උසස් අධ්‍යාපන ඇමැති සමග පැවැත්වූ සාකච්ඡාවලින් වැඩක් නොවී යැයි ද විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අද (1) හයවැනි දිනටත් පැවැත්වෙන්නේ යැයි ද අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය කියයි.
විශ්ව විද්‍යාල කටයුතු සියල්ලම අඩපණ වී ඇති බවත් එම බල මණ්ඩලයේ සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.
COMMENTS
අනේ ආනෝල්ඩ්, නිකන් මෝඩ කතා කියන්න එපා (නි)
ඇති හැකි අය පිටරට ගිහින් උපාධි ගන්නවා. ලංකාවේ දුප්පත් අයට තියෙන නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න බොහෝ දෙනෙක් දත කනවා. .(රේ)
සිසුන් නිසා සරසවි කාලයක් වහලා,ඇදුරන් නිසා තව කාලයක් වහලා, අවුරුද්දේ ඉතිරි කාලය අනධ්‍යයය කට්ටිය නිසා වහලා. එතකොට සිහියක් බුද්ධියක් තියෙන යමක් කමක් තියෙන මිනුස්සු ආණ්ඩුවේ සරසවි වලට තමන්ගේ ලමයි එවනවද? නෑ. (හේ)