සුරියවැව රෝහලේ වෛද්‍ය අධිකාරී සි.වීරසිංහ මහතාගේ නිළ නිවසට එල්ල වු අසුචි ප්‍රහාරයට විරෝධය පළකරමින් රෝහල් කාර්‍ය මණ්ඩලය හා වෛද්‍යවරු රෝහල ඉදිරිපිටදී විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතාවයක නිරත විය.
පිරිමියෙකු ගැබ් ගත්බව කියන රසායනාගාර වාර්ථාවකින් පසුව වෛද්‍ය අධිකාරි නිල නිවසට අසුවි ප්‍රහාරය එල්ලකොට තිබු අතර එයට එරෙහිව විරෝධතාව පැවැත්විණි.
මෙවැනි පුවත් මාධ්‍ය තුල පලවීමෙන් රොහලේ ගෞරවයටද හානි සිදුවන බව පවසමින් වෛද්‍යවරු කිහිපදෙනෙක් මාධ්‍යටද විරෝධය පෑ අතර වෛද්‍ය අධිකාරිවරයා පැවසුවේ මාධ්‍ය වාර්ථාවල වරදක් නොමැති බවයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ යුත්තේ ඇත්ත රටට හෙළි කළ මාධ්‍යවේදීන්ට එරවිම නොව .වරදක් වි නම් එය නිවැරදි කර ගැනිම හා කරන වැඩේ නිවැරදිව කිරිම නොවන්නේද? පුවත පළකිරිම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් පළි ගැනීමේ සැළැස්ම නවතා රට ගොඩ නැගිමට දායක වෙමු.මාධ්‍යෙව්දින් පසු පස හඹා යමින් සිදුවන්නේ තව තවත් මේ ප්‍රශ්ණ දුරකට යාම පමණි. (බ)
මේවට උද්ඝෝෂණය කිරීමෙන් පලක් තියෙනවද ? අධිකාරී තුමාටත් අනිත් දොස්තරලටත් තියෙන්නේ තමන්ගෙන් වුන වැරැද්ද ගැන රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා මේක සමතයකට පත් කර ගැනීම නේද ? (ර)
මේ වගේ දේවල් රජයෙන් වෛද්‍ය සේවය සපයන තවත් රටවල වෙනවා. මොවුන්ගේ මානසික මට්ටම මේ ක්‍රියාවෙන් සහ බෝඩ් උස්සාගෙන සිටීමෙන්ම පේනවා. මෙවැනි ක්‍රියා සඳහා මහජනතාව නීතියෙන් ක්‍රියා කළයුතුයි. මිනිසුන්ගේ ජීවිතවල වටිනාකමක් නැද්ද? මිනිසුන්ගේ ටැක්ස් සල්ලි වලින් මිනිසුන්ටම මෙහෙම කරන අයට/රෝහලට නඩු පැවරිය යුතුයි. (නි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියාවිද දන්නේ නැහැ මේ මාලබේ කැම්පස් එකෙන් ආ දොස්තර කෙනෙක් කියලා. (නි)