ජීනිවාහිදීය (රොයිටර්)
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් සංවිධානය සිරියාවේ දරුවන් වෙනුවෙන් අද (20) විශේෂ “හිස් ලියවිල්ලක් ‘බ්ලෑන්ක් ඩොක්‍යුමන්ට්’ ” ප්‍රසිද්ධියට පත් කළේය.
සිරියාවේ නැගෙනහිර ගූථා ප්‍රදේශයට රජයේ හමුදා එල්ල කරන ලද ගුවන් හා රොකට් ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් 100කට ආසන්න පිරිසක් මියයෑමත් සමඟ යුනිසෙෆ් සංවිධානය එම ලියවිල්ල මාධ්‍ය වෙත නිකුත් කළේය.
“කුඩා දරුවන්, ඔවුන්ගේ මාපියන් ඔවුන්ගේ ආදරණීයන් ඝාතනය කිරීම කිසිදු ආකාරයකින් සාධාරණීය කළ නොහැක. එය කිසිදු වචනයකින් සාධාරණීය කළ නොහැක” යැයි යුනිෆෙස් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ ගීර්ත් කැපලාරේ නිකුත් කළ එම ලියවිල්ලේ දැක්විණි.
යුනිසෙෆ් සංවිධානය නිකුත් කරන ලද එම විශේෂ “හිස් ලියවිල්ල’ අන්තර්ගතයක් නොමැති බව හැඟවීම සඳහා හිස් පෙළි දහයක් ද ඉන් අනතුරුව කරුණු විස්තර කරමින් පාද සදහනකින් ද සමන්විත විය.
“දරුවන් විඳින පීඩාව විස්තර කරන්න වචන නැහැ. දරුවන්ගේ දුක අපට අවනම්බුවක්. දරුවන් මිය යනවා. එය සාහසික බව පෙන්නුම් කරන්නක්. මේ මිලේච්ඡ ක්‍රියා විස්තර කරන්න සාධාරණය කරන්න වචන නැහැ. මේ යුද්ධය නිසා දරුවන් පුදුමාකාර දුකක් විඳිනවා” යැයි යුනිෆෙස් සංවිධානය නිකුත් කරන ලද විශේෂ ‘හිස් ලියවිල්ලේ’ විස්තරාත්මක පාද සටහන්වල තවදුරටත් දැක්විණි.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
LTTE එක ළමයි මරනකොට මේවගේ දෙයක් කරන්න හිතුනේ නැද්ද.
මේ අපරාධ කරන උදවිය තමයි, අපේ රටේ යුධ අපරාධ වුණාය කියලා චෝදනා කරන්නේ. අපේ රටේ යුද්ධය අවසාන වූ නිසා, එ් අයගේ අවි ආයුධ විකුණාගෙන ආදායම සරුකර ගන්න බැහැනේ.
සිරියාවේ විතරක් නොවේ ලෝකේ කොහේ හිටියත් අඹු දරුවෝ දුකට, මරණයට පත්වෙනවා දකින්න නොලැබේවා... දරුවෝ ආරක්ෂා කරන්න මහා බලවතුන්ගේ ඇස් ඇරේවා...
එතකොට එල්.ටී.ටී.ඊ. එක ලංකාවේ අවුරුදු තිහක් ඝාතනය කලේ ඔටු පැටව්ද? කොහොමත් දැන් යූ.එන්. ලාගේ දෙපිට කාට්ටු වැඩ එළිවෙලා එයාලගේ බැටළු හම ගැලවීගෙන එන්නේ...