(චතුර එස් කොඩිකාර)
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් ගේ මාසික හිඟ දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටුනොවීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කරමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව අද (10) ඇරැඹු උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් මාර්ගය මුළු මනින්ම අවහිර වී තිබේ.
ඒ හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක්ද පවතී
උදෑසන කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට මෙම උද්ඝෝෂණය ඇරැඹි අතර ඔවුහු ජනාධිපති කාර්යාලය දක්වා පා ගමනින් පැමිණි අතර මේ වන ලෝටස් පාරේ පොලිස් මාර්ග බාධකය අසළ විරෝධතාවයේ නිරතව සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේ යමපාලනේ වෙලා.
මහජනතාව තලලා පෙලලා ආණ්ඩුව භයට පත්කරලා ඉල්ලීම් දිනාගන්න පුළුවන් රජයේ සේවකයෝ එයාලගේ මට්ටමේ ඉන්න සටන් කරන්න හැකියාවක් නැති සේවකයන්ට වඩා දෙගුණයක් පඩි ගන්නවා. මේක හරිම අසාධාරණයි.
අනවශ්‍ය ඉල්ලීම් ලබාගැනීමට අඛණ්ඩ විරෝධය. මෙම සේවකයන් දැනටමත් හොඳ දීමනා භුක්ති විඳිනවා. නැවතත් ඇයි? ඔවුන් දන්නවා ඔවුන් රජයේ පාලනාධිකාරය මෙහෙයවිය හැකි බැවිනි. මොකක්ද වෙන්නේ? අතිරික්ත සේවකයන්? ඉතා අප්‍රසන්න රජයේ සහ ඔවුන්ගේ සේවකයින්.
ජේ ආර් කලා වගේ වර්ජනය කරන සේරමලගේ රස්සාවල් අත් හිටවලා, රජයට නොලෑබී යන ආදායම් හිඟ පඩිවලින් කපාගෙන , ආයිමත් පරණ කොන්දේසිවලට වැඩට එන්න කාලයක් නියම කරන්න ඕනෙ. ඒ කාලෙ ඇතුලට ආපු අයව රස්සාවට ගන්නෙ ආයිමත් අලුත් අය වගේ. අලුත් නීතිවලට. දීමනා , පඩි ඕනෙ නම්, මේ අය කරන්න ඕනෙ සාකච්චාවෙන්. නෑතුව බලෙන් නෙමෙයි
මහාචාර්ය පඩි සදහා සුළු සේවකයා අරගල කිරීම හොද නැහැ
අනධ්‍යයන සේවකයින් මේ අන්දමට උද්ගෝෂණ කරන්නේ ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන්. චක්‍ර ලේකයක් නිකුත් කරන බවට බොරු පොරොන්දු දීලා රජයත් කරන්නේ මේ අහින්සකයින්ව රැවටීම පමණයි. මේ රජය සලකන්නේ ආචාර්ය මණ්ඩලයට පමණක් වන අතර ඔවුන්ට වැඩි පඩි දීමනා ගණනාවක් ඇතුළු වරප්‍රසාද බොහොමයක්ම ප්‍රධානය කර තිබෙනවා. එත් අනධ්‍යයන සේවකයින්ට මේ රජය දක්වන්නේ කුඩම්මාගේ සැලකිලි.
මේ මිනිස්සු තමන් ගන්න පඩියට හරියන්න වැඩ කරලා ඉන්න ඕනේ ඉස්සර වෙලා. හිඟ වැටුප ඉල්ලන කලින් හිඟ වැඩ ටික කරලා ඉන්න ඕනේ. පෙරාදෙනියේ විද්‍යා පීඨයේ ඉන්න මිනිස්සුනම් කාර්ඩ් ගහන එකයි බුදියන එකයි කරන්නේ. වෙන රටවල නම් සේවකයෝ දෙන්නයි ඉන්නේ මුළු අංශයටම .
මෙම සේවකයින්ගෙන් බොහොමයක් අමාත්‍ය ලැයිස්තුවේ බඳවා ගනු ලැබේ. කිසිවෙකුට එය ප්‍රතික්ෂේප කළ නොහැකිය. මමත් විශ්ව විද්‍යාලයට වැඩ කරන්නේ ඉහතින් සඳහන් කරන ඕනෑම කෙනෙකුට වඩා මම හොඳින් දනිමි. විශ්ව විද්‍යාලවල ආචාර්යවරු සාන්තුවරුන්ද නොවන බව දනිමි. එහෙත් අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා වැඩි දීමනා ඉල්ලා සිටීම ඉතා අසාධාරණයකි.
අනධ්‍යයන අය හිතන් ඉන්නේ ඒ අය ලෙක්චරස්ලා කියලා... එයාලා වෙන මහන්සියෙන් 1000න් එකක්වත් මේ අය මහන්සි වෙන්නේ නෑ.
මොන මට්‍ටමට හරි ඉගෙන ගත්ත අහිංසක මිනිස්සු දුක් විදිනකොට පාර්ලිමේන්තුවේ ඉන්න ටික කිසිම උගත්කමක් නැතුව කෝටි ගණන් පඩි හා දීමනා ගන්න එක අසාධාරණ බව ඇත්ත. ඒත් රටේ අනිත් ආයතනවලට සාපේක්ෂව විශ්වවිද්‍යාල කියන්නේ ඉතාමත් නිදහසේ හුගක් දෙනෙක් රාජකාරියට අමතරව තමන්ගේ ගෙවල්වල වැඩ කර කර ඉන්න පරිසරයක් තියන තැනක්. අනධ්‍යන හා අධ්‍යන කියන සේවක මණ්ඩල දෙකම එකයි. මේ නිසා ලංකාවේ සරසවි අධ්‍යාපනය ලබපු මිනිහ පිටරටක පශ්චාත් උපාධි කරන්න ගියාම තේරෙනවා ඒ රටවල උසස් පෙලට උගන්වන ඒව තමයි ලංකාවේ විශ්වවිද්‍යාල වල උගන්වල තියෙන්නේ කියල. අනික අනධ්‍යන සේවකයො දැනට ගන්න පඩිය හා දීමනා එක්ක වැඩ කලත් නොකලත් පඩි ලැබෙන නමට හරි මහාචාර්ය කියන අධ්‍යයන සේවක මණ්ඩලයේ පඩිය සසදන්නත් බෑ. ඒ අය නමට හරි මහාචාර්ය හා ආචාර්ය නිසා. අනිත් අතින් මෙහෙම හරි පඩියක් නොගෙන ජීවිතේ අමාරුවෙන් ජීවත්වන මිනිස්සු කී දෙනෙක් මේ රටේ ඉන්නවද, දරුවො කීදෙනෙක් බඩගින්නේ අඩනවද.