බීරූට්හිදීය (ඒ.එෆ්.පී)
සිරියානු රජයේ හමුදා ඉකුත් දින තුනක කාලයේදී එල්ල කරන ලද ගුවන් හා රොකට් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණ අනාවරණය කරයි.
සිරියාවේ ඩැමැස්කස් ආසන්නයේ පිහිටා තිබෙන නැගෙනහිර ගූථා ප්‍රදේශයට පසුගිය ඉරිදා (18) වැනිදා සිට එල්ල කරන ලද ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 300 ඉක්මවා ඇතැයි බව වාර්තා වන අතර ඒත් සමඟ සිරියානු රජයට පමණක් නොව රුසියාවටත් චෝදනා එල්ල වෙමින් තිබේ. නැගෙනහිර ගූථා ප්‍රදේශය 2013 වසරේ සිට කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන සිරියානු රජයේ හමුදා සහ රුසියානු ඒකාබද්ධ හමුදා එම ප්‍රදේශයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරයි.
මෙම ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළුව සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ බටහිර රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි අනුබද්ධිත සංවිධාන මෙන්ම මානව හිමිකම් සංවිධාන ඒ සම්බන්ධයෙන් සිරියානු රජයට චෝදනා එල්ල කරයි. ගුවන් ප්‍රහාරවලින් කුඩා දරුවන් මිය යෑමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන ‘යුනිසෙෆ්’ සංවිධානය ඊයේ (20) විස්තරාත්මක පාද සටහන් දැක්වෙන විශේෂ ‘හිස් ලියවිල්ලක්’ ද ප්‍රසිද්ධියට පත් කළේය.
සිවිල් වැසියන්ට ආහාර, ඖෂධ ඇතුළු ආධාර සැපයීම සඳහා මසක සටන් විරාමයක් නිවේදනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියානු රජය, කැරැලිකරුවන් සහ සිරියානු සිවිල් යුද්ධයට මැදිව සිටින අනෙකුත් සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියද කිසිදු පාර්ශවයකින් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.
නැගෙනහිර ගූථා ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 1,400කට වැඩි යැයි ද වාර්තා වේ. මෙම ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය 2011 වසරේදී ඇති වූ සිරියානු සිවිල් යුද්ධයේ ඛේදනීයම තත්ත්වයක් යැයි ද මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ම්ලේච්ච කොටි පරාජය කරද්දීත් මේ සංවිධාන මේ විධියටම තමයි සිවිල් වැසියන් ඝාතනය වෙනවා කියල අමු බොරු කිව්වේ. දැන් ලන්ඩනයේ අර සාමි වරයා කරුණු ඇතුව පෙන්වා දෙනවා ඒ චෝදනා බොරු කියල. මේ සංවිධානවලට ඕනේ ආණ්ඩු දුර්වල කරන්න. ආණ්ඩු විරෝධීන්ට සහාය දෙන්න.
මේ ප්‍රදේශය අපේ හිටපු ජනාධිපතිට සහ හිටපු ආරක්ෂක ඇමතිට භාර දුන්නොත් වැඩේ නියමෙට දෙයි නේද?
එක්සත් ජාතීන්ගේ සංවිදානය, ආරක්ෂක මණ්ඩලය, තවම ඇහැරිලා නොමැත.
සිරියාව මුස්ලිම් නොවුනානම් සිරියාවේ සිරියාව කියල නිම කල නොහැක. ආගම වාදී අදහසක් නෙමෙයි. යථාර්තවාදී අදහසක්. සහජිවනෙට අවුල් නම් පල නොකර ඉන්න. එත් යථාර්තය එයයි.