(අංජුල මහික වීරරත්න)

2027 වසර වන විට ලංකාවේ  පළාත් නවයටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කාන්ත හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පැවැසුවාය.

පෙර පාසල් ගුරුවරුන් 500 දෙනකු සඳහා ඩිප්ලෝමා සහතික ලබාදීම සදහා  ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහනට ගිවිසුම්ගත වීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරිය මේ බව කීවාය. 

බස්නාහිර පළාත් ශ්‍රවණාගාරයේදී  මෙය පැවැත්විණි.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව  සහ මොස්වර්ල්ඩ් මාටිනස් පදනම එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

පෙර පාසල් ගුරුවරුන් සඳහා ඩිප්ලෝමා ලබාදීම ජාතික අධ්‍යාපන ආයතනය සහ විවෘත විශ්ව විද්‍යලය මගින් සිදු කිරීමට නියමිතය.වසර තුනක් ඇතුලත මෙම වැඩසටහන සම්පූර්ණ කිරීමට නියමිතව තිබේ.

ආදර්ශ පෙර පාසල් දෙකක් පිහිටුවීම, පෙර පාසල් ගුරුවරුන් 1000 ක් වසර තුනකදී පුහුණු කිරීම,පෙර පාසල් සදහා ඉගෙනුම් උපකරණ සහ කියවීම් පොත් ලබාදීම,මාපිය දැනුවත් කිරීම් වැඩසටහන් පැවැත්වීම, ජංගම කියවීම් මධ්‍යස්ථාන  පිහිටුවීම මෙම වැඩසටහනට ඇතුලත්ය.