
(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් බොරු සාක්ෂි ඉදිරිපත් කළහොත් අධිකරණයෙන් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනු ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක සහ සජබ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
සලේ තවම පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවකු නොව අවශ්‍ය පුද්ගලයකු පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
සැකකරුවන් සම්බන්ධයෙන් මානුෂීය නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව කටයුතු කළ යුතු බව කී හිටපු අමාත්‍යවරයා එසේ කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපවාදයට ලක්විය හැකි බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව එම ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අත්සන් කළ රටක් බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය අධිකරණය ඉදිරියට පැමිණ ඇත්තේ පළමු වතාවට බව කී කිරිඇල්ල මහතා සලේ සම්බන්ධයෙන් අධිකරණය සාධාරණ තීරණයක් දෙනු ඇති බවද සඳහන් කළේය.
ජනතාවට අධිකරණය ගැන උපරිම විශ්වාසය ඇති බවද ඔහු කීවේය.
සලේට මානුෂීයව සලකන ලෙස තමා නැවතත් ඉල්ලීමක් කරන බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මට සුවර් නෑ මහත්තයෝ, මොකද, සලේ බොරු ගොතපුවට මෙච්චර කල් දඬුවම් නෑ!"