IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සල්ලිත් හොදට ලෙඩ දෙයි

ලෙඩරෝග බෝ කළ හැකි යුරෝපයේ  භාවිත කෙරෙන අපිරිසිදුම මුදල් නෝට්ටුව ඩෙන්මාර්කයේ  ක්‍රොන් මුදල් නෝට්ටුව ලෙසට හදුනාගෙන තිබේ.

 බැක්ටීරියා වර්ග 40,266 ක් එම මුදල් නෝට්ටුවල අඩංගු වී ඇති අතර ශ්වසන රෝග,මුත්‍රා මාර්ගයේ ආබාධ සහ තුවාල සුවනොවීමේ ප්‍රවනතාවයන් එම බැක්ටීරියා  නිසා සිදුවන බව සොයාගෙන තිබේ.

 එවැනි අපිරිසිදු බැක්ටීරියා වර්ග 39,600 ක් අඩංගු ස්වීඩනයේ භාවිතා වන ක්‍රෝන මුදල් නෝට්ටුව දෙවැනි තැනටත්  බැක්ටීරියා වර්ග32,400 ක් අඩංගු ස්විස්ටර් ලන්තයේ භාවිතා වන ප්‍රෑන්ක් මුදල් නෝට්ටුව  තුන් වැනි තැනටත් පත්ව තිබේ.

බැක්ටීරියා වර්ග අඩුවෙන්ම ඇති හානිදායක නොවන පිරිසිදුව මුදල් නෝට්ටුව යුරෝපා සංගමයට අයත් රටවල භාවිතා කරන  යුරෝ මුදල් නෝට්ටුවය.

 මේ සොයාගැනීම් සිදුකර ඇත්තේ  පසුගිය වසරේ (2012)බ්‍රිතාන්‍යයේ  ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය අංශය විසින් යුරෝපා රටවල් 20ක් භාවිතා කරන මුදල් නෝට්ටුවල ඇති  බැක්ටීරියා වර්ගසොයා බැලීම සදහා  සිදුකරන රසායිනික පරික්ෂණ වලදීය.

 මේ පරීක්ෂණ ප්‍රථිපල හෙළිදරව් කිරීමත් සමඟ 2015 වසර වන විට ස්විට්ස්ටර්ලන්තයේ භාවිතා වන ප්‍රෑන්ක් මුදල් නෝට්ටුව සියල්ල අලුතින්  මුද්‍රණය කිරීමට ස්වීස් බලධාරිහු පියවර ගනිමින් සිටී.



අදහස් (0)

සල්ලිත් හොදට ලෙඩ දෙයි

හරීන් Wednesday, 10 April 2013 11:18 AM

ලංකාවේ සල්ලිත් මීට දෙවැනි නැහැ. (නි)

:       0       0

දයා Wednesday, 10 April 2013 11:20 AM

අපේ මිනිස්සුත් සල්ලි නොතියන තැනක් නැහැනේ (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 10 April 2013 04:54 PM

මම හිතන්නේ ලෝකේ ජරාම මුදල් නෝට්ටු තියෙන්නේ මලාවි රටේ. දැන් අහන්න මලාවි තියෙන්නේ කොහෙද කියලා. (නි)

:       0       0

රගුපති Wednesday, 10 April 2013 11:51 AM

තමිල්නාඩුවේ නම් වැසිකිලි නැති නිසා හෝදන්නෙම සල්ලි කොල වල ලු!(නදී)

:       0       0

දිල්ශාන් Wednesday, 10 April 2013 12:32 PM

ලංකාවේ සල්ලිවලත් ලෙඩ ඇති. සල්ලි තියන්න ඕන තැන්වල නෙමෙයිනේ තියන්නේ.. (ස)

:       0       0

සෙන්තිල් Thursday, 11 April 2013 04:36 AM

ලංකාවේ මුදල් නෝට්ටුද ගොඩාක් අපවිත්‍රය. එකට කාරණය නම්, පොලියට දෙන ගැහැනු ඒවා හංගන ස්ථාන නිසාය. (නි)

:       0       0

සමන් Wednesday, 10 April 2013 02:18 PM

ලංකාවේ සල්ලි වල ලෙඩ නැත. රජය හැමදාම අලුතෙන් සල්ලි අච්චු ගහන නිසා. (ස)

:       0       0

ගජබා Wednesday, 10 April 2013 02:22 PM

මම නම් ඉන්දියානු සල්ලි මගේ පර්ස් එකේ දාන්නෙවත් නැහැ. (නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 10 April 2013 08:29 PM

එහේ සල්ලි නිසා මිනිස්සු ලෙඩ වෙනවා. ලංකාවේ සල්ලි නැතුව මිනිස්සු ලෙඩ වෙනවා. (නි)

:       0       0

බණ්ඩා‍ර Thursday, 11 April 2013 11:22 AM

මම නම් විස්වාස කරන්නේ පිටකොටුවේ කොන්දොස්තර මල්ලිලාගේ මුදල්වල බැක්ටීරියා 100000 වත් ඇති බව (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site