අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා ඒකකයේ අධ්යක්ෂ ධූරයට කර්නල් මංජුල කාරියවසම් මහතා පත්කළේ සේවා ව්‍යවස්ථාවට පිටින් යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද(8) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
එවැනි පියවරක් ගැනීමට සිදුවූයේ අධ්‍යාපන පරිපාලන සේවයෙන් සුදුස්සෙකු තෝරාගැනීමට නොහැකි වූ නිසා යැයි කී හෙතෙම පාසල් අධ්‍යාපනයේ උන්නතිය පතා සම්ප්‍රදායන්ට හා සේවා ව්‍යවස්ථාවන්ට යට නොවී තීන්දු ගැනීමට තමා ක්‍රියා කරන්නේ යැයි ද කීය.
කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී මේ ගැන විමසූවිට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කීවේ එම තනතුරට යුද හමුදා නිලධාරියකු පත් කිරීම ගැන කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත්තේදැයි තමාට නිශ්චිත මතකයක් නැති බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලංකාව නම් දුප්පත් රටේ මැති ඇමතින් පමණක් අසරණ ජනතාවගේ මුදලින් ලෝකේ වටේ රවුම් ගහන්නේ?
කැබිනට් අනුමැතියක් පවා නොමැතිව සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම බරපතල වරදක්. (අ)
ඔහොම ගියොත් නම් අපේ රටේ අධ්‍යාපනය කොතනින් ගිහින් නතරවෙයිද මන්දා. නෑදෑ සංග්‍රහය හොඳින්ම යන වගයි පෙනෙන්නේ. සුදුසුකම් තියෙන අයට ඔන්න අවස්ථාව දැන් තම සුදුසුකම් පෙන්වන්න. (නි)
ඔය වැරැද්ද කලින් ආණ්ඩුව කළාම එෆ්සීඅයිඩී. මෙයාලා කරද්දී උන්නතිය වෙනුවෙන්... (නි)
කාරියවසම් කියන්නේ , නෑදෑයෝ නේද ? (අ)
සුදුස්සෝ නැද්ද? (නි)
අනේ මෙහෙමත් දේශපාලකයෝ? හඬ තියෙන වෙලාවේ වටේටම බෙදාගන්න හැඩයි. අනික මොන වැරැද්ද කළත් දඬුවම් නොලැබෙන බවත් විශ්වාසයි. (නි)
පහුගිය කාලේ දිගට හරහට පාසල් විදුහල්පතිලාට බොරු කර්නල් තනතරු දුන්නා නම්, ක්‍රීඩා ඒකකයට ඇත්ත කර්නල් කෙනෙක් දැම්මම මක් වෙනවද (නි)
මේක පුදුම කතාවක්නේ. ලංකා පරිපාලන සේවයේ සුදුස්සෙකු නැහැ? (නි)
ඒවා එහෙම තමයි. මේක සිරි ලංකාවනේ! (නි)
සයිටම් වෛද්‍ය උපාධිය දීමේ බලය ලැබිලා තියෙන්නේ ව්‍යවස්ථාවට පිටින්ද (නි)
වැරදි පිළිගැනීම හොඳ දෙයක් (නි)
අධ්‍යාපනය ඉහළම අය එහෙම කරයි නම් පහළ අය ගැන කවර කතාද (නි)