ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ අවමඟුල් උත්සවයට සහභාගී වීම සඳහා අද (7) ඉරාන වැසියෝ දහස් ගණනක් එක් රැස්ව සිටිති.
පසුගිය සිකුරාදා (3) ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇමෙරිකානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය කළේය.
ජෙනරාල් කසීම්ගේ අවමංගල්‍යය උත්සවය ඔහුගේ උපන් ගම වන කෙර්මාන්හිදී පැවැත්වේ.
ඉස්ලාම් ආගමික වතාවත්වලින් පසුව ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ දේහය භූමදානය කිරීමට නියමිතය.
ජෙනරාල් සුලෙයිමානී ඉරානයේ විප්ලව ආරක්ෂක හමුදා බළකායේ විදෙස් අංශය වන ‘කුද්ස්’ විශේෂ බළකායේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.
සුලෙයිමානී වෙනුවෙන් තෙහ්රාන්, කුම්, මෂාද් සහ අහ්වාස් යන නගරවල අතිවිශාල ජනකායක් රැස්ව සිටියහ.
ඒ.එෆ්.පී.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd