දැයේ දූ දරුවන්ගේ අනාගතය ගැන සලකා බලා විශ්ව විද්‍යාල අර්බුදය අන්තගාමීත්වයෙන් තොරව මැදහත්ව ඉක්මනින් විසඳා ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හා විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයෙන් ඉල්ලා සිටින බව මල්වතු අස්ගිරි මහා නාහිමිවරු එම දෙපාර්ශවයෙන් ඉල්ලති. මාස තුනක් තිස්සේ නොවිසැඳුණු මේ ප්‍රශ්නය විසඳා ගැනීමට දෙපාර්ශවයම කැඳවා යම් සම්මුතියකට එළැඹීමට අපෙක්ෂා කරන්නේ නම් මැදහත් පාර්ශවකරුවන් ලෙස තමන් වහන්සේලාගේ සහාය ද දිය හැකි බව තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමියන් ද උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාමියන් ද කියති. උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා හා විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවගිරිට ද මහා නාහිමිවරු ලියා දැන්වූහ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘සරසවි අවුල වහා විසඳාගන්න‘
කෙනී Saturday, 29 September 2012 06:23 AM
එක්කෙනෙක්ට එකක් කියනවා, තව කෙනෙක්ට තව එකක් කියනවා. අනේ මන්දා.... (නි)
සමන් Saturday, 29 September 2012 06:27 AM
මහා නායක හිමිවරුන්ගේ තීරණයට මාගේ ස්තුතිය පුදකරමි. ඇයි ආණ්ඩුවේ අය නම්‍යශීලී නොවන්නේ? හුගක් අය ආඩම්බර කථා කියකියා ප්‍රශ්නයන් පැනයනවනේ. එක්කෝ "අපිට සල්ලි නැහැ ඕවාට" කියා ලජ්ජා නොවී කිවයුතුය. (නි)
ආනන්ද Friday, 28 September 2012 05:48 PM
දැන් හාමුදුරුවෝ කිවුවා කියලා මේ අය අහයිද? (නි)
විමුක්ති Friday, 28 September 2012 06:35 PM
විශිෂ්ට අදහසක් (නි)
ෂෙල්ටන් Saturday, 29 September 2012 12:15 PM
අඩු වශයෙන් 4%ක් වත් අනාගත ළමයි වෙනුවෙන් ලබා දෙන්න. (නි)
තුවාන් Friday, 28 September 2012 01:11 PM
ඇති යන්තම් දැන්වත් ඇස් ඇරිලා....(ස)
මනම්පේරි Friday, 28 September 2012 01:19 PM
දැන් ඉතිං මහානාහිමිවරුත් කියන එකේ ඔන්න ඕක විසදලා දැම්මා නම් ඉවරනේ ආයිබොවන්ඩ. (නි)
සිසිර Friday, 28 September 2012 01:35 PM
දේවගිරි නෙමෙයි දේවාසිරි.(නදී)
ආනන්ද පිටබැද්දර Friday, 28 September 2012 01:36 PM
අපේ නායක හාමුදුරුවෙන් ඔබ වහන්සේගේ අදහස සත්‍යයි කාලෝචිතයි . ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා රටේ දරුවන්ගේ අනාගකය සුබ වේවා (ස)
ලලිත් Friday, 28 September 2012 08:16 PM
මහා නායක හිමිවරුනි, මහාචාර්යවරුනට වගේම මහා උද්ධච්චකමට මේ කිසිම දෙය ගණන් ගන්නේ නැතුව මේක නිකම්ම දේශපාලන කුමන්ත්‍රණයක් කියන මහා ඇමතිවරුනටත් උපදෙස් දෙන්න වෙලාවයි. ඔබවහන්සේලාගේ උත්සාහය වගේම අවවාද ආචාර්යවරු වගේම මේ රටේ මහා ජනතාවත් ඉතා ඉහළින් පිළිගන්න සුදානම්. නමුත් ඇමතිවරු ඒවා අහන දවසක් එනතුරු අපි බලන් ඉන්නවා. මේ දෙගොල්ලන්ටම කියන්න පාලකයන්ට මේක විසදාගන්ඩ බැරි නම් ඔබවහන්සේලා ළගට දෙගොල්ලම ඇවිදින් මේකට විසදුමක් හොයාගමු කියලා. (නි)
රණා Friday, 28 September 2012 01:54 PM
ඔබවහන්සේවත් මැදිහත් වෙලා මේ කුකුල් පොරය නිමා කරන්න. (නි)
ආනන්ද Friday, 28 September 2012 02:01 PM
අති පූජනීය මහා නායක ස්වාමිපාදයානන් වහන්ස මේ රටේ මිනිසුන්ගේ (පාලක/පාලිත) දැක්ම යහපත් කිරීමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනු මැනවි.(ස)
චන්ද්‍රසිරි Friday, 28 September 2012 02:14 PM
ඕවා නැත්නම් මේ කට්ටිය තවත් මාසගාණක් පාරටම වෙලා ඉඳීවි (ස)
කීර්ති Friday, 28 September 2012 09:52 PM
මෙච්චර කල් කොහේද වැඩ හිටියේ අපේ හාමුදුරුවනේ.(නදී)
ප්‍රසාද් Friday, 28 September 2012 02:34 PM
චන්ද්‍රසිරි,ආසාවට පාරවල් ගානේ ඉන්නවා නෙවෙයි. පාරට ඇදලා දාලා. ඇමති ප්‍රශ්නේ විසඳනවා නෙමෙයි ඒක තව අවුල් කරනවා. ඔයාල වගේ පුරවැසියෝ ඒකට උල්පන්දම් දෙනවා. (ස)
රංජිත්-කුවෙට් Friday, 28 September 2012 02:43 PM
ඔබ වහන්සේලාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.(නදී)
ඉයාම් Friday, 28 September 2012 03:00 PM
මහනායක හිමිවරුන්ට ප්‍රණාමය, කලකින් දුටු හොද වැඩක්, ඉල්ලා සිටින්නට එපා හාමුදුරුවනේ සියළුම පාර්ශව වලට වහාම ඇවිත් හමුවෙන ලෙස දන්වමුද? (ස)
මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 28 September 2012 03:45 PM
මහනාහිමි වරුන්ට මගේ ප්‍රණාමය. ඇමති මාරුවකුත් උනා නම් සියලු ප්‍රශ්න විසඳේවි කියා මා සිතනවා.(ස)
රජරට වි.වි. Friday, 28 September 2012 04:04 PM
ප්‍රසාද් දන්නේ මොනව ද? පිනට පඩි දෙන්න එපා. (නි)