මාස කිහිපයකට පෙර සොලමන් දූපත් හිදි බීමතින් රිය පදවමින් අනතුරක් කර පළා ගිය ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා එම දූපත් පොලීසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා සිටී.
මෙලෙස රිය අනතුරක් කර පලා ගොස් ඇත්තේ එම දූපත් හි බැංකුවක තොරතුරු තාක්ෂණ අංශයේ කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ 40 හැවිරිදි ලාංකිකයෙකි.
ගිය වසරේ ඔක්තෝබර් 29 වැනි දා හොනියාරොන් ප්රදේශයේදී බීමතින් සිටි මොහු , තවත් කාන්තාවක සමඟ අධික වේගයෙන් මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී වාහනය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පිහිටි විදුලි කණු ඇතුළු මාර්ගයේ දේපළ වලට හානි කරමින් අනතුරට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ 4 වෙනි ස්ථානය ලංකාව බේබදුකමෙන් , මොන රටක හිටියත් රටේ අභිමානය පෙන්නන්න එපායේ නැත්නම් ලංකාවේ කීර්ති නාමයට කැළලක් වෙනවා (බ)
මිනිහ තාම ඉන්නේ ඔය හොල්මන් දූපත් වලද කියල කවුද දන්නේ !!!! (ම)
විදුලි කනුව මාර්ගයේ තිබුණ නිසා අපේ මිනිහා අත වරදක් නැහැ . (ම)
කොහොමද අපේ මිනිස්සුන්ගේ වැඩ සොලමන් දුපතේ නිලධාරිනුත් අන්ද මන්ද වෙන වැඩකලරලා "කැච් මි ඉෆ් යු කැන්" කියල මාරු වෙලා (බ)
අපේ අය කොහේ ගියත් නම තියනවා. (ර)