විනීතා එම් ගමගේ
සෞදි අරාබි හාම්පුතා විසින් ත්‍යාගයක් ලබා දීම සඳහා සොයමින් සිටි ලාංකික සේවයකයා කාර්යංශය වෙත ඉදිරිපත් වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
මීට වසර 20 කට පෙර සෞදියේ සේවය කළ මොහමඩ් සිසාන් හමීඩ් ලෙබ්බේ මහතා මෙසේ කාර්යංශය වෙත ඉදිරිපත් වී ඇත්තේ ඔහුගේ සෟදි හාම්පුතා ගේ පුතු ඔහු පිළිබඳ සොයමින් සිටින බවට කාර්යංශය මඟින් කළ මාධ්‍ය ප්‍රචාරයන් අනුවය.
මොහෙමඩ් සිසාන් හමීඩ් ලෙබ්බේ මහතාගේ සෞදි අරාබියේ රැකියාවේ නියුතු නිවසේ හාම්පුතා විසින් සිය අන්තිම කැමති පත්‍රය අනුව ඔහුගේ වත්කම් වලින් කොටසක් ලබා දෙන ලෙස සදහන් කර තිබු බැවින් මෙසේ ඔහු සොයා දෙන ලෙස තානාපති කාර්යාලය කළ ඉල්ලීමකට අනුව කාර්යංශය මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
කුරුණෑගල පදිංචි මේ පුද්ගලයාට හිමි මුදල් ඉදිරියේ දී සෞදි තානාපති කාර්යාලය හරහා මෙරටට ගෙන්වා ඔහුට ලබා දීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් පවතින බව එහි ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශරියා නීතිය කියන්නේ මේකට තමයි.
කෝටියකට එක කෙනෙක් හොඳ වැඩක් කරන එක ඔය නීතියද හලෝ? අපේ රටේ කිසි කෙනෙක් ඔය සාරියට අනුව වැඩ කරනවද?
වැදගත් වැඩක්. කාට උනත් ලැබිය යුතු දේ ඔහුට හිමිවේවා.!
නීතිය ෂරියා ද නැද්ද කියන එක අදාළ නැහැ. ඒ හාම්පුතා කලදේ අගය කරන්න.
කෙළන්ම මේ පුද්ගලයාට දුන්නා නම් හරි . නැත්නම් ඒක ගන්න කියලත් කට්ට්යක් යයි අපේ සල්ලි වියදම් කරගෙන සව්දි. එහෙම තමය් වුනේ ඉස්සර
හොද දේට හොදයි කියල කටක් ඇරලා කියන්න බැරි මිනිස්සු , ඒකටත් ජාතිය ආගම හොයනවා
අනේ අර මනුස්සයා හොඳ දෙයක් කරලත්, මෙහෙ මරාගන්නවා. කාලකන්නිකම තමයි.
අනුන්ගේ කුණු ගොඩවල් ඔළුවට අරන් සමහර අය නිකන් දොඩවනවා. තම තමන්ගේ වැඩක් බලාගත්තා නම් හොඳයි නේද?
එයාට කෙලින්ම සෞදි ගිහින් තෑග්ග ගන්න කිව්වා නම් ඉවරනේ. එතකොට කාටවත් කුට්ටියක් ලැබෙන්නේ නැහැනේ.
ඔය මුදලට කොච්චර බදු අය කරයිද?
ලාංකිකයකුට නොසිතු වත්කමක් ලැබීම ගැන අපි සතුටු වෙමු.
හොඳ දේට හොඳයි කියලා කටක් ඇරලා කියන්න බැරි මිනිස්සු, ඒකටත් ජාතිය, ආගම හොයනවා.
මිනිස්සු විවිධාකාරයි....හැමෝම එක වගේ හිතන්නේ නෑ....විවිධ ආගම් විවිධ සංස්කෘති තියෙන ලෞකික අපි ජීවත් වෙන ටික කාලෙට (365 *100) ....ඔ්ය ටිකට මොකටද රණ්ඩු වෙන්නේ්....