සිරිලිය සවිය බැංකු ගිණුම් අත් හිටුවීමෙන් එම සංවිධානයේ මූල්‍ය ආධාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු මේ වන විට මියගොස් ඇතැයි ආරංචි වූ බව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද කටඋත්තරයක් දෙමින් හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැවසූ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් කියයි.
සිරිලිය සවිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට සහාය වීම පිණිස රාජපක්ෂ මහත්මිය කටඋත්තරයක් ලබාදුන් බවත් මෙකී සංවිධානය දේශීය හා විදේශීය මූල්‍ය හා ද්‍රව්‍යමය පරිත්‍යාග මත කටයුතු කරන්නක් බවත් එහි කටයුතු සඳහා රජයේ මුදල් හෝ දේපල කිසිවක් භාවිතා වී නැති බවත් ඇය මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ දැනුම් දී ඇත.
රාජපක්ෂ ආණ්ඩුවේ විරුද්ධවාදීන් එල්ල කරන චෝදනා බොරු බවත් බැංකුවේ පරිගණක පද්ධතියට ශිරන්ති රාජපක්ෂ ඇතුළු සෙසු නිලධාරීන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ඇතුළත් කිරීමේදී අතපසු වීමක් සිදුවී ඇති බවත් පෙනෙන බව එම නිවේදනයේ දැක්වේ. සිරිලිය සංවිධානය වෙනුවෙන් චෙක්පත් අත්සන් කළේ ව්‍යාජ පුද්ගලයින් නොව තවමත් එහි සේවය කරන සැබෑ පුද්ගලයින් තිදෙනෙක් බවත් එම නිවේදනයේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාලකයින්මේ රට ආරක්ෂා කරගත් පිරිස දඩයම් කිරීම මිස වෙන කිසිවක් මේ රටේ යහපත උදෙසා කරයිද?උන් වෙනුවෙන් ප්‍රතිචාර දමන අයගෙන් ඒ රටට අහපතක් වේද? (නදී)
රනිල් වගේම ප්‍රතිචාර දමන සමහර අයත් නිවට අය බවත් රටට ප්‍රයෝජනයක් නැති අය බවත් කිවයුතුය. (බ)
ලම්බෝගිනි කාර්, හෙලිකොපට්ර් , රත්තරන් ඔරලෝසු , ඩුබායි බැංකුවේ සල්ලි , ශි ෂෙල්ස් වල සල්ලි , මේ කතා දැන් ඔක්කොම ඉවරද චානක එල් ඒ මහත්තයෝ. දැන් අලුත්ම කතාව සිරි ලියද ? එතකොට අර අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී කියපු නැවු 8 කතාව මොකද උනේ ? අනුරලා බොරු කියන්නේ නැහැනේ විමල් ලා වගේ (නදී)
චානක මහත්තය LA උන්නට කතා කරන්නේ කිසිම හරයක් ලවයක් නැතිව . මේ වෙනතුරුත් මහින්ද රාජපක්ෂ මහතා සහ එම මැතිනිය මේ රට ට කල වැඩ මිසක් ,අවැඩක් ඔප්පු වී නොමැත . එම නිසා ඔබ නොදුටු වංචා ,දැක්ක මෙන් අදහස් දක්වා ඔබගේ නූගත් බව ඔප්පුකිරීමෙන් වලකින්න. (කේ)
රැක ගත යුත්තේ ආරක්ෂා කර ගත යුත්තේ අපේ රටයි, ලබා ගත් නිදහසයි, ප්‍රගතිශීලි ජනතාවනේ පෙළ ගැසෙන්න , මේ ඔබගේ වාරයයි. දිනු නිදහස රැකගන්න , රට දිනා දුන් රණවිරැවන් රැක ගන්න. පුද්ගලයින් නොව ජාතිය වෙනුවෙන් පෙනී සිටින්න කතා කරන්න. (ර)
චානක මහත්තයෝ....ඇමෙරිකාවේ ඉදන් අන්තර්ජාලයෙන් උඩු බුරලන්නේ නැතුව මෙහෙ ඇවිත් තමන් ඔය තරම් විශ්වාසයෙන් කියන දන්නා දේවල් මේ විමර්ශන වලට දීල සහය වෙන්නකෝ..දිවි නැගුමේ මේ ඇප නැතුව රිමාන්ඩ් කිරිල්ලේ චෝදනා පත්‍රය ගැන ඔබ තුමා දන්නේ නැති බවනම් ගොඩාක් පැහැදිල්යි..එක දන්නා කෙනෙක්ගෙන් විස්තර අහල දැන ගන්න..නඩු දාපු චෝදනාවත් එතුමාට ඔහෙලා කරන චෝදනාවත් අතර තියෙන වෙනස දැක්කොත් ඔබ තුමා බඩ කපා ගනීවි..(නදී)
චානක මහත්තයෝ, ඇමෙරිකාවේ ඉඳන් අන්තර්ජාලයෙන් උඩු බුරලන්නේ නැතුව මෙහෙ ඇවිත් තමන් ඔය තරම් විශ්වාසයෙන් කියන දන්නා දේවල් මේ විමර්ශන වලට දීල සහය වෙන්නකෝ. දිවි නැගුමේ මේ ඇප නැතුව රිමාන්ඩ් කිරිල්ලේ චෝදනා පත්‍රය ගැන ඔබ තුමා දන්නේ නැති බවනම් ගොඩාක් පැහැදිලියි. ඒක දන්නා කෙනෙක්ගෙන් විස්තර අහල දැන ගන්න. නඩු දාපු චෝදනාවත් එතුමාට ඔහෙලා කරන චෝදනාවත් අතර තියෙන වෙනස දැක්කොත් ඔබ තුමා බඩ කපා ගනීවි. (නදී)
අනුරාධ සහ නෙලුම් ලියල තියෙන්නේ ගිණුමක් සම්බන්ධයෙන් සාමාන්‍ය බැංකු ක්‍රියා පටිපාටිය. නැතිව මෙතන සිදු වුන දෙය ගැන ඒ අයගේ පුද්ගලික අදහස් නෙවෙයි. ඒ මිනිස්සු මෝඩයන් නෙමෙයිනේ. ඒ ටික දැනගත්ත මිනිස්සුන්ට මොලයක් තියෙන්නේ ඕන ඒ අනුව මෙතන මේ ගිණුම සම්බන්ධයෙන් සිදු වුන දේවල් තේරුම් ගන්න. (නදී)
චානක, දැම්ම පැමිණිල්ල ආපසු කැරකුණා නේද?? දැන් ඉතින් ඔහොමවත් මඩක් ගහමු. (නි)
මේ බෙදන සල්ලි ගෙදරින් ගෙනාපුවා නෙවේ මහජනතාවගේ සල්ලි. කුඩා දරුවනුත් මාද්‍යට එකතු කරගනිමින් මේ අඩන අය මුළු මහා ජනතාවටම එරෙහි වෙන අය පාරට බහින්න පෙර දෙවරක් හිතන්න. (නදී)
කරන කලට පවු මිහිරිය මී සේ.... (නි)
චානක ලොස් ඇන්ජලිස්. ඔබ සමග 100% එකගයි. එ්ත් තවත් වහල් බවෙන් මිදෙන්න අකමැති වහල්ලු ඉන්නවා. උන්ට මේවා තේරුම් ගන්න බැහැ.(නදී)
"රාජපක්ෂ කියන පවුල් වනාන්තරයම" කලේ රටේ ගහ කොළ සතා සිව් පාවා දක්වා රටේ දනස්කන්දය හොරා කාපු එකයි කියන එක මගේ දෙවැනි ශ්‍රේණියේ ඉන්න දරුවට පවා තේරිලයි තියෙන්නේ. (නදී)
සමන්ල කවදත් බයිලාවලට තමයි ප්‍රසිද්ධ (නදී)
අංක ඇතුළත් කරන්න නොදත් අයද වැඩට අරගෙන තියෙන්නේ? (නි)
කාර්ල්ටන් පෙර පාසලින් ඉගෙන ගන්න දරුවන් බුරුතු පිටින් ලංකාවේ ඉහලම පාසල් වලට ගන්න සිද්ද වෙනවා. එහෙම නොගත්ත කියන්නේ මුහුදු වතුර බොන්න වෙනවා කියන එකයි. ලින් වතුර බොන්න,වාහනය අනතුරු/ ගිනි ගැනීම් වලට මුහුණ දෙන්න වෙනවා කියන එකයි. (නදී)
මේ ගැන සොයා බලා දඩුවම් කල යුතුයි (නදී)
"රාජපක්ෂ රට ගසා කෑමේ පන්සීය පනස් ජාතක කතා වස්තුවේ" මෙතුමියත් ඉන්නවා. රටම සත්‍ය දන්නවා.(නදී)
අනේ ඔලුව රිදෙන්න ගත්තා මේක බලලා. නිව්ස් එකට වැඩිය තියෙන්නේ ප්‍රතිචාර නේ.(නදී)
චානකට ලොක්ක ඔක්කොම උගන්නල එවල වගේ. චානක දන්නා දේවල්. ඔය ඔහොමම සි අයි ඒ එකේ රස්සාවක් ඉල්ලගන්න (නදී)
කොරියාවෙන් පාසල් වලට බෙදල දෙන්න කියල එවපු පියානෝ වගයක් එක්තරා සිරිලියකගේ පෙර පාසල් ජාලයේ ගිහින් නවතුනාලු. ! (බ)
මගේ ලමයව සුදුසුකම් තිබිලාත් ජනප්‍රිය බාලිකාවට ඇතුලත් නොවුනේ කවුදෝ සිරිලියකගේ පෙර පාසලින් අඩු සුදුසුකම් ඇති ළමයින් බුරුතු පිටින් ගත්තු නිසා. මේවා උඩ ඉන්න දෙයියන්ම බලාවි. (බ)
මම මුල්‍ය අංශයේ වැඩ කරන කෙනෙක්. සෑම ගිණුමක්ම විවෘත කර අවසානයේ එදින කාර්යභාර නිලධාරියා සහ නියෝජ්‍ය කළමනාකරු නැවත පරීක්ෂා කර බලනවා. පරිගණකගත කරන සියලු බැංකු දත්ත මුද්‍රණය කර නැවත පරීක්ෂා කරනවා. පසු දින බැංකු ශාඛාවේ විගණන නිලධාරියා නැවත එම දත්ත විගණනය කරනවා. මෙවැනි අපුරු හැඳුනුම්පත් අංකයක් බැංකුවේ කිසිම නිලධාරියකුගේ අවධානයට යොමු නොවුණා නම් එය බැංකුවක් නොවේ. (නි)
චම්පිකා, ඔබ තුමියගේ වගේම තවත් දරුවන් ලක්ෂ ගානකට විශාල අසාදාරනයක් වෙලා තිබෙනවා. (නදී)
අංක බැරිවෙලාද හොර හැඳුනුම්පත් හදලද කියලා ඔප්පුවෙලා ඉවරයි නේද? (නි)
"ඒකාධිපතියෙකුට","ඒකාධිපති පවුලකට" යටත් වෙලා තිබුන රටකට,රටේ වහල්ලු වගේ ඉන්න සිද්ද වුණ අසරණ මිනිසුන් ජිවත් වුණ රටක තව මොනවා කියන්නද?(නදී)
මූල්‍ය ආධාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු මේ වනවිට මියගොස් ඇතිහෙයින් චෝදනා වලින් නිදහස් කළයුතුමය (නි)
අනුරාධ, ඔබ කියන දේ හරි. මේ අය ඒ කාලේ හිටියේ රජවරු කියලා හිතාගෙනනේ. බැංකුවේ සේවකයන්ටත් කරන්න දෙයක් නැහැ. ජීවිතය, දරු පවුල්, රැකියාව වටිනවනේ. අහන අය පල් මෝඩයෝ කියලා හිතාගෙනනේ මේ මිනිස්සු දැන් කියන්නේ. (නි)
මේ වගේ දේවල් කරන්න කරන්න මහින්දට ජනතා ආකර්ෂණය තව වැඩිවෙනවා. (නි)
ලෙඩ්ඩු මැරෙන්න ඇත්තෙ මොකද කියලා හිතාගන්න පුලුවන් (නි)
පුදුමයිනේ මේ අංකම වෙනස්වුණ එක (නි)
මම කලක් ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සේවය කළ කෙනෙක්. මේ විදියට ගිණුමක ට අදාළ හැඳුනුම්පත් අංක ඔක්කොම පරිගණකගත කිරීමේදී වැරදුනත් අනිවාර්යයෙන්ම එය පසු පරික්ෂාවේදී අහුවෙනවාමයි. අඩු වශයෙන් ඊළඟ දවසේ උදේවත් අනුරාධ මහතා කියන පරිදි ඔඩිට් ඔෆිසර්ට මෙය පෙනුනේ නැහැ කියන එක මට අදහන්න බැහැ. මම කාලයක් වැඩ කළේ බැංකුවේ විගණන අංශයේ. මෙවැනි ලංකාවේ බැංකු ක්ෂේත්‍රය අපකීර්තියට පත්වෙන කටයුතු ඉස්මතුවීම කලක් එම ක්ෂේත්‍රයේ වැඩ කළ කෙනෙක් හැටියට මට ඉතාම කණගාටුයි. මෙහෙම වෙනකොට ගනුදෙනුකරුවන් බැංකු විශ්වාස කරාවිද? මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
මේ අපුරු හැඳුනුම්පත් ගැන ගිණුම පසු පරික්ෂාවේදී අමුත්තක් නොහිතපු බැංකු නීති කඩපු මේ බැංකුවේ වැඩ කරන්නේ කුමනාකාරයේ බැංකු වෘත්තිකයන්ද? (නි)
මේ අතපසුවීම ගැන වහාම සොයා බලන්න. බැංකුවේ නිලධාරීන් තමන්ගේ රැකියාව ගැන බයෙන් දරු පවුල් වල ආරක්ෂාව ගැන බයෙන් කළ "අතපසුවීමක් " නම් මේ ගැන උඩ ඉන්න දෙවියොම බලාගන්න ඕනෑ. (නි)
අදාළ වෘත්තිකයෙකු හැටියට මටත් කියන්න තිබෙන්නේ මේ අතපසුවීම කිසිසේත්ම ගිණුම් පසු පරික්ෂාවේදී සහ විගණනයේදී සිදුවිය නොහැක්කක් බවයි. පරිගණකගත කිරීමේදී මානුෂික අත්වැරැද්දක් මෙතුමියගේ හැඳුනුම්පත සම්බන්ධයෙන් සිදුවුණා යයි හිතමු. නමුත් කොහොමද ගිණුමට සම්බන්ධ අනෙක් අයගෙත් අංක වැරදුනේ? ලංකාවේ ඉන්නේ බැංකුවක් දැකලා නැති ගෝත්‍රික මිනිස්සු කියලාද දන්නේ නැහැ හිතන්නේ. (නි)
චානක හරියට හරි. (නදී)
ශිරන්ති හරි පුදුමයි (නදී)
ජනාධිපති ප්‍රේමදාස ගේ පුතා සජිත් මල්ලි පසුගිය කළේ වියදම් කළේ කාගේ සල්ලිද ලැබුණ කොහොමද කියල කවුද හෙව්වේ (බ)
රටේ හිටපු රාජ්‍ය නායකයාගේ භාර්ය්‍යවගේත් ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමේදී අත පසුවීමක් ඇති උනානම්, සාමන්‍ය ජනතාවගේ ජාතික හැඳුනුම්පත් අංක ගැන මොන කථාද? ඇයි මෙහෙම ඇන්දිල්ලක්. මේ වගේ දේවල් කරන්න කරන්න මහින්දට ජනතා ආකර්ෂණය තව වැඩිවෙනවා නොවෙයි දිනෙන් දින බුද්ධිමත් ජනතාව අතරේ මහින්ද ආකර්ෂණයෙන් පිරිහෙනවා. (නදී)
එකම පුද්ගලයෙක් වෙනස් නම් වලින් ප්‍රතිචාර දැක්වීම උගත්කමේ ලක්ෂණයක්ද? කිසිවෙක් "සිංහහමක්" පොරවාගත් පමණින් වැරදිකරුවන් හෝ සැකකරුවන් නිර්දෝෂ කළ නොහැකිය. චානක මහතා නුගතෙක් නොවීමට, වංචා කරනවිට කාටත් දැකීමට සහ ඔප්පුකර ගැනීමට පහසු විධියකට කරන ලෙසට යෝජනා කරමු.(නදී)
අංකය වැරදි නම් ඒක හදාගන්න හොදටම කල් තිබුනනේ. එයාල වගේ අයට දවසෙන් කරගන්න පුළුවන්නේ. ආදාර ලබපු අයට නම් කිසිම අඩුපාඩුවක් පෙනෙන්න නැහැ එයාල ඉන්න පින්තූර දැක්කම (නදී)
අන්තිමට බැංකුව තමා වැරදි. අනේ මන්දා මේ පව්ලම මෙච්චර බොරු කියන්නේ ඇයි කියලා ? (නදී)
මේ බැංකුවේ තම තමන්ගේ තැන්පතු ඇතිනම් වහාම සොයා බලන්න ඒවායේ තත්ත්වය ගැන. සිරිලිය පෑල දොරින් පලා ගිහින් තියේවි ඒ මුදල් වෙන කාගේ හරි ගිණුමකට මේ වගේම අතපසුවීමකින් බැර වුනා නම් (බ)
අනුරාධ , ලාල් , මේවා බැංකු වල වැඩ කරන අය නොදැන හිටිය නෙවෙයි, රජ පවුල උඩින් කාක්කෙක් වත් පියැඹුවානම් කාක්කත් බිම දැමු යුගයකයි අපි හිටියේ. කවුද පණට අදෙරේ නැත්තේ. මිනිස්සු මැරිලා ඉපදිලා වගේ නේ කොමෙන්ට් දාන්නේ (බ)
චානක ලොස් ඇන්ජලිස්,ඔබතුමා සමග එකගයි.ලංකාවේ ජීවත්වෙන අයට වඩා පිටරටවල ඉන්න අය ලංකාවේ සිදුවීම් පිළිබඳ ඉතාමත් සංවේදිව අවධානයෙන් පසුවනවා.පසුගිය කාලයේ ඉතාමත් සුක්ෂම ලෙස කරන ලද දූෂණ ඔප්පුකර ගන්න බැරි වුනත්,දූෂකයෝ කවුද කියා මේ සියලුදෙනාටම හොද අවබෝධයක් තිබෙනවා. (බ)
ඔය කියන්නේ අමුලික බොරු ..මේවා අහන්න තරම් මිනිසුන් මෝඩ නොවෙයි .....මොවුන්ගේ මුළු සනුහරේම රටේ වස්තුව කොල්ලකාගෙන ඉන්නේ ....පේනවා නේද දිවි නැගුමේ කාල තිබෙන ධනස්කන්ධය නිසා ඇප ගන්නත් නොහැකි වී ඉන්න විදිය ....මොවුන්ගේ ප්‍රජා අයිතීන් පවා අහෝසි කොට මතු පරපුරට දෙනගන්නට දිවයිනේ දුෂණ ලැයිස්තු ගත කළ යුතුයි (බ)
රටේ ලෙඩුන් පිළිබඳව බලා ගැනීම රජයේ වගකීමක්. රටේ ලෙඩ්ඩු ජීවත් වෙන්න ඕනේ සිරිලිය සවියෙ පිහිටෙන්ද? දැන් සිරිලිය සවිය නොලැබී මිය යන දහස් ගණනක් ලෙඩ්ඩු ගැන මොකද කියන්නේ. මේවා මහජන අනුකම්පාව ලබා ගන්න කියන ලාබ කතා. (බ)
නෙලුම් මහත්තයෝ, ඔය නීති , රෙගුලාසි, අන පනත් ඔක්කොම නියම විදිහට ගනුදෙනු වලට එන මිනිස්සුන්ට. ඒකාලේ රාජපක්ෂ පවුල කියන්නේ පිට සක්වලින් වැඩිය අරුම පුදුම ප්‍රභූවරු කොටසක් නේ,. ඒක තමා උත්තරේ. අපිට බැංකු ගැන විශ්වාසේ තියෙනවා. අපි දන්නවා වුනේ මොකක්ද කියල. (බ)
රකිත්, ඔබ වගේ අය නම් මහින්දට ඡන්දෙ දේවි, නමුත් මොලේ අබ ඇටයක් තරමට වැඩිලා තියෙනවනම් දෙන් නැහැ. (බ)
මේ සිංහලයා, අහල නැද්ද මේ කතාව. සිංහලයා මෝඩයා, කැවුම් කන්න සුරයා. ඔබ ගැනත් එ්කම තමයි අපට හිතෙන්නේ. (බ)
මුදල් ලබාගන්න හැම අවස්ථාවකම ජාතික හැදුනුම්පත අවශ්‍ය වෙනවා. ඒවගේම එම අංකය සඳහන් කරන්න ඕන . ඉතින් මෙච්චරකල් වැරදි අංකයක් තිබ්බනම් ඕක එක පාරක් හරි අහුවෙන්න ඕන. මේක නම් හිතා මතාම කරපු හොර වැඩක්. වෙලා තියෙන දේවල් හැටියට ඕව මොනවද. පොල් ගණිනකොට අලගු තිබ්බටවත් සමාන කරන්න බැහැ......(බ)
සිරිලිය සවිය රජයේ ප්‍රතිපාදන මත පවතින සංවිධානයක් නොවේ. එය පෞද්ගලික ධනය මත පවත්වාගෙන යන්නකි. පරීක්ෂණ කළාට කමක් නෑ. නමුත් ලෙඩුන්ට වෛද්‍යාධාර ලබාගැනීමට ආධාර දෙනවාද? ඔවුන් මිය ගියොත් කවුද වගකියන්නේ. මොකක්ද රජයේ පිළිවෙත. මම හිතන්නේ වෛරය නවත්වන්න වේලාවයි මේ. (බ)
ගිණුම් අංක 11111111 සහ 22222222 වැරදිලා ඇතුල් කරලද? මොලේ අවුල් වෙන කතානේ. (බ)
මෙයාලා හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සු පුන්නක්කු කනවා කියලා වෙන්න ඇති. බලධරයිනි,තරාතිරම නොබලා හැකි උපරිම දඬුවම් දෙනු මැනවි.. (නි)
මේ ගරහන්නේ රටේ සාමාන්‍ය ජනතාවට. මේවා විශ්වාස කරන්න අපි පුන්නක්කු කන්න ඕනා. බැංකු නිලධාරීන් හෑල්ලුවට ලක් කරන්න එපා. (නදී)
මෙයාගේ හිත උණුවෙලා වගෙයි. එයාගේ කට උත්තරයෙන් විතරක් මේ විමර්ශන කටයුතු නිමකරන්න බැහැනේ. තවදුරටත් හොයා බලාවි, පොලීසිය. (නි)
සිරිලියගේ කෙරුම් දන්නෝ දනිති. නිතරම පන්සල් ගානේ රිංගන මොවුන් කියන කෙප්පයක තරම පෙනේද? (බ)
මහා පුදුම කතාවක්නේ. මීට කලින් මිනිස්සු මැරුණේ නැද්ද ? ඔය හොර නඩේට නිසි දඬුවම් දෙන්න ඕනේ. රටම තමන්ගේ බුදලේ කියල හිතලයි හොරකම් කළේ. ඔවුන්ට කත් අදින්නෙත්, හොරකම්වලට දායක වුනු කම්ඹා හොරු තමයි. බලමු යහපාලනෙන්වත්, මොවුන් හුරතල් කරන්නේ නැතුව නිසි දඬුවම් දෙනවද කියලා. ලඟදි ඡන්දෙකුත් එනවනේ. ඔහොම යං. (නදී)