දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ හයිඩ් පිටියේදී උද්ඝෝෂණයක් කළහ.
ඔවුහු නවම් මාවත, පුරහල හා මරදානේ සිට හයිඞ් පිටියට පෙළපාළියකින් පැමිණියහ.
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝද එහි වැඩම කර සිටියහ.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ළමයි මෙතනට අදාල වෙන්නෙ කොහොමද කියල තෙරෙන්නෙ නැති මෙළේ පොඩි ලොකු ළමයි මෙතනට ගිහින් පොඩි ළමයින්ට කරන්න පුළුවන් දේ බලාගෙන මොළේ පාවිච්චි කරළා කමෙන්ට් දානවා නම් හොඳයි. (ස)
කීර්ති, එහෙනම් ඔයාගෙ ළමයි ඔක්කොම බෝර්ඩ් අල්ලලා පාරේ තියන්න.මොඩයෙක් වුණාට කමක් නැහැ.දරුවන්ගේ ලෝකය විනාශ කරන්න එපා. (ස)
අපේ රට ඉතියෝපියාවක් නොවේ. ඉල්ලීම් වලට ජය වේවා.. (ස)
මේ උත්සාහය කුඩා ළමයින්ගේ අනාගත අධ්‍යාපනය සුරක්ෂිත කිරීමයි . අධ්‍යාපනයේ තියෙන ගැටළු ගැන පහ වසරේ ළමයාගේ පටන් සියලුම ළමයි දැනුවත් වී සිටිති. වැඩිමහල් සහෝදරයා හෝ සහෝදරියගේ විභාගයේ ගැටළු එම නිවසේ කුඩා ළමයි හොඳින් දනිති. කුඩා ළමයින්ද තමන්ගේ අනාගතය පිළිබඳව සුපරීක්සාවෙන් සිටී (ස)
මේ ප්‍රශ්නය ඉගෙන ගන්නා සෑම ළමයෙකුටම බලපාන නිසා මෙහි වරදක් මාත් දකින්නේ නැහැ. (ස)
මේ ප්‍රශ්නය ඉගෙන ගන්නා සෑම ළමයෙකුටම බලපාන නිසා මෙහි වරදක් මාත් දකින්නේ නැහැ. (ස)
ගුරුවරුන් දරුවන්ගෙ අනාගතය මෙලෙස විනාශ කරන එක වැරදියි (නි)
සනත් දිමුතු, කොයි තරම් පටුද? අධාපනයට 6% වෙන් කරන්න කියන එක ආචාර්යවරුන්ගේ විතරක් වැඩක්ද? අනික ඔයාල ඇරෙන්න වෙන කිසි කෙනෙක් දන්නේ නැනේ ගුරු අරගලය කාඩ කප්පල් කළේ සරසවි ආචාර්යවරු කියල. හා ... හා.... නිදහස් ආචාර්ය සංගමේ නේද? (ස)
නියම බුද්ධිමත් අය , මේවා විහිළු වැඩ.. (ස)
මංජුල, එහෙනම් මඩිය තර කරගෙන නිදහස් අධ්‍යාපනය රැක ගන්න.හැබැයි දරුවන්ගෙ ළමා ලෝකය විනාශ කරන්න එපා. (ස)
මංගල :ඉන්දියාවේ අධ්‍යාපනයට 6% හා සෞඛ්‍යයට 3% වෙන්කරගැනීම සඳහා වන මෙබඳුම ව්‍යාපාරයක් සම්පුර්ණයෙන් ගෙනයන්නේ පාසැල් සිසුන්ගේ දායකත්වයෙනි. අනික පන්සල් යාමේ සිට සියලු හොඳ නරක අපේ දරුවන්ට කියා දෙන්නේ අපය. ඉතින් අසාධාරණයට විරුද්ධවීමට ඔවුන්ට කියා දීමේ ඇති වරද මොකක්ද? සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට කියාදීමේ ඇති වරද කුමක්ද? දේශපාලුවන්ගේ රැස්වීම්වල කොඩි වනන්න පොඩි අයව යවනවට වඩා මෙය කෙතරම් යහපත්ද? මම නම් මගේ පොඩි දෙන්නම යවනවා මේ වගේ ඕනෑම වැඩකට. (ස)
අපි නිදහස් අධ්‍යාපනයට සදා ණයගැතියි (නි)
නිමාලි කියුවා හරි. පොල් අතු මඩුවල පංති තියෙන පාසලුත් තියෙනවා. ඒවායේ හතලිහ පනහ හිරවෙලා ඉන්න ළමයින්ට නැති වායු පංකා, ඒසී, ටයිල්ස්, අධ්‍යාපන කාර්යාල, අමාත්‍යංශ ගොඩනැගිලි වල තිබුනට වැඩක් නැහැ. (ස)
මට මෙතැන අදහස් දක්වල තියන ගොඩක් අයගෙ අදහස් ගැන දුකයි . එයාල දන්නෑනී මේක එයාලටත් බලපාන දෙයක් කියල. ඒ තරම් ලංකවේ මිනිස්සු මෝඩයි (ස)
එතකොට දළ දේශීය නිෂ්පාදිතයෙන් 75% වියදම් කරන අයට මොකද වෙන්නේ? (නි)
අපේ දෙමාපියෝ පාසල් වල නොයෙක් දේ දියුණු කරන්න මැදිහත් උනා වැඩියි. ඒ සියල්ල කළ යුත්තේ අමාත්‍යංශය බව දැනුයි තේරෙන්නේ. ගුරුවරුන් හමු වෙලා දරුවන්ගේ අඩුපාඩු මග හරවා ගැනීම ගැන වෙහෙසෙනවා වෙනුවට අපි තාම කරන්නේ පාසලේ තීන්ත ගෑම, පොල් අතු බදින එක වගේ දේවල් තමයි. (ස)
ලොකු කුඩා සියල්ලෝම මීට සහයෝගය දියයුතුයි (නි)
ඇයි අනේ බලධාරීන් නිදිද ?? (ස)
අධ්‍යාපනවියදම වැඩිකරන්න කියන්නේ අපට ආදරේට නෙමෙයි (අ).
මෙයින් සිදුවිය හැකි භයානකම පුතිඵලය වන්නේ හැකි සෑම විටකම බුද්ධිමත් අය ක්‍රමයෙක් මේ රටෙන් පිටව යාමයි. අපේ අනාගත පරපුරට සිදුවන හානිය ගැන විශේෂයෙන් අවධානය යොමු විය යුතුයි. (නි)
පොඩි ළමයින් පමණක් නොව උපදින්න සිටින දරුවන් පවා මෙයට සහභාගි කරවිය යුතුයි. (නි)
මම නම් කියන්නේ උපදින්න සිටින දරුවන් පවා මීට සහභාගි කරවීම වටිනවා කියලයි (නි)
මෙවන් පටු අදහස් දරන අය නිසා තමයි අපේ රට මෙහෙම ආගාධයකට වැටිලා තියෙන්නේ (නි)
රටේම දරුවන් මෙයට එක්විය යුතුයි (අ)
දැන්නම් කාගෙ කාගෙත් නිදහස ටිකක් වැඩිවෙලා වගෙයි මට පේන්නේ (නි)
සෝභිත හිමියන් හැමදාම සාධාරණ පැත්තේ. (අ)
ඔබ තුමාලා ඔය දුක් විදිනවානේ. (අ)
අන්තිමට මේවායින් පාඩු වෙන්නේ රටේ දුප්පත් කොල්ලෝ කෙල්ලන්ට (නි)
මහ ඇදුරන් මහා පාරේ. මෙහෙවු රටක උපන් අපිත් උම්බෑ කියන දවස වැඩි ඇතක නොවේ. (නි)
මම මාලදිවයිනේ අගනගරයේ සිට කි.මි.220 දුර පාසලක උගන්වන්නේ. මෙහි පිළිවෙළ, ගෙන යන සැලසුම් හා දරුවන්ට හා ගුරුවරුන්ට තිබෙන පහසුකම් ඉතා සුපිරියි. තවත් සංවර්ධනය කරන්නට දෙයක් හෝ දෙන්නට තවත් පහසුකමක් ඉතිරි ව නැති තරම්. රැයෙහි දී පවා සිසුන්ට නොමිලයේ අමතර ඉගැන්වීම් හා ක්‍රීඩා පහසුකම් සපයයි. පහසුකම් ගාස්තු කියා හෝ දෙයක් මෙහි එකතු කිරීමක් නැත. මෙවැනි පාසල් මුලින් ම පෙන්විය යුත්තේ අප රටේ බුද්ධිමත් දෙමාපිය නියෝජිත පිරිසකටයි. මන්ද, ඔවුන්ට පාසල් පැවතිය යුත්තේ කෙසේ ද යන ආකල්පය අනෙක් දෙමාපියන්ට ද දිය හැකි නිසා ය. අප රටේ ද පාසල් අධ්‍යාපනය නිසි මගට ගැනීමට වඩාත් ම අවශ්‍ය වන්නේ දෙමාපියන්ගේ මුදල් වත් වෙන දෙයක් වත් නොව නිවැරදි ආකල්ප ම වන නිසා ය. එසේ වන විට, බලධාරීන්ට තබා විදුහල්පතිට වත් නිවැරදි දේ නොකර ඉන්නට බැරි වන නිසා ය. (නි)
ප්‍රසාද්, එදා ඒ වෘත්තීය සමිති ව්‍යාපාරයට කැපවුණු කෙනෙක් මම. නිදහස් ආචාර්යවරුත් එදා අපිට බාධා කළා.තේරුම් ගන්න මේක තනිකරම දේශපාලන ගේමක්. කොයිතරම් අධ්‍යාපනයට මුදල් වෙන් කළත් ඒවා අවසානයේ දී පන්ති කාමරයේ ඉගෙන ගන්න දරුවට ලැබෙන්නේ නැති ගානයි. මේ මුදල් හරියට කාන්තාරයේ වැස්ස වගේ. අහසෙදි වැහැලා අහසෙදිම වාෂ්ප වෙනවා. (නි)
පින්තුරවල ඉන්න මහා ජනකාය දැක්කම තේරෙන්නේ, සමහර ආචාර්යවරුන් දරුවන් පවා රැගෙන කැපවීමෙන් මෙම රැළියට සහභාගී ඇති බවකි. දරුවන්ට නීරස ගමන් යන විට ඔවුන් රඳවා ගැනීමට කරන්න සිදුවන දේවල් දන්නේ දෙමාපියන් පමණි. මගේ උපහාරය !!! (නි)
ළමයි ලවා හොරුන්ට මිනිමරුවන්ට මල් මාල දානකොට නම් කාගෙත් කටවල් වැහිලා. (නි)
දැනට වැය කරන 1.9% න් කීය ද පාසලට යන්නේ? මේ නිසාම දරුවන්ගේ ඇගයීම්, මාසික හා වාර පරීක්ෂණ පවා අද නිසි ලෙස සිදු වෙන්නේ නැහැ. කඩවලින් ප්‍රශ්න පත්තර ආදිය ගන්නවා වෙනුවට පාසල්වලට පහසුකම් හා උපකරණ ලබා දේ නම් ඒවා පාසල තුල දීම සාදා ගත හැක. පාසල් අධ්‍යාපනය ගොඩනැගීම සඳහා රජය සැබෑ ආයෝජනයක් කළ යුතුයි. (ස)
ඔයාල ටිකක් කල්පනා කරලා බලන්ඩ අවම වශයෙන් මාසෙට රුපියල් 20,000 උපයන අයකු තම පවුලේ දරුවන්ගේ අධ්‍යාපනයට මසකට 1.9% නම් වැය කරන්නේ එම මුදල රුපියල් 380 යි. මධ්‍යම පන්තියේ අයකු රුපියල් 50,000 උපයන අයකු නම් ඔහු වැය කරන්නේ රුපියල් 950 යි. ඉහල මට්ටමේ අයකු රුපියල් 100,000 උපයන විට ඔහු වැය කරන්නේ රුපියල් 1900 යි. ඔබටත් ළමයි ඉන්නවනම් හිතට එකඟව බලන්න ඔබ කීයක් වියදම් කරනවද අඩුම වශයෙන් මාසෙකට. ඔබ මේ ප්‍රමාණයට1.9% වැය කලොත් ඔවුන්ගේ අධ්‍යාපනයට මොකක් වෙයිද? මම නම් දන්නා පරිදි මසකට 50,000 උපයන අයකු අඩුම වශයෙන් 10,000 ක් වත් ළමයින්ගේ අධ්‍යාපනයට වැය කරනවා කියන්නේ 20% වත් අවම වියදම් කරනවා. දැන්වත් ඔයාලට තේරෙනවද මෙහි ඇති භයානකකම? (ස)
වැඩක් කර ගන්න පොළපාලි, ස්ට්‍රයික් කරන්නම වෙලා වගේ.මේක නම් හොඳ වැඩක් නෙවෙයි.ආණ්ඩුව යන පාර හරි නැති බව මේකෙන් පේනවා. (ස)
මේ පොඩි ළමයිනට බෝඩ් ලෑල් දිය එවපු අය ඔලු පලමු (අ)
මංගල මහත්තයා, දරුවන් ගැන කැක්කුමක් තියෙනවානම්, ඔයාට ඒන්න පුළුවන්ද කුඩා දරුවන්වෙනුවෙන් අධ්‍යාපනය රැක ගන්න කටයුතු කරන්න. උද්ඝෝෂණ නොවේ මොන ආකාරයෙන් හරි අධ්‍යාපනය රැක ගන්න කටයුතු කරන්න. (අ)
විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට අපගේ ප්‍රණාමය. ඔවුන්ගේ මෙම උත්සාහය රටේ අනාගතය වන ඔබලා වැනි දරුවන් හටද නිදහස් අධ්‍යාපනය නමැති මහගු දායාදය රැකගැනීමටයි. (අ)
අපේ බන්දුල ගුනවර්ධන ඇමැතිතුමා කොහොද (අ)
දැනුම්වත් කළ යුත්තේ දරුවන්ටමයි. අනාගතයත් දරුවන් හොඳ දෙයකට සම්බන්ධවුණාට කමක් නැහැනේ. (අ)
මේ ගොල්ලො බුද්ධිමත්තු ලු.......ඒ ගොල්ලොම කියනවා (අ)
මේ ගොල්ලො බුද්ධිමත්තු ලු.......ඒ ගොල්ලොම කියනවා (අ)
දරුවෙක් වෙනුවෙන් අපට කරන්නට හැකි එකම දේ උසස් අධ්‍යාපනයක් ලබා දීමයි.අධ්‍යාපනයට වැය කරන මුදල අප දැයේ දරුවන්ගේත් රටේත් අනාගතය වෙනුවෙනි. එය සැබෑ ආයෝජනයක් බව අප රටේ වගකිය යුතු අය වටහා ගෙන නොමැත. (නි)
අප රටේ දරුවන් දස්කම් වලින් පිරිපුන් දැයට වැඩ දායි අය කළ හැකි දරුවන්. නමුත්, තාමත් කැඩුනු ඩෙස්ක් මත කළුලැලි තබා ඇති මූලික අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වත් නැති පාසල් මහ පාරවල් අසල පවා තිබෙන බව ඔබලා විශ්වාස කරනවා ද? (අ)
තමන්ගේ මඩිය තරකර ගැනීමට උත්සහකරන අය නිසා රටට සිදු වී තිබෙන විපත. කුඩා ළමයි යොදාගෙන කරන මේ දෙය පිළිකුලෙන් හෙළා දකිමි (අ)
කුඩා දරුවන් සම්බන්ධ කර ගැනීම උගත්කමටද නිගරුවකි. (නි)
ඉල්ලීම් වැරදි නැහැනේ. (නි)
මෙන්න මාගේ ආචාරය! (නි)
මේ වන විට සරසවි ඇදුරන්ගේ සිට එක වසරට යාමට සිටින දරුවන් දක්වා පවතින අධ්‍යාපන අර්බුදය බලපා ඇති බැවින් මෙම දරුවන් සිය දෙමාපියන් සමග විරෝධය පෑමට එක්වීමෙහි වරදක් නොදකිමි. (නි)
කුඩා දරුවන්ට අධ්‍යාපනයේ වටිනාකම කියා දීම අනර්ඝයි. (නි)
අධ්‍යාපනයට වැය කරන මුදල අප දැයේ දරුවන්ගේත් රටේත් අනාගතය වෙනුවෙනි. එය සැබෑ ආයෝජනයක් බව අප රටේ වගකිය යුතු අය වටහා ගෙන නොමැත. දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනයට වැඩියෙන් ම වියදම් කරන රට මාලදිවයිනයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.7% කි. එය නේපාලයේ 4.7%, ඉන්දියාවේ 3.2%, පාකිස්තානයේ 2.9%, බංගලාදේශයේ 2.4%. ලංකාවේ එය 1.9% පමණකි. (නි)
අධ්‍යාපනය රැක ගැනීම අප සියල්ලන්ගේම වගකීමයි. මෙම උද්ඝෝෂණයට මගෙත් සුභ පැතුම්! (නි)
පිටරට විශ්ව විද්‍යාල එපානම් පුද්ගලික විශ්ව විද්‍යාලත් එපා. ඇස් දෙක ඇරලා බලන්න හොදට. මේ හදන්නේ රට ආපස්සට රැගෙන යන්නයි. (නි)
6% ක් අධ්‍යාපනයට යොදවලා මොනවද ලැබෙන ප්‍රතිඵල? (නි)
මම ලංකාවේ හිටියා නම් මගේ කිරි බොන ළමයාගේ අතටත් බෝඩ් කෑල්ලක් දීලා ඒ ළමයවත් කොහොමහරි මේකට අරන් එනවා. මොකද ඒ දරුවත් කවදා හරි මේ දේට මුහුණ දෙනවා. (නි)
බීරි අලින්ට වීණා වැයීමෙන් පළක් නොවේ. (නි)
මේ ප්‍රශ්නය ඉගෙන ගන්නා සෑම ළමයෙකුටම බලපාන නිසා මෙහි වරදක් මාත් දකින්නේ නැහැ. (නි)
ලංකාවේ මහ පඩිවරු ඇයි මේ පොඩි දරුවන් යොදාගෙන? (නි)
මම නම් කියන්නේ සරසවි අධ්‍යාපනයට මුදල් අයකර ගත යුතුයි (නි)
අනේ ඔව් ලංකා. සාකච්ඡා කරලා ඉල්ලුවා නම් ඕක දෙනවනේ. අපරාදේ නේද මෙහෙම පාරෙ රස්තියාදු වෙන්නේ? (නි)
මේ ප්‍රශ්නය මෙහෙම විසදන්න හිතපු එක හරිම අඥාන ක්‍රියාවක්. (නි)
ළමයින්ගේ අනාගතය විනාශ වෙන නිසා පොඩි ළමයි ඉදිරියට එන එකේ වරදක් නැහැ. (නි)
මොව වර්ජනය කළත්, කුඩා දරුවන් ඒවාට ගාවා ගැනීම දඩුවම් කළ යුතු වරදකි. (නි)
මහින්ද ජයසිංහ මහත්මයාටයි, ස්ටාලින් මහත්තයාටයි ලැජ්ජාවක් නෑ. එදා ගුරු වැටුප් අරගලය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කලේ විශ්ව විද්‍ය්‍යාල ආචාර්යවරුන්. අද මේ මහත්මයාලට ගුරු සේවයේ ප්‍රශ්ණ විසදිලා වෙන්න ඇති, අහිංසක විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට උදව් කරන්නේ.(නු)
මෙම දරුවන් සිය දෙමාපියන් සමග විරෝධය පෑමට එක්වීමෙහි වරදක් මම නොදකිමි. (නි)
ඒක තමයි අපි ඕවට නොගියේ. (නි)
නිමාලිලා වගේ අය තමයි අද රටේ අඩු..රොහාන්ලා වගේ අය ඕන තරම් ඉන්නවා..!!(නු)
රෝහන මඩිය තර කරගෙන හරි කමක් නැහැ අපේ නිදහස් අධ්‍යාපනය රැකෙනවා නම්..!!(නු)
ලොකු විරෝධතාවයක් වගෙයි. (නි)
පොඩි අයට නරක ආදර්ශයක්. (නි)
නිදහස් අධ්‍යාපනයේ දරුවන් වන අපගේ උපහාරය ඔබටයි. (නි)