2011 වසරේ අගෝස්තු මසදී පැවැත්වූ උසස් පෙළ විභාගයේ නව ඉසෙඩ් කඩඉම් ලකුණු නිසා තමන්ට අසාධාරණයක් සිදුවී ඇති හෙයින් එම ලකූණු අවලංගු කර සාධාරණ ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් තමන්ට විශ්වවිද්‍යාල පිවිසුමට ඉඩ දෙන ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කරන්නැයි ඉල්ලා උසස් පෙළ සිසුහු 382 දෙනෙක් එක්ව ගොනු කළ පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණය අද සලකා බැලීය.
අති විශාල සිසු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණ භූමියම ඔවුන්ගෙන් පිරී තිබිණි.
අග විනිසුරුවරිය ඇතුළු ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම සඳහා අද අවසර දුන්නේය.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට වැරදි දෙමාපියොයි..ඇයි නිවැරදි කෙනෙක්ට මනාපය නොදෙන්නේ...(ස)
සමහරු බොර දියේ මාළු බාන්න ඇවිත් ..!!.(ස)
ඔහොම බොරුවට උද්ඝෝෂණය කරන වෙලාව පාඩම් කරන්න යොදාගෙන ආයේ විභාග කරානම් ඉවරනේ.......(ස)
ළමයිනේ අමතක කරන්න එපා, මේකට වග කියන්න ඕනෑ සියල්ලන්ම ඔය ඔයාල එක්ක දැන් ඉන්න කට්ටිය එක්ක විපක්ෂයේ හිටපු උදවිය බව. විපක්ෂයේ ඉදිද්දි ජනතාව එක්ක. රට කරවනකොට තමා හැබැවටම මේ අය ඉන්නේ කා එක්කද කියලා දැනගන්න පුළුවන්. (නි)
මොකක්ද මේකේ වැරැද්ද? මුලින් වැරදිලා සමත් කියල දුන්නා. දැන් ලකුණු මදි කියල දෙනවා. අන්තිම එක හරියටම පරීක්ෂා කරලා දෙන්න ඇති. අපේ අයට පරාජය බාර ගන්න බැහැ වගේ. මොකක් හරි කරලා දැන් අනුකම්පාව අරන් දිනන්න වගේ ඉන්නේ. (නි)
ඉතිහාසයේ කවදාවත් නොවුන තරමට අද ලංකාවේ අධ්‍යාපනය වල පල්ලට ගිහිල්ල. අවරුදු දහතුනක අධ්‍යාපනයේ ප්‍රතිපලය තීරණය කරන විභාගයේ ප්‍රතිපල හරියට දෙන්න බැරි තරමට අද බලධාරීන් නොසැලකිලිමත්. ඇමතිවරු කියල කියාගන්න දෙන්නට කිසිම වගකීමක් නැ. ඒ උනාට මහා ලොකුවට කියන්නේ ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය කරනවා කියල. අවරුදු තුනක් මහන්සිවෙලා පාඩම් කරලා විභාගේ සමත් වෙලා යන්න වෙන්නේ කැම්පස් නෙවයි උසාවියට. ඇමතිවරුන්ට ගානක්වත් නැ මොකද එයාලගේ ළමයි ඉගෙනගන්නේ පිටරටවලනේ. (අ)
අනේ මන්දා අපේ ළමයින් ගේ අනාගතය? (නි)
උන්නැහැලගේ ආශ්චර්‍යය තමයි මේ.....(ස)
''ලෝකයේ සාමය සෞභාග්‍යය පිරි රට ලංකාවයි '' .(ස)
කෝ අර අපේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇමතිතුමා? (නි)
ලංකාවේ අනාගතය මහ පාරේ ද ? (නි)
මොනම කාලෙකදිවත් මෙහෙම කෙණෙහිලිකම් ගොඩක් අධ්‍යාපනයට ඇවිල්ලා නැහැ. (නි)
ආශ්චර්යේ තරම කොතෙක්දැයි කියතොත් හරියට විභාග ප්‍රතිපල පවා නිකුත් කර ගැනීමට බැරිය. (නි)
1994න් පස්සේ නිදහස් අධ්‍යාපනය නැත්තටම නැතිවුණා. කන්නන්ගර මහත්තයා අද හිටියා නම් මේ විනාශය දැකලා මොනවා කර ගනීවිද දන්නේ නැහැ. (නි)
අසාධාරණයක් වෙලානම් උසාවි යන එක තමයි කර යුත්තේ .ඒත් අපිට කැම්පස් යන්න වෙන්නේ වයසට ගිහින් තමයි..ඒ ගැන හිතලා වැඩ කරනවානම් හොඳයි....(ස)
මේ ළමයි උසාවි ගානේ රස්තියාදු කරන්න එපා, හැකි ඉක්මනින් සරසවි වරම් ලබා දෙන්න .(ස)
අනේ නංගී මල්ලී උඹලගෙ මොලේ පෑදෙනවට අකමැති අය හදන්නේ උඹලවත් අන්දෝගෙන සූරන් කන්න. හරියටම අපේ වැඩිහිටි පරපුරට උනාවගේ ඔයාලවත් ඔලුවක් තියන මිනිස්සු උනොත් අපේ රට මේ විනාසයෙන් ගලවාගන්න පුලුවන් වේවි. එයාලා වෙනුවෙන් මිසක් අපි වෙනුවෙන් එයාලා වැඩ කරන්නේ නැහැ..(ස)
පුදුම අපරාධයක්..(ස)
අපේ ළමුන්ගේ අනාගතය....?(නු)
කට්ටිය ඕකට ඔහොම එකටම එකතු වෙලා සටන් කරන්න.හැබෑයි කවුරු ආවත් පස්සෙන් යන්න එපා. ඒ කිව්වේ මොන දේශපාලුවා ආවත් එයාලට යටවෙලා පස්සෙන් ගිහින් මොන දෙයක්වත් බලපොරොත්තු වෙන්න නම් එපා. මොකද ඒ එක් කෙනෙක් වත් අපට කරන දෙයක් නැහැ. විපක්ශයේ ඉදිද්දි ඔය වගේ ඒවට විරුද්ධව බැහැලා වෑඩ. ඒ බලයට එනකල් විතරයි, මොකක් හරි කරුමෙකට ඔහු ඇමතියෙක් හරි මන්ත්‍රියෙක් හරි වුණහම ඕවයේ ගානක් නැහැ. දෑන් විපක්ශයේ ඉන්න අයට ඕක හොද වාසියක්. ඒක නිසා කාගෙන්වත් අපට වෑඩක් නැහැ. කාවවත් ඕකට ගාව නොගෙන ඔය සටනින් හොද පිළිතුරක් ගන්න. ඔබට ජය! (නි)
මහන්සි වෙලා පාඩම් කරලා අරමුණට යන්න, උසාවියටත් යන්න වුණාද? (නි)
අනේ මල්ලිලා, සමහර අය ඉන්නකල් මේවා මෙහෙම තමයි. (නි)
රටේ අනාගත පරපුර මෙහෙම අනාත කරන ලෝකයේ එකම රට අපේ රට වෙන්න ඇති. (නි)
කොල්ලනේ, පරිස්සමින් හොදේ. (නි)
මේ ඔක්කොම අවුල් වගකීමක් නැති කට්ටියක් ඇමතිලා වෙලා ඉන්න එකයි, රටේ ඉන්න මෝඩයින් ටික එයාලව එතෙන්ට පත් කරපු එකයි තමයි. (නි)
දේශපාලනඥයන් පසු පස නොයා මේ ලෙස කරන එක නම්බුයි..!!(නු)
අධ්‍යාපන විනාශයට විරුද්ධව මුළු රටේම ජනතාව නැගී සිටිය යුතුයි..!! (නු)
වාසිටි යන්න කළින් උසාවි යන්න හැකිවීම පිළිබදව සතුටු වෙන්න. නැත්තම් රැග් කාලා, අනම් මනම් දොඩලා, කට්ට කාලා, වයසටත් ගිහිල්ලා යන්න තිබුණු ගමන ඉක්මන් කරලා රකිවු රකිවු රකිවු! (නි)
කව්රුත් මතක තියාගන්න ඕන අපේ රටේ අනාගතය සාධාරණයක් ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!(නු)
විභාග කොමසාරිස් බය වෙන්න එපා.. විභාගය තිබ්බා මතකයි ඊට පස්සේ ළකුණු ක්‍රමය මතක නෑ කියන්න..!!(නු)
මන්ත්‍රීතුමා මේ පොඩි කොල්ලො ගොඩේ මොකද කරන්නෙ..!!(නු)
මේ පොඩි කොල්ලන් එක්ක මොනවාද මේ කරන වැඩ? (නි)
දිසා හරියටම හරි. (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. (නි)
ආසියාවේ ආශ්චර්යය? (නි)