(උපාලි ආනන්ද)
හතළිස් තුන් හැවිරිදි සිල් මෑණියක රංචු ගැසී දූෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිමිනමක සහ හිමි නමගේ රියදුරා පෙබරවාරි මස 1 දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජානක සමරසිංහ මහතා අද (23) නියෝග කළේය.
සැකකාර රියදුරා එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ද තවදුරටත් නියෝග කළේය.
මෙසේ බන්ධනාගර ගත කෙරුණේ පදවිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධීපති හිමිනමක් සහ රියදුරෙකි.
රිමාන්ඩ් බාරයට පත් කෙරුණු මෙම සැකකාර හිමිනම පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින ළමා අපයෝජන නඩුවකද විත්තිකරුවෙකි.
සිද්ධියට මුහුණ පෑ සිල් මෑණියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර රෝහලේ සිට රාගම මහ රෝහලට පිටත් කරනු ලැබීය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් සැරයන් (31486) ලලිත් නන්දසේන මහතා සඳහන් කළේ පසුගිය 16 වැනි දා මෙම සිල් මෑණියන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති වෛද්‍ය සායනයකට පැමිණ ඇති බවයි.
අනතුරුව සැකකරුවන් සිල් මෑණියන් එම මෝටර් රථයෙන්ම අනුරාධපුර මාර්කට් පෙදෙස අසළ දමා ගොස් ඇති බවත් සිල් මැණියන් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරිනියක සමඟ අනුරාධපුර පොලිසියට පැමිණි මේ පිළිබඳව පැමිණිලි කළ බවද අධිකරණයට සැල කළ සැරයන්වරයා සැකකරුවන් සිදුකර ඇති බව කියන මෙම අපරාධය පිළිබඳව ජනතාව කෝපයටත් කම්පාවටත් පත්ව ඇති බවත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ශාසනය සංගායනාවක්වත් කරලා හදන්න බැරි තරම් පිරිහිලා.
මහනායක ස්වාමින්වහන්සේලා දේශපාලනය ගැන මෙන්, මේ සිද්ධිය ගැනත් ප්රකාශනයක් නිකුත් කරන්නේ නම් මැනවි.
අවසරයි අපේ මහා නායක හාමුදුරුවනේ. මෙන්න ඔබ වහන්සේලා මැදිහත්වී අප්‍රමාදව විසඳිය යුතු වැදගත් කාරණාවක්. දේශපාලඥයින්ට උපදෙස් දෙන එක පස්සේ පුළුවන්.
දෙයියනේ සාසනයට ගිය කලක්
උපරිම දඩුවම් දෙන්න ඕනේ.
සාසනේ නැතිකරන්න අන්‍ය ජාතිකයන් ද? බුදු දහම රකින්න අාණ්ඩුක්‍රම ව්‍යවස්තාව යොදාගත යුත්තෙ මේ වෙලාවට
සාසනේ නැතිකරන්න අන්‍ය ජාතිකයන් ද? බුදු දහම රකින්න අාණ්ඩුක්‍රම වයවස්තාව යොදාගත යුත්තෙ මේ වෙලාවට,
බුදුදහමට නිග්‍රහයක් උපරිම දඬුවම් දෙන්න
සිවිල් නීතිය අනුව කටයුතු කරාම ඇති. මහනායක ස්වාමීන්වහන්සේලාට අඬගහන්න මේක ජාතික ප්‍රශ්නයක් නෙවෙයිනේ අනික මේක ශාසනික ප්‍රශ්නයකුත් නෙවෙයි.
බුදුන් දෙසු ඒ මහා විනාශය ආරම්භ වෙලා. මීට වඩා තවත් අප්‍රසන්න දේ නැත. දියණියක මෙලොවට බිහිකර ලීමට කාලය නොවේ මෙය. අසූචි පිරි ලොවක් මෙය. කොසොල් රජු දුටු සිහින 16 සිහිවේ. අහෝ ....
අනේ මන්දා
du මේ අපි දකින්නේ අපි ජීවත්වෙන ශ්‍රී ලංකික සමාජයේ හරස්කඩක් මිස බුදු සසුනේ පිරිහීමක් නොවේ
මම හිතන්නේ හිමිනම කියනවාට වඩා චීවර ධාරියා යනුවෙන් සඳහන් කිරීම සුදුසුයි කියලා.බුදු දහමට කවදාවත් කිසිම අයුරකින් මෙවැනි ක්‍රියාවන්ගෙන් පහරක් ගැසීමට නොහැක.අපි ඔවුන් දෙස බැලිය යුත්තේ තවත් පුහුදුන් පුද්ගලයෙකු දෙස බලන ආකාරයෙනි.චීවරයක් ඇඟලූ පමණින් හෝ සද්ධර්මය කට පාඩම් කල පමණින් යමෙකුගේ රාගාධික සිත නිෂ්ක්‍රීය වන්නේ නැත.