සිල්ලර සංවිධාන හා ඊනියා විද්වතුන්ගේ මාධ්‍ය සංදර්ශන වලින් බොදු සේනාව තව දුරට ශක්තිමත් වන බව බොදු බල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ මහතා කියයි.
කුමන්ත්‍රණකරුවන් සිය හෙළුව වසාගැනීමට හා බොදු බලය දුර්වල කිරීමට එහි නායකයින්ට මඩ ගැසීම අරඹා ඇති බවත් ඇතැම් දේශපාලකයින් බොදු බල සේනාව තස්ත්‍රවාදි මිනිමරු ජාතිවාදී හා රාජපක්ෂ රජයෙන් උපන් සංවිධානයක් ලෙස වැරැදි මත සමාජගත කිරීමට නිර්ලජ්ජි උත්සාහයක් ගන්නා බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා එකක්වත් බොරු නොවෙයි කියලයි මම නම් කියන්නේ (නි)
අපේ රට අරාජික වූ අවස්ථාවල දී පමණක් නොවේ රාජ්‍යත්වයට නියම උරුමක්කරුවන්ද සොයා ගැනීමට නොහැකි වූ විටදී එවැන්නන් සැපයුයේ බෞද්ධ භික්ෂුව විසිනි. එකල බැමිණි තියා සායනමින් නම්කළ සාගතයක් තිබු කාලයේත් "කර කොළ" නම් කොල වර්ගයක් ආහාරය ලෙස ගනිමින් තම සාසනයත් ආගමත් රජුට උදව් වී රාජ්‍යත්වයත් ආරක්ෂා කිරීමේ මහගු සේවයක් කළේ භික්ෂුවයි. එකල එසේ කලා නම් අයි අද භික්ෂුවට කල නොහැක්කේ. එපමණක් නොව එම කාලයේ භික්ෂුන් අතර රහතන් වහන්සේලාද සිටි අතර එකල ජනතාව අදමෙන් භික්ෂුවට දබරගිල්ල දිගු කොට ඔබ වහන්සේලා කලයුත්තේ ආගම සම්බන්දව පමණයි කියා තහනමක් පළකර සිටියා නම් අද වනතුරු මෙම සාසනය පවතින්නේ නැත. ඒ මක් නිසාද යත් ජනතාව ඔවුන්ව පිළිකෙව් කරන නිසාය. නමුත් එවැන්නක් සිදුවී නොමැත. (නදී)
මඩ වලකට මඩ ගහන්න කාටද පිස්සු? මෝඩකම තිබුණට කමක් නැහැ. එත් ඒක ප්‍රදර්ශනය කරන්න එපා. (දිල්)
ඩිලන්ත විතානගේ මහත්තයෝ, මැටි වලින් බාගෙට හදාපු මඩු වලට මඩ ගහන්න තරම් සිංහලය මෝඩ නැහැ දන්නෙම නැද්ද? අහෝ පව්!! (අ)
දිලන්ත විතානගේ මහතාගේ මෙම කීම ඔහුගේ මැරවර සේනාවේ පෙනුම ප්‍රකාශ කරනවා, සෑම විවේචනයකින්ම ශක්තිමත් වනවා යන්නේ අදහස නම්, තමාගේ අඩුපාඩු දකින මහජනයාගේ අදහස් වලට විරුද්දව තවත් ශක්තිය උපදවා ඊට විරුද්දව කටයුතු කරනවා යන්න, ඕනෑම කෙනෙකුට කිවහැකි මම රටට කරන්නේ යහපතක් බව නමුත් එම ක්‍රියාවේ අවසාන ප්‍රතිපලයෙන් රටට අයහපතක් වෙනබව මිනිසාට පෙනේ නම් කරන්නාවූ වැඩේ ඇති කම මොකද? මේ රටේ ජනතාවට ඔය කණ්ඩායමේ අවශ්‍යතාවයක් නැතිනම්, මිනිසුන් බොදු බල සේනාවට විරුද්ද නම් කිමටද මෙවැනි සේනාවක්? ජනතාවනි මොහොතක් සිතන්න, මේ ඔබගේ රට, රට බෙදන, රටට වින කරන මෙම සංවිදානය කුමන පනතක් යටතේ හෝ, කුමන ඡන්දයක් මත හෝ, කුමන ජන මත විචාරණයක් මත පිහිටවුවක්ද? මෙහි රහස නම් නැවතත් රටේ යුද්දයකට මග සැලසීම, ශ්‍රී ලංකාව මෙපමනකාලයක් ඊළාම් ත්‍රස්තයෙන් පීඩා වින්දා මිස මවැනි මහා ගැටළුවක් ඇතිවූයේ නැත, මෙවැනි ගැටළුවක් ලංකාවට මවා පා ජනතාවගේ සිතට වෛරය කවමින් මෙම රටේ සාමය කෙලෙසන මෙම සංවිදානය කිමටද? බොදු කියන බුදුන්ගේ අනර්ග වූ නාමයට නිගරු කරමින් උන්වහන්සේ දේසනා කල මෛත්‍රිය නැති මෙම සංවිදානය මෙම රටින් තුරන් කිරීම නියමබෞද්ධයන් වන අපගේ වගකීමයි ! (අ)
ලංකාවේ මිනිස්සු දැන් හුඟක් බුද්ධිමත්. අන්දන්න බැහැ..(අ)
හොදම උදාහරණය තමයි අලුත්ගමදි අහිංසක මුස්ලිම් අයට පහර දී දේපළ ගිනි තැබීම. (අ)
බොදු බල සේනාව දේශපාලන මඩ ගොඩේ එරුණ එකගැන දුකයි. එ්ත් වක්‍රව බොදුබල සේනාව තමා මෛත්‍රී මහත්තයා ජයග්‍රහණය කෙරෙව්වේ. අායේ දේශපාලන මඩ ගොඩේ එරෙන්න එපා. බොදු බලේට මුලු ලෝකයම හෙල්ලුණා. අන්න ඒ තැනට නැවත එන්න ලැබේවා කියා පතනවා (නදී)
නියම බෞද්ධ අපි ඔය ජාතිවාදී සහ ආගම්වාදී සංවිදානවලට කැමති නැහැ. ජාති වාදය සහ ආගම් වාදය ලංකාවෙන් ඉතා ඉක්මනින් තුරන් කල යුතුයි. (නදී)
අපේ රට ජාතිය කොහොමහරි රැකගන්න කියා, තමන්ගේ සීමාව ඉක්මවා කටයුතු කරන්න ගොස් වෙනත් ආගම් ජාති නොඉවසන ගෝත්‍රික රටක් කියන ලේබලය අපේ රටට ගහන්න නම් සූදානම් වෙන්න එපා. (නි)
එයාලා මොනවගේ කණ්ඩායමක්ද කියලා තේරුනේ අන්තිම දවස් වලනේ. අපිත් ටිකක් රැවටුනා. (නි)
100% අනුමත නොකළත් හොඳ දේවලුත් අපමණ තිබුනා. ඡන්ද ප්‍රතිඵල වලිනුත් ඒක අපිට දැනුනනේ! හොඳට හිතලා බලන්න මහත්වරුනේ, නෝනාවරුනේ...... (නි)
වචනයෙන් අසංවර වුණාම අපි කොහොමද සංඝයා වහන්සේට ගරුකරන්නේ? පොඩි දරුවෙක් අහළ පහළවත් තියාගෙන ඉන්න බැරි විදියේ වචන නේද පිටවුණේ? (නි)
අපිට ගහන්නවත් මඩ ටිකක් නැහැ. ඔක්කොම මඩ ටික ඔයාලා අල්ලාගෙන ඉන්නේ. (නි)
දැන්වත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිනොකර ඉන්න (නි)
අපි ඉතාම අවධාරනයෙන් ඉල්ලා සිටිනවා සියළු නොනිල සංවිධාන තහනම් කරන්න කියා.මෙහෙම සංවිධාන හදන්න දුන්නොත් රටේ අනෙකුත් සියලු ආගම් වලටත් සංවිධාන හදන්න දෙන්න වේවි. මොවුන් හඬ නගන්නේ තම ආගම දහම වෙනුවෙන් නම් ඒ පිළිබඳව සොයාබලන්න තමයි උත්තරීතර මහා නායක හිමිවරුන් ශාසනයේ වැඩසිටින්නේ. (නි)
ජනපතිවරණයට කලින් බොදුබල සේනා වෙබ් අඩවිය සමීක්ෂණයක් කළා. වැඩිම පිරිසක් කිව්වේ බොදුබල සේනාව තමාගේම නායකයෙකු ඉදිරිපත් කල යුතු බව. එහෙත් ජන මතයට ගරු නොකළ බොදුබල සේනාව මහින්ද රාජපක්ෂට කඩේ ගියා. ගෝඨාබය රාජපක්ෂ කියන විදිහට නටන රූකඩයක් බවට පත් උනා. (නදී)
දැන්වත් යථාර්ථයට එන්න (නි)
මානව විවිධත්වය පිලිබදව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් පවා පිළිගන්නේ සෑම මානව කොට්ඨාශයකටම අනන්‍යතාවක් තිබෙන බවයි. එය ශ්‍රී ලාංකික සියලුම ජාතික කොට්ටාශයකටම තිබිය යුතුයි. එසේ නම් ඔවුන්ටත් බෞද්ධ අනන්‍යතාවක් තිබීම සහ ඒ පිළිබඳව කතාකිරීමේ අයිතියක් තිබිය යුතුය. නමුත් ජාතින් අතර වෛරය ගොඩනැගෙන්නේ නැති අයුරිනි එය සිදුවිය යුත්තේ. සිංහල බෞද්ධයාට එම අයිතිය තිබිය යුත්තේ කතා කිරීමේ නිදහස සහ ලිවීමේ නිදසත් සමගය. ඒ පිලිබදව ප්‍රශ්න කිරීමට හෝ මැඩ පැවැත්වීමට කිසිවකුට අයිතියක් නැත. එසේම එය පෙරලා සියලු ආගමික සහ ජාතියකට තිබිය යුතු බව මෙහි අදහස් දැක්වූ සියලු දෙනාටත් අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ මහතාටත් අදාළ කාරනාව වෙයි. (නදී)
බොදුබල විතරද ජාතිවාදී ?(හේ)
මේ අය කරපු දේවල් යු ටියුබ් ගියාම බලාගත හැකියි. (නදී)
අනාගතයේදී මේවායේ ඉතිරිවන්නේ නාමපුවරු පමණයි. (නදී)
අනේ රට කනවා (නදී)
දැන් ඉතින් බොදු බල ආණ්ඩුවත් නෑ. සේනාව විසුරුවා හරින්න. (නදී)
ආගම රාජ්‍ය අනුග්‍රහයෙන් නිදහස් කලයුතුයි. බොහොමයක් දියුණු රටවල පවතින්නේ එවැනි ක්‍රමයක්. ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීම රටක දියුණුවට සහ පැවැත්මට තර්ජනයක්. (නදී)
කවුරු මොනවා කිවත් අපි බොදුබලය සමගයි. (නදී)
සිල්ලර සංවිධානය බවට ඔය සංවිධානය පත් කරගත්තේ ඔයගොල්ලන්ගේම දැඩි කැපවීමෙන් නේද? දැන් ඉතින් දුකට කියන කවි තමයි මේවා. ඕවට රැවටෙන සිංහලයෝ බොහොම අතලොස්සක් ඇති. (නදී)
ලංකාවේ ඉන්නේ ශ්‍රී ලාංකිකයන්, දෙමල බස පමණක් කතාකරන සිංහල අයත්, සිංහල බස පමණක් කතාකරන ද්‍රවිඩ අයත් සිටින රටක් මෙය. සමහරු ආගම් කීපයක් අදහනවා. පුර පෝදා පන්සලටද, අඟහරුවාදා පල්ලියටද, සිකුරාදා කෝවිලටද යන අය සිටිනවා. තවත් අය ජන්ම බාෂාව වෙනුවට සිංහල කතාකරන අය ඉන්නවා. බුද්ධාගම අදහන සිහල බස, දෙමල බස, ඉංග්‍රීසි බස හා චීන බස කතාකරන අයද ශ්‍රී ලංකාවේ ඉන්නවා. (නදී)
ගින්නක් නැතුව දුමක් නඟින්නෙත් නැහැනේ ඉතින් (නි)
අපි නම් කැමතියි ශ්‍රද්ධාවෙන්ම සේවය කිරීමට (නි)
අපේ රටේ රාජ්‍යත්වය ඉන්දීය ද්‍රවිඩ පරපුරක් වූ නායක්කාර් වංශිකයන් අතට පත් වූ කාලයේ එහෙම නැතිනම් පර විදේශිකයන් අතට පත් කාලයේ අප රටේ බුදු දහම අන්තයටම පිරිහී තිබුණු බව අපි දනිමු. නමුත් අපිට අමතකයි එකල සිවුර දමාගත් ගනින්නාන්සේලා ගෙන් සාසනයට ස්වල්ප වශයෙන් හෝ සිදුවූ සේවය. මල ගෙදරකට පිරිත් ටිකක් කියවා ගැනීමට හෝ ඒ අය ගෙන් කිසියම් සේවයක් සිදු උනා නේද? නමුත් එම අය පන්සල අසල ගෙවල් වල ත බිරියන්ද තබාගෙන දරුවන් හදාගෙන හිටියා (නදී)
බුදුන්ගේ අනර්ඝ වූ නාමයට නිගරු කරමින් උන්වහන්සේ දේශනා කළ මෛත්‍රිය නැති සංවිධාන ඇත්නම් ඒවා මෙම රටින් තුරන්කිරීම නියම බෞද්ධයන් වන අපගේ වගකීමයි (නි)
බොදු බල සේනාව සමහර කරුණු වලදී හරි තීරණ වගේම අනුමත කළ නොහැකි තීරණත් ගනු දක්නා ලදී. වෙනත් අදහස් දරන උදවියට හිංසා අතවර කිරීම බුදුන් වහන්සේ අනුමත කළේ නැත. පොලිසිය මිස වෙන උදවියට නීතිය අතට ගන්න දියයුතුද නැත (නි)