විශ්ව විද්‍යාල වාර්ෂික ගිණුම් වාර්තා ශිෂ්‍යයින්ට ද දෙන ලෙස උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබේ. තමන් වෙනුවෙන් වෙන්වන මුදල් වැයවන ආකාරය පිළිබඳ දැන ගැනීමට විශ්ව විද්‍යාල සිසුන්ට ද අයිතියක් ඇති බැවින් තමා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව මෙම වසරේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ විශ්ව විද්‍යාල ගිණුම් වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බව එහි සභාපතිනී මහාචාර්ය කෂාණිකා හිරිඹුරේගම මහත්මිය පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳ වැඩ! දූෂණය වලක්වන්න තියෙන හොඳම ක්‍රමය ඒක තමයි (නදී)
ක්ෂණිකා මැඩම්, අනේ කරුණාවෙන් ඉල්ලන්නේ. ඉල්ලා අස්වෙලා ගිහින් මහත්තයත් එක්ක හේනක් කුඹුරක් කොටා ගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්නකෝ. අපි කොළඹ කැම්පස් එකේ. (නදී)
අන්න හරි. ගනුදෙනු වල විනිවිද භාවයක් තියෙන්ට ඕනේ. (ර)
හරියට හරි, ඒක තමයි යහ පාලනේ. ළමයි මේවා නොදන්නා නිසා තමයි උද්ඝෝෂණ කරන්නේ හොරකන් කරනවා කියලා හිතල. ළමයි වැරදි නෑ .හොඳ තීරණයක්, විනිවිද භාවය බොහොම හොඳයි. ( දිල්)
සරසවි වලට ඇතුලත්ව අධ්‍යාපනය සම්පූර්ණ නොකරන අයට යමක් කරනවා නම් හොඳයි. මොකද නොමිලේ අධ්‍යාපනය ඉල්ලීම් ඉල්ලනවා වගේම ඒක සම්පූර්ණ කරන එකත් වගකීමක්.(දිල්)