ශ්‍රී ලංකාවේ ළදරු හා මාතෘ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (11) පැවැසීය.
ගාලුමුවදොර හෝටලයේ පැවැති ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් සේනාරත්න මහතා එසේ කීය.
ළදරු, මාතෘ හා මුල් ළමාවියේ පසුවන දරුවන්ගේ සෞඛ්‍ය වර්ධනය කිරීමෙහිලා මෙරට ළමා විශේෂඥ වෛද්‍යවරුන් සුවිශේෂී කාර්යභාරයක් කර ඇතැයි කී අමාත්‍යවරයා තරුණ පරම්පරාවේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමේ කාර්යය ද ඔවුන් ඉටු කරණු ඇතැයි කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩෙක් මැරුනහම උඩපැනගෙන අදහස් දාන අය මේවා ගැන කතා නැද්ද...? (නි)
එහි ගෞරවය පවුල් සෞඛ්‍ය නිලධාරීනියන්, හෙදියන් ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂෙත්‍රයටම හිමි වෙන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය ගැන ජනතාව දැනුවත් කරන මාධ්‍ය ආයතන හා වැඩසටහන් වලටත් ඒක හිමියි. (ම)
එහෙම අඩු විමක් දක්නට ලැබෙනවා නම් ගොඩක් සතුටුයි.(හේ)
ඇත්තටම මෙය තමයි රටක් විදියට ඉදිරියට යනකොට වෙන්න ඕනි දෙය (හේ)
එවැනි අඩුවීමක් වුන කියන්නේ කොහොමද, මෙයට අවුරුදු 25 කටකලින් වාර්ෂික මාතෘ මරණ 1 ට බස්සලා තිබුන කොට? (හේ)
සුබ ආරංචියක් (නි)