ඉල්ලීම් හතක් මුල්කරගෙන සරසවි අනධ්‍යයන සේවකයින් සිදුකරන වැඩ වර්ජනයට දින දහයක් ගෙවී ඇති බවත් ඔවුන්ගේ ඉල්ලීම් සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා කර නිසි විසදුමක් නොලැබුණු බව කියමින් අද(5) එම සේවකයෝ පේරාදෙණිය සරසවියේ සනාතන මන්දිරයට ඉදිරිපිට සිට විරෝධතා පා ගමිනින් ඉංජිනේරු පිඨය හරහා ගම්පොළ පාර ඔස්සේ පේරාදෙණිය නගරය මැදින් ගලහ පැමිණ උද්ඝෝෂණයක යෙදුණහ.
මේ අතර සියලු විශ්ව විද්‍යාල සේවකයන්ට 5 වැනිදා සිට සේවයට වාර්තා කරන්නැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කැර ඇති අතර ඉල්ලීම් ලබාදෙන තුරු කිසිදු සේවකයෙක් සේවයට වාර්තා නොකරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පවසයි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ සේවකයෝද අද විරෝධතාවයකට එක්වූහ.
මේ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට ද අද අනධ්‍යයන සේවකයෝ විරෝධතාවයක යෙදුණහ.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි සේවකයින්ට දැනටමත් විශ්‍රාම වැටුප් දෙන්නෙ නෑ. ඒ වගේම වසර මුලදී ආචාර්යවරුන්ට විතරක් පඩි වැඩි කරා. ඒකයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. (අ)
මොවුන්ගේ ඉල්ලීම් ඉතාම සාධාරනය. පසුගිය මෑත කාලයේ සරසවි අනධ්‍යයන සේවකයින්හට උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කලේම කෙනෙහිලිකම්ය. ඔවුන් හැමවිටම අධ්‍යයන සේවකයින්හට ඉතා ඉහල ප්‍රතිලාභ, පඩි සහ වෙනත් පහසුකම් සපයාදෙමින් අනධ්‍යයන සේවකයින්හට කිසිවක් ලබානොදුන්හ. උදාහරණයක් ලෙස අධ්‍යයන සේවකයන්හට මෑත කාළයේ 152% ක පඩි වැඩිවීම් කර ඇති අතර දැනට අනධ්‍යයන සේවකයන් ඉල්ලා සිටින 80% පඩි වැඩිවීමටද ඔවුන්ගේ විරෝධය දක්වා ඇත. නිර්මාල් රන්ජිත් දේවසිරි ආචාර්ය තුමාලා තමන්ගේ මඩිය තරකරගත්පසු දැන් ඉතාමත්ම ලස්සනට පසුබැසගොස් ඇත්තේ අධයාපනය වෙනුවෙන් ඉල්ලු 6% ද අමතක කරය. කොටින්ම 152% පඩි වැඩිවීම ගැන ෆුටා එක නිකමටවත් මහජනයා දැනුවත් කලේද නැත. ඒ අධ්‍යයන සේවක ප්‍රතිපත්තියයි- තමන් තමන්ට පමනය. ඒ අතර අනධ්‍යයන සේවකයන් විශ්‍රාම වැටුපත් නැතුව සොච්චම් පඩියකට සේවය කර ඉතා අසරන තත්වයකට පත්වී ඇත. ඔවුන්ගේ ඉල්ලීම් දිනා දීමට සැම කෙනෙක්ම සහය දීම කල යුතු ය(අ)
දියාරු චක්‍රලේඛ පරදා සියළු සේවකයන් තවමත් වර්ජනය කරයි. දේශපාලන පක්ෂ සබඳතා මෙහි නැත (නි)
ගොඩක් අය හිතාගෙන ඉන්නෙ අද රටේ පවතින ප්‍රශ්න පටන්ගත්තේ යහපාලන වෙනසත් සමඟයි කියලා (නි)
අැසළ, නොදන්නා දේවල් නොකියා ඉන්න. මෙතනට දේශපාලනයක් නැහැ. හැම පක්ෂයකම වෘත්තීය සමිති ඉන්නවා. අනික මේක අද ඊයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාලා කියන වෙනස වෙන්න කලින් ඉඳන් තියෙන ප්‍රශ්නයක් (නි)
මොවුන් ඇමතිලාගේ ලිස්ට් වලින් ගැනීම වහා නතර කළයුතුය. (නි)
අදාල දේශපාලකයින් මේ ගැන මොකද කරන්නේ? (නි)
බොරුවට කෑ ගහන්න ඕනේ නැහැ ඕකනේ පැතුව වෙනස. තව මදි විශ්‍රාම වැටුපත් සම්පුර්ණෙයන් නවත්වන්න (ම)