(චතුර එස් කොඩිකාර)
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් ගේ මාසික හිඟ දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටුනොවීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කරමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව අද (10) ඇරැඹු උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් මාර්ගය මුළු මනින්ම අවහිර වී තිබේ.
ඒ හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක්ද පවතී
උදෑසන කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට මෙම උද්ඝෝෂණය ඇරැඹි අතර ඔවුහු ජනාධිපති කාර්යාලය දක්වා පා ගමනින් පැමිණි අතර මේ වන ලෝටස් පාරේ පොලිස් මාර්ග බාධකය අසළ විරෝධතාවයේ නිරතව සිටිති.







COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.