 07:08 PM
ඔබේ හැකියාවට තැනක් තිබේද කියමින් බලාගෙන සිටි කෙනෙක් නොවේ ඔබ. සුදුසු දේ සොයාගිය කෙනෙක් හා වැඩක් කරන කෙනෙක්. ඔබ වැනි අයට අප ගරු කරනවා. (නි)
ඇසළ Monday, 09 June 2014 03:07 PM
හොද උත්සහයක්. (දී)
උපුල් Monday, 09 June 2014 09:42 PM
රට පාලනය කරණ අයගෙන් වැඩිහරියක් දැන් සෙවනැලි රුකඩ තමා. (දී)
ගාමිණී Monday, 09 June 2014 11:45 PM
කාලයට ඔබින අලුත් යමක් කරන ඔබට අපේ සුභ පැතුම්! (නි)
ඉසුරන්දි Monday, 09 June 2014 06:40 PM
ඔබගේ උත්සාහයට ගරු කරමි. (නි)