(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රාජ්‍ය  බුද්ධි සේවයේ  හිටපු ප්‍රධානී තුවාන්  සුරේෂ් සලේ  පාස්කු  ඉරුදින ප්‍රහාරයට කුමන්ත්‍රණකාරීව සම්බන්ධ වෙමින් එ් සදහා  ඉස්ලාම් අන්තවාදීන්  මෙහෙයවා ඇති බවට විමර්ශනවලදී පැහැදිලි තොරතුරු අනාවරණය වී අැතැයි  මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු   අමාත්‍ය ආනන්ද විජේපාල   මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය

එසේම සලේ පාස්කු  ඉරැදින  ප්‍රහාරයට සති තුනකට පෙර මුස්ලිම් පිරිසක්  මීගමුව ප්‍රදේශයේ  කතෝලික දේවස්ථානවලට යොමු කර එහි පුද්ගල  සංඛ්‍යාවන් ඇතුළු සංවේදී තොරතුරු රැස්   කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

බුද්ධි තොරතුරුකරුවකු එම ප්‍රහාරය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශය  දැනුවත් කර තිබියදී   ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව පැවසූ අමාත්‍යවරයා  අසාත් මවුලානා  නමැත්තාද  බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක්   දෙමින් ප්‍රහාරයට සලේ සම්බන්ධ බවට  ප්‍රකාශ කර ඇතැයිද සඳහන් කළේය.

සත්‍යග්‍රහ  උපවාස කළා  කියලා  මේ විමර්ශන කටයුතු  නතර නොකරන බවද ඔහු  ප්‍රකාශ කළේය

අමාත්‍යවරයා  මෙසේ පැවසුවේ අමාත්‍යාංශ නිවේදන යටතේ  අදහස් ඉදිරිපත් කරමිනි.