සූරිය වැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයත් හම්බන්තොටත් යා කරමින් කිලෝමීටර තුනක මොනෝ රේල් හෙවත් තනි පීල්ලේ දුම්රිය සේවයක් ලබන වසරේ අරඹන බව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. මේ ගැන ආයෝජකයන් කිහිප දෙනකු සමග සාකච්ඡා කරන බවද ඔහු පවසයි. දෙස් විදෙස් වෙළෙන්දන් දහසකට පහසුකම් ඇති රාත‍්‍රී වෙළෙඳ පොළක් පිහිටුවන බව කොළඹ මාතර අධිවේගී මාර්ගයේ වැඩ 2013 දී නිම කරන බවද, 2016 දී හම්බන්තොට ගුවන් තොට දක්වා දීර්ඝකරන බවද, රාජපක්ෂ මහතා සඳහන් කළේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කනෝ පිනුම් කිව්වලු..... මොනෝ රේල් ගහන්නේ හැමදාම ඔය ක්‍රිඩාංගනයේ ක්‍රිකට් තරග තියනවද?
හම්බන්තොටට කිරි. අපට කැකිරි
අපිට හුලන් ... දකුණට ඔක්කොම.. කලින් ඕව දන්නවනම් අපි ජන්දෙ දෙන්නෙත් නෑ. අපරදේ
මටත් වඩේ, රටකජු ටිකක් විකුණලා කීයක් හරි හොයාගන්න පුළුවන්. දැන් වරාය හින්දා බත් පැකට් වෙළෙදාමත් හොඳට යනවා.
හොද වැඩක්, මුලු රටම දියුණු විය යුතුයි
ඒක හොද ආයෝජනයක් වෙයි කියලා හිතනවා. නමුත් ඩී.ඇස්. සහෝදරයා කිව්වා වගෙ හැමදාම ක්‍රිඩාංගණයේ ක්‍රිකට් නොතිබීම නිසා ඒම අඩුව පුරවන්නේ කෙසේද යන්න පැහැදිලි කල යුතුයි.
ඉස්සර හැමදේම කොළඹට දෙද්දි කවුරුවත් කතා කරේ නැ..... දැන් හම්බන්තොට ගැන කවුරුත් කතව....
අනුරාධපුරේ ඉදන් මිහින්තලේට තියෙන කෝච්චි පාරෙ කෝච්චි දුවන්නේ පොසොන් පෝයට විතරයිනෙ. මේකෙත් මැච් එකක් දවසට විතරක් දුවපුවාවෙ. හැබැයි සාමාන්‍ය දුම්රියක් දැම්මනම් වැඩක් නැති කාලෙට වෙන පාරකවත් දිව්වහැකි.නැත්නම් වෙන්නෙ 'අයිෆා' එකට දැම්ම එයාර්පෝට් කෝච්ච්යට වෙච්ච දේමයි.
කවුරු මොනව කිව්වත් ලංකාව දියුණුවෙන එකට අපි කැමතියි
අශ්වයට ලාඩමි ගහනකොට කකුලේ ඉන්න මැස්සා අණ්ඩ ඉස්සුවලු. කවුරු මොනව කිවුවත් කළත් කොතනකින් හරි පටන් ගන්න එපැයි. නාමල් මහත්තයෝ පසුබට වෙන්න එපා.
නුවරඑළියට කේබල් කාර් දැම්මනම් හරි මහත්තයෝ. රටේ ජනතාවගේ බඩගින්න නිවන්න තාම හරි සැලසුමක් නැත්තෙ සංවර්ධනය 100% යි. ජනතාව බඩගින්නේ