
(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩිමැනිකේ දුම්රියේ ගමන් ගත් රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක උදෑසන බදුල්ල හාලිඇල දුම්රිය ස්ථානය අතර දී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්පි ජායාරූප ගැනීමට යාමේදී ගල්පර්වතයක ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව හාලිඇල පොලිසිය පවසයි .
පර්මිනෝවා ඔල්ගා (perminova Olga) නැමති 53 හැවිරිදි රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක මෙසේ මියගිය බවද පොලිසිය කීය .
ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා තවත් විදේශීය සංචාරකයන් පිරිසක් සමඟ මෙරටට පැමිණ ඇති මැය අද උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයට පැමිණ ඇය බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රියේ නැග ඇල්ල බලා ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අනතුරකට ලක්වූ පළමු විදේශීය තැනැත්තා ඇය නොවෙයි. මෙවැනි දේවල් වැළැක්වීමට මාර්ගෝපදේශ ලබා දෙනවා නම් වටිනවා...!
වහාම දුම්රිය තුළ සංඥා කිහිපයක් සහ හඳුනාගත් ස්ථාන වල පිටත සංඥා පුවරු සවි කරන්න . මෙය ජීවිතය සතුටින් ගත කිරීමට පැමිණෙන අයට අමිහිරි මතකයන් ඇති කරයි. මෙය SLRD හි වගකීමකි.
මෝඩකමට බෙහෙත් නැහැ .මොලේ පෑදෙන්න මේ ගොනාට මැරෙන්නම උනානේ