විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය  දින 13කට පසු අද (08) අවසන් විය.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කැරිණි.

ඒ අනුව අඟහරුවාදා (09) සිට රාජකාරියට වාර්තා කරන බව ඔවුහු අනධ්‍යන සේවකයෝ පැවසූහ.

සබරගමු විශ්ව විද්‍යාලයේ සරසවියේ සියලු පීඨ 10 වැනිදා විවෘත කරන බවත් නේවාසිකාගාර සඳහා 9 වැනිදා සිට සිසුන්ට පැමිණිය හැකි බවත් සරසවි පාලනාධිකාරිය පවසයි.