(එම්.සුසිල් පියන්ත සහ තුසිත ද කුමාර සිල්වා)
මිතුරන් පිරිසක් සමඟ බෙන්තොට මුහුදු තීරයේ දිය නාමින් සිටි මොරටු විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසරේ ඉගනුම ලබන ඉංජිනේරු සිසුවෙක් දියේ ගිලී මියගිය බව බෙන්තොට පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ යාපනය, චුන්නාගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාදීර් කාම නාදන්මිතුසන්(25) නැමැතිඉංජිනේරු ශිෂයෙක් බවද පොලීසිය කියයි.
පිරිසක් සමඟ ඊයේ (19) මුහුදේ දිය නාමින් සිටියදී හදිසියේ ආ දියවැලකට හසුවී ඔහු මුහුදට ගසාගෙන ගොස් ඇති බවත් ජීවිත ආරක්ෂකයන් විසින් මුහුදට ගසා ගෙන ගිය සිසුවා සොයාගත් බවත් ඒ වනවිටත් ඔහු මියගොස් තිබු බවත් පොලීසිය කියයි..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd