දින හැතෑතැවක කාලයක් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුනට සහාය දීමට වෘත්තීය සමිති 26ක් එක්වී යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත සමුළුව නමින් අද පැවති සාකච්ඡාවේදී යෝජනා 4ක් සම්මත කරගත් බවත්, ලබන 24 වැනිදා සරසවි ඇදුරන් මහනුවර සහ ගාල්ලේ සිට කොළඹට පාගමන් දෙකක් ආරම්භ කිරීමටත්, ලබන 28 වෙනිදා එම පෙළපාලි දෙක කොළඹදී එක්වී විරෝධතාවක් පැවැත්වීමටත්, එදින ජාතික විරෝධතා දිනයක් බවට නම් කිරීමටත් තීරණය වූ බව ද ඒ මහතා පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය (ස)
සාධාරණය වෙනුවෙන් සියල්ලෝම එකතු වන්න (දී)
අයියෝ සල්ලි
සැබැ ඡයක් ලබන්න අදිටන් කරගන්න ඹබට ඡයම පතනවා....(ස)
අනේ මගේ රට
ඕන දෙයක් කර ගන්න
මේවා අහන දකින විට මට හිතෙනවා අනේ මම සා.පෙළ සමත් වෙලා විදුලි බල මණ්ඩලේ මනු කියවන්න ගියා නම් කියලා. මොකද එයාලට මාසෙකට හැට දාහක් විතර ලැබෙනවාලු. නැත්නම් මණ්ඩලේ රියදුරු ගියානම් කියලා. මොකද එයාලටත් හැත්තෑවක් විතර හම්බ වෙනවාලු. මම ආචාර්යවරයකු ලෙස විශ්ව විද්‍යාලේ මේ වෙනකොට වසර විසි නවයක් සේවය කරළත් මට ලැබෙන පඩියත් ඊට වැඩි නැහැ. ඔය කියන කිසිම දීමනාවකුත් නැහැ. සේරම එකතු වුණත් අපේ පඩියෙන් ගෙවල් ණය, වාහන ණය සහ වෙනත් ණය වලට හිලවු වුණහම ඉතුරුවෙන මුදල ගැන කියන්නත් ලැජ්ජයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඇත්ත තත්ත්වය ඒකයි. මේවා නොදැන ලියන කියන අයට අනුකම්පා කරනවා හැර මොනවා කරන්නද? මටත් මගේ යාළුවන් එක්ක ඒ කාලේම රට ගියානම් කියල හිතෙන කොට අද ඉන්න අය රට හැර යන එක ගැන පුදුම විය යුතු ද? (නි)
පර්යේෂණ දීමනා, පඩි, වැඩි කරන්න ඕනෑ තමයි. ඇමතිලාට ඒවා ලැබුණට කවුරුත් කෑ ගහන්නෙ නැහැ. උගත් මිනිස්සු ඒවා ඉල්ලනකොට කෑ ගහනවා නිවටයන් ටිකක් වගේ. හරිනම් ඉල්ලන්න කලින් ඒවා දෙන්න ඕනෑ. මෙතන මාසෙටම එක දේශනයයි, පඩි ඇති කියන කාගෙවත් පරම්පරාවෙ කවුරුත් කැම්පස් ගිහින් නැතුව ඇති. ඒකනෙ ඔහොම කෑ ගහන්නෙ කිසි දෙයක් දන්නෙ නැතුව. (නි)
අනේ ගයාන් විශ්ව විද්‍යාලයට ගිහිල්ල බලන්නකො ඒ අයගේ මානව දයාව. ඔය මහලොකුවට 6% කියල කෑ ගැහුවට 6% න් මොනවද විසඳන්න තියෙන ගැටළු කියල ඇහුවොත් කියයි පර්යේෂන දීමනාව වැඩි කල යුතුයි, වැඩි පඩි දිය යුතුයි, තීරුබදු රහිත වාහනය ගන්න පොලී නැතුව ණය දිය යුතුයි, ගේ හදා ගන්න ලොකු ණයක් දීල පොලිය රජයෙන් ගෙවිය යුතුයි වගේ ගැටළු. හැබැයි ඔය කවුරුවත් සිසුන්ට නේවාසිකාගාර, කැන්ටිමෙන් ගුණාත්මක ආහාර වේලක්, අසනීප උනාම බෙහෙත් ටිකක් වගේ අවශ්‍යතා දන්නෙවත් නැහැ. ඔය බොරුනේ වටෙන් නැතුව කෙලින්ම පඩි වැඩි කරන්න කිව්වනම් ඉවරනේ. හැබැයි ඉතිහාසය විශය හදාරපු අය කවදාවත් මහ බැංකුවට නම් ගන්නේ නැහැ. .(ස)
සුභ පැතුම් .(ස)
අමිල, ඔයා හරි සමහරුන්ට මාසෙටම එකක දේශනයයි නැත්නම් අවරුඳ්දටම තුනයි (ස)
අමිල වගේ අයට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න සල්ලි තිබුණට අපේ ළමයින්ව ඒවට යවන්න සල්ලි නැහැ. (නි)
අමිල ඔයා හිතන්නේ ඒ ගොල්ලෝ වර්ජනය කරන්නේ පඩිය සදහා විතරක් කියලද.... ඔයාට මොලය අඩු බව තේරෙනවා 1.8% අධ්‍යාපනයට ඇති කියලද ඔයා හිතන්නේ. ඔයා සැහෙන්න මෙම ප්‍රශ්නය හදාරලා තියනවා වගේ ...(ස)
උගත්කම දේශපාලනයටවත්, මෝඩයන්ටවත් යටත් නැහැ. ඔබට ජය! (නි)
මෙම ප්‍රශ්නයට වැදගත් විදියට පිළිතුරු නොදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට අවලාද කිරීමෙන් වෙන්නේ ආණ්ඩුව මිනිස්සුන්ට එපාවෙන එක බව කිසිවකුට නොතේරීම පුදුමයකි. (නි)
නොසැලී ඉදිරියටම යන්න........(ස)
නියමයි නියමයි නිර්මාල් මහත්තයෝ. (නි)
මේව කරන එක හොඳයි. මොකද අපි ලක්ෂ ගණන් සල්ලි දීලා ඉගෙන ගන්න තරම් ගැහිලි ගහන්නෙ නැහැනේ. (නි)
ඇදුරන් නෙමෙයි දැං ආතුරයෝ වෙලා ඉන්නෙ කට්ටියම..!(නු)
ජවිපෙ ඉතිං දන්නේ මේවා තමයි... ඡන්දයට ගියාම ඇපත් නැහැ..!(නු)
ලැබෙන දෙයක්වත් ලැබෙන්නෙ නැහැ මේ සෙල්ලම්වලින්..!!(නු)
ආන්න හොද ගෝලයෝ.... (නි)
ඔය ගන්න වැටුප මදිද? (නි)
ඕක කරන්න පුළුවන් කෙනෙකුට දීලා අයින් වෙන්න. (නි)
අතිගරු ජබාධිපතිතුමනි, මේ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් දීලා අපේ කාලය ඉතුරු කරලා දෙන්න. (නි)