නෝර්වේජියා හිටපු අමාත්‍ය, පැරිසිය ප්‍රමුඛ සංවර්ධන එකමුතුවේ ආර්ථික සහයෝගිතා හා සංවර්ධන ලේකම් හා ශ්‍රී ලංකාවේ නෝර්වේජියා සාම නියෝජිත ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් ඔහුගේ අලුත්ම ට්විටර් පණිවිඩයෙන් ශ්‍රී ලංකාව යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව තමා මවිතයට පත්වන බවයි.
එම වාර්තාව එළැඹෙන සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔහු කියා ඇත්තේ එම වාර්තාව ස්ථිරවම සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සඳහන් කළ බවයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කීවේ යුද අපරාධ සම්බන්ධ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව මේ මාසයේ නිකුත් කරන බවයි.
මාර්තු මාසයේ පැවති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මු පුදුම වෙන්න ඕනේ තමයි මොකද කිසිම යුද අපරාධයක් නොකර අහිංසක ජනතාව බේරාගත්තාට අපේ රණවිරුවන්ට මෙහෙම වාර්තාවක් හදනවා කීවම සොල්හෛම් තමා කොටින්ට ආයුධ ගෙනත් දීල පුහුණුවට උන්ගේ උන් ගෙනල්ල කොටින්ට මේ විනාශ කරන්න සියලුම අවශ්‍ය තාවල් කර දුන්නේ සොල්හෛම් කියන්නේ කොටියෙක් මෙහෙම් දේවල් අහපුවම කොටියෙක් පුදුමවන එක අහන්න දෙයක්ද ? ඕකව පුලුවන්නම් ලංකාවට ගෙන්වන්න කියන්න තව පුදුම හිතෙන දේවල් පෙන්වන්න පුළුවන් උට (බ)
මේ කෙනත් මහින්ද මාමගේ කෙනෙක් තමා, මූ බොරුවට ඕක අවුස්සනවා, මාම ජාතිවාදය අවුස්සලා ඡන්දෙ කොරනවා (බ)
සල්ලිවලට කෑ ගහන පිරිස්. (ත)
නිමල් තමුන්ගේ වයස කියද. අතීතය නොදන්නා බබෙක් බව මොනවට පැහැදිලි වෙනවා.(බ)
කොටින්ට කිරි පෙවූ අපේ රට විනාශ කරන කුමන්ත්‍රණකාරයෝ කවුද කියලා අපි දන්නවා. (නි)
ඇසල ,නිමල්ගේ වයස නොවෙයි ප්‍රශ්නේ, ඔයාගේ මොළෙයි (නි)
අපේ ජාතියට ජීවත්වෙන්න තියෙන්නේ මේ රට පමණි.ඒක හොඳට හිතේ තියාගන්න.කාලෙන් කාලෙට එන දේශපාලකයා පසුපස යන්නේ නැතුව ඉන්න. බටහිරයන් ඔවුන්ගේ අරමුණ කරා කෙසේ හෝ ළඟාවෙනවා. (නි)
එයාට පුදුම හිතිලද? අනේ පවු නේද? (නි)
මෙයාලම තමයි සාම නියෝජිත නමින් මේ රටේ යුද්ධය බරපතල කළේ. මේ රට විනාශ කරන්න සම්බන්ධ වුණා (නි)
ආයිමත් කොහෙවත් යන නෝර්වීජියානු කාරයෙක් ලංකාව ගැන කැක්කුම වැඩිවෙලා පුදුම වෙන්නයි අඩන්නයි පටන් අරන්ද? දැන් ඉතින් සපෝටර්ලා ටිකක් ලංකාවේ ඉන්නවා කියල හිතිලා වෙන්න ඇති. (ම)
සෝල්හයිම්ගේ වැඩගැන අපට අමුතුවෙන් කියන්න ඕනෑද?මේ ප්‍රභාකරන්ගේ අවතාරයක්ද දන්නෙත් නැහැ.එයාගේ කතා ගැන අපි මහන්සිනොවී අපේ වැඩක් බලාගමු. (නි)