සෙවනගල රෝහලේ දොස්තර ජී චන්දන කුමාර නීතීඥයකු මාර්ගයෙන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් රශාන්ත සංජීව ජිනදාස මහතා වෙත බාර විය. මහේස්ත්‍රාත් ඔහු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චාමින්ද විතාරණගේ නිල නිවසේ ජල ටැංකියට වස මිශ්‍ර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රෝහලේ සුළු සේවකගේ ප්‍රකාශයක් අනුව පොලීසිය ඔහු සොයමින් සිටියේය. පෙබරවාරි හතරවැනිදා සිට ඔහු නිල නිවසේ නොසිටි බව පොලීසිය කියයි. පසුගිය 11 දින සෙවනගල රෝහලට විදුලි පුවතක් එවා නිවාඩු ඉල්ලා ඇත. කලක් තිස්සේම වසමුසු ජලය පානය කළ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විතාරණ කොළඹ දී වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙයි. ඔහුගේ බිරිය හා කුඩා දරු දෙදෙනාත්, නිවෙසට ආගිය අයත් මේ වතුර බී ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ කාලෙ දඩුවම් දෙන්න ඕන..
මනුෂ්‍ය සන්තානයේ පිරිහීම දිනෙන් දිනම වැඩිවෙන මේ අමානුෂික ක්‍රියාවන්ගෙන් පෙනෙන්නේ, උගත් කියන අය පොත පතේ උගත්කම විතරක් ලැබුවට මදි, මනසේ සංවර්දනය ලැබිය යුතුමයි.