සබරගමුව විශ්වවිද්‍යාල සිසුහු 13 වැනිදා දහවල් විශ්වවිද්‍යාල භූමියේ සිට බදුල්ල කොළඔ ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියට පැමිණ දෙපැයක උද්ඝෝෂණයක් කළහ.
රුහුණ, වයඹ, පේරාදෙණිය, රජරට විශ්වවිද්‍යාල සිසුහු ද උද්ගෝෂණය කළ බව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දමයන්ත සම්පත් කියයි.
‘සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ 05ක සිසුන් බඳවා ගැනීම් සම්බන්ධව ප්‍රධානම ගැටලූව ලෙස අප දකිනවා. උසාවි තීන්දුව අනුව බඳවා ගතයුතු පිරිස බඳවාගෙන නැහැ. ව්‍යවහාරික පීඨයේ ස්වාභාවික සම්පත් කළමණාකරණ උපාධි පාඨමාලාවට 55 ක් බඳවාගත යුතු වුවත් 16 ක් පමණයි බඳවාගෙන ඇත්තේ. මෙය භෞතික විද්‍යා අංශයේ 38 කින් 14 යි. ආහාර විද්‍යා අංශයට 59 කින් 30 යි. උසාවි තීන්දුව අනුව යෝග්‍යතාවය සැලකීමට නිපුණතා හා ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීමට නියෝග කළා. එහෙත් එම තොරතුරු පුවත්පත් දැන්වීම් නිසි ලෙසසිදුදු නොකිරීමෙන් කී්‍රඩා විද්‍යා හා කළමණාකරණ පාඨමාලාවට 132 ක් බඳවා ගතයුතුවුවත් නිපුණතා පරීක්ෂණයට පැමිණ බඳවාගෙන ඇත්තේ 31යි ගිය වසරේ 1500 ක් පමණ මෙම පරීක්ෂණයට සහභාගීවුනා. නිසි ප්‍රසිද්ධ කිරීමක් නොවුන නිසා මේ තත්වය ඇතිවී තිඛෙනවා.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් විමසූවිට කියා සිටියේ විශ්වවිද්‍යාලය එයට වගකිවයුතු බවයි. ආගණන හා තොරතුරු පද්ධති අංශයට 105 ක් බඳවා ගතයුතු වුවත් 39 ක් පමණයි බඳවාගෙන තිඛෙන්නේ. මේ අයුරින් පරිපාලනය හා විශ්වවිද්‍යාල පරිපාලනය වගකීම් පැහැරහැර තිඛෙනවා. මේ හේතුවෙන් සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව තිඛෙණවා . කෘෂිපීඨයේ 109ක ගෙන් 58 ක් හා භූ විඥාපණ පීඨයේ 102 ගේන් 54 ක් බඳවාගෙන තිඛෙනවා. සමස්ථයක් ලෙස සිසුන් විශාල පිරිසකට සරසවි වරම මේ ක්‍රියාවන්ගෙන් අහිමීවී තිඛෙණවා. මීට අමතරව පරිපාලනය සිසුන්ගෙන් වසර 04 ටම අයකළ නේවාසික හා අනෙකුත් ගාස්තු වන රුපියල් 950 ට මෙවර නේවාසික ගාස්තු හැර පීඨ දෙකකින් 1600 ක් හා පීඨ 03 ක 2700 ක් වශයෙන් අයකිරීමට කටයුතු කර තිඛෙණවා. කළින් අවුරුදු 04ටම වුවත් මෙය වාර්ෂිකව සිසුන්ගෙන් අයකර ගැනීමට කටයුතු සැලසුම්කර තිබෙණවා. මේ අයුරින් ගණන් හැදුවොත් මෙය 5394400 ක් වෙනවා. පාසලට බරක්ව සිට විශ්වවිද්‍යාලයට පැමිණ සිසුවාට මෙම බර දැරීමට එරෙහිව අප පෙළ ගැසෙනවා. ‘
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සරසවි සිසුහු උද්ඝෝෂණයේ
ඇරොක්ස් Thursday, 14 March 2013 06:03 PM
අධ්‍යාපන කප්පාදුවට සිසුන් පමණක් පෙළ ගැසීමෙන් ඵලක් නැත. ජනතාවත් එක්විය යුතුයි. (නි)
සුමිත් Thursday, 14 March 2013 01:38 AM
අපිත් අකමැතියි නිදහස් අධ්‍යාපනය වළ පල්ලට යනවා දකින්න. (නි)