IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


සරසවි වරම් ඉල්ලා අලූත් කඩේ යති

2011 වසරේ අගෝස්තු මසදී පැවැත්වූ උසස් පෙළ විභාගයේ නව ඉසෙඩ් කඩඉම් ලකුණු නිසා තමන්ට අසාධාරණයක් සිදුවී ඇති හෙයින් එම ලකූණු අවලංගු කර සාධාරණ ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් තමන්ට විශ්වවිද්‍යාල පිවිසුමට ඉඩ දෙන ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කරන්නැයි ඉල්ලා උසස් පෙළ සිසුහු 382 දෙනෙක් එක්ව ගොනු කළ පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණය අද සලකා බැලීය. අති විශාල සිසු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණ භූමියම ඔවුන්ගෙන් පිරී තිබිණි. අග විනිසුරුවරිය ඇතුළු ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම සඳහා අද අවසර දුන්නේය.



අදහස් (0)

සරසවි වරම් ඉල්ලා අලූත් කඩේ යති

මධු Friday, 10 August 2012 02:43 AM

මොනම කාලෙකදිවත් මෙහෙම කෙණෙහිලිකම් ගොඩක් අධ්‍යාපනයට ඇවිල්ලා නැහැ. (නි)

:       0       0

රඛිත Friday, 10 August 2012 05:14 AM

ආශ්චර්යේ තරම කොතෙක්දැයි කියතොත් හරියට විභාග ප්‍රතිපල පවා නිකුත් කර ගැනීමට බැරිය. (නි)

:       0       0

වරුණ Friday, 10 August 2012 07:30 AM

1994න් පස්සේ නිදහස් අධ්‍යාපනය නැත්තටම නැතිවුණා. කන්නන්ගර මහත්තයා අද හිටියා නම් මේ විනාශය දැකලා මොනවා කර ගනීවිද දන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් Thursday, 09 August 2012 04:45 PM

වාසිටි යන්න කළින් උසාවි යන්න හැකිවීම පිළිබදව සතුටු වෙන්න. නැත්තම් රැග් කාලා, අනම් මනම් දොඩලා, කට්ට කාලා, වයසටත් ගිහිල්ලා යන්න තිබුණු ගමන ඉක්මන් කරලා රකිවු රකිවු රකිවු! (නි)

:       0       0

චරිත් Thursday, 09 August 2012 04:45 PM

කට්ටිය ඕකට ඔහොම එකටම එකතු වෙලා සටන් කරන්න.හැබෑයි කවුරු ආවත් පස්සෙන් යන්න එපා. ඒ කිව්වේ මොන දේශපාලුවා ආවත් එයාලට යටවෙලා පස්සෙන් ගිහින් මොන දෙයක්වත් බලපොරොත්තු වෙන්න නම් එපා. මොකද ඒ එක් කෙනෙක් වත් අපට කරන දෙයක් නැහැ. විපක්ශයේ ඉදිද්දි ඔය වගේ ඒවට විරුද්ධව බැහැලා වෑඩ. ඒ බලයට එනකල් විතරයි, මොකක් හරි කරුමෙකට ඔහු ඇමතියෙක් හරි මන්ත්‍රියෙක් හරි වුණහම ඕවයේ ගානක් නැහැ. දෑන් විපක්ශයේ ඉන්න අයට ඕක හොද වාසියක්. ඒක නිසා කාගෙන්වත් අපට වෑඩක් නැහැ. කාවවත් ඕකට ගාව නොගෙන ඔය සටනින් හොද පිළිතුරක් ගන්න. ඔබට ජය! (නි)

:       0       0

ඉසුර Friday, 10 August 2012 09:31 AM

අසාධාරණයක් වෙලානම් උසාවි යන එක තමයි කර යුත්තේ .ඒත් අපිට කැම්පස් යන්න වෙන්නේ වයසට ගිහින් තමයි..ඒ ගැන හිතලා වැඩ කරනවානම් හොඳයි....(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 04:49 PM

මහන්සි වෙලා පාඩම් කරලා අරමුණට යන්න, උසාවියටත් යන්න වුණාද? (නි)

:       0       0

ෆාරු Thursday, 09 August 2012 04:54 PM

අනේ මල්ලිලා, සමහර අය ඉන්නකල් මේවා මෙහෙම තමයි. (නි)

:       0       0

අශාන් Thursday, 09 August 2012 04:52 PM

රටේ අනාගත පරපුර මෙහෙම අනාත කරන ලෝකයේ එකම රට අපේ රට වෙන්න ඇති. (නි)

:       0       0

සමරේ Thursday, 09 August 2012 04:59 PM

කොල්ලනේ, පරිස්සමින් හොදේ. (නි)

:       0       0

සඳුන් Friday, 10 August 2012 10:24 AM

මේ ළමයි උසාවි ගානේ රස්තියාදු කරන්න එපා, හැකි ඉක්මනින් සරසවි වරම් ලබා දෙන්න .(ස)

:       0       0

ඩිලාන් Thursday, 09 August 2012 05:08 PM

මේ ඔක්කොම අවුල් වගකීමක් නැති කට්ටියක් ඇමතිලා වෙලා ඉන්න එකයි, රටේ ඉන්න මෝඩයින් ටික එයාලව එතෙන්ට පත් කරපු එකයි තමයි. (නි)

:       0       0

සම්පත් Friday, 10 August 2012 10:44 AM

අනේ නංගී මල්ලී උඹලගෙ මොලේ පෑදෙනවට අකමැති අය හදන්නේ උඹලවත් අන්දෝගෙන සූරන් කන්න. හරියටම අපේ වැඩිහිටි පරපුරට උනාවගේ ඔයාලවත් ඔලුවක් තියන මිනිස්සු උනොත් අපේ රට මේ විනාසයෙන් ගලවාගන්න පුලුවන් වේවි. එයාලා වෙනුවෙන් මිසක් අපි වෙනුවෙන් එයාලා වැඩ කරන්නේ නැහැ..(ස)

:       0       0

ලලිත් කටාර් Thursday, 09 August 2012 05:15 PM

දේශපාලනඥයන් පසු පස නොයා මේ ලෙස කරන එක නම්බුයි..!!(නු)

:       0       0

වාසා දිසා Thursday, 09 August 2012 05:25 PM

අධ්‍යාපන විනාශයට විරුද්ධව මුළු රටේම ජනතාව නැගී සිටිය යුතුයි..!! (නු)

:       0       0

බණ්ඩාර Thursday, 09 August 2012 05:26 PM

අපේ ළමුන්ගේ අනාගතය....?(නු)

:       0       0

Sahehar Dawood Thursday, 09 August 2012 05:33 PM

කව්රුත් මතක තියාගන්න ඕන අපේ රටේ අනාගතය සාධාරණයක් ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!(නු)

:       0       0

පෙරේරා Thursday, 09 August 2012 05:35 PM

විභාග කොමසාරිස් බය වෙන්න එපා.. විභාගය තිබ්බා මතකයි ඊට පස්සේ ළකුණු ක්‍රමය මතක නෑ කියන්න..!!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Thursday, 09 August 2012 05:52 PM

මන්ත්‍රීතුමා මේ පොඩි කොල්ලො ගොඩේ මොකද කරන්නෙ..!!(නු)

:       0       0

කුරේ නාවලගේ Thursday, 09 August 2012 05:50 PM

මේ පොඩි කොල්ලන් එක්ක මොනවාද මේ කරන වැඩ? (නි)

:       0       0

විභූති Thursday, 09 August 2012 05:57 PM

දිසා හරියටම හරි. (නි)

:       0       0

විමල් Thursday, 09 August 2012 06:04 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. (නි)

:       0       0

සද්ධා Thursday, 09 August 2012 06:29 PM

ආසියාවේ ආශ්චර්යය? (නි)

:       0       0

සන්ජීව Friday, 10 August 2012 12:22 PM

පුදුම අපරාධයක්..(ස)

:       0       0

ඩයස් Thursday, 09 August 2012 06:54 PM

කෝ අර අපේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇමතිතුමා? (නි)

:       0       0

ප්‍රවීන් Thursday, 09 August 2012 07:33 PM

සමහරු බොර දියේ මාළු බාන්න ඇවිත් ..!!.(ස)

:       0       0

පෙරේරා Thursday, 09 August 2012 07:36 PM

ඔහොම බොරුවට උද්ඝෝෂණය කරන වෙලාව පාඩම් කරන්න යොදාගෙන ආයේ විභාග කරානම් ඉවරනේ.......(ස)

:       0       0

සිසිර Thursday, 09 August 2012 07:58 PM

ළමයිනේ අමතක කරන්න එපා, මේකට වග කියන්න ඕනෑ සියල්ලන්ම ඔය ඔයාල එක්ක දැන් ඉන්න කට්ටිය එක්ක විපක්ෂයේ හිටපු උදවිය බව. විපක්ෂයේ ඉදිද්දි ජනතාව එක්ක. රට කරවනකොට තමා හැබැවටම මේ අය ඉන්නේ කා එක්කද කියලා දැනගන්න පුළුවන්. (නි)

:       0       0

සැනෝන් Thursday, 09 August 2012 08:05 PM

මොකක්ද මේකේ වැරැද්ද? මුලින් වැරදිලා සමත් කියල දුන්නා. දැන් ලකුණු මදි කියල දෙනවා. අන්තිම එක හරියටම පරීක්ෂා කරලා දෙන්න ඇති. අපේ අයට පරාජය බාර ගන්න බැහැ වගේ. මොකක් හරි කරලා දැන් අනුකම්පාව අරන් දිනන්න වගේ ඉන්නේ. (නි)

:       0       0

චින්තක Thursday, 09 August 2012 09:14 PM

ඉතිහාසයේ කවදාවත් නොවුන තරමට අද ලංකාවේ අධ්‍යාපනය වල පල්ලට ගිහිල්ල. අවරුදු දහතුනක අධ්‍යාපනයේ ප්‍රතිපලය තීරණය කරන විභාගයේ ප්‍රතිපල හරියට දෙන්න බැරි තරමට අද බලධාරීන් නොසැලකිලිමත්. ඇමතිවරු කියල කියාගන්න දෙන්නට කිසිම වගකීමක් නැ. ඒ උනාට මහා ලොකුවට කියන්නේ ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය කරනවා කියල. අවරුදු තුනක් මහන්සිවෙලා පාඩම් කරලා විභාගේ සමත් වෙලා යන්න වෙන්නේ කැම්පස් නෙවයි උසාවියට. ඇමතිවරුන්ට ගානක්වත් නැ මොකද එයාලගේ ළමයි ඉගෙනගන්නේ පිටරටවලනේ. (අ)

:       0       0

අසිරු Thursday, 09 August 2012 10:41 PM

අනේ මන්දා අපේ ළමයින් ගේ අනාගතය? (නි)

:       0       0

වෙනුර Thursday, 09 August 2012 11:32 PM

උන්නැහැලගේ ආශ්චර්‍යය තමයි මේ.....(ස)

:       0       0

කිවිනි Friday, 10 August 2012 12:19 AM

''ලෝකයේ සාමය සෞභාග්‍යය පිරි රට ලංකාවයි '' .(ස)

:       0       0

ලෙස්ලි Friday, 10 August 2012 01:22 AM

මේකට වැරදි දෙමාපියොයි..ඇයි නිවැරදි කෙනෙක්ට මනාපය නොදෙන්නේ...(ස)

:       0       0

චන්දන Friday, 10 August 2012 01:42 AM

ලංකාවේ අනාගතය මහ පාරේ ද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 267 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 243 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site