අම්පාර දමන පොලිසියේ සැරයන්වරයකු ලීමඩු හිමියකුගෙන් රුපියල් විසි පන්දහසක අල්ලසක් ගනිද්දි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අනවසර ලීමඩුවකින් රුපියල් පනස් දහසක් ඉල්ලා එන් අඩක් ගනිද්දී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අම්පාර පොලිසියට බාර දී ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් , දූෂණ මැඩපවත්වන්න ඉන්න අපේ නිලධාරීන්මනේ ඒ වගේ දේවල් කරන්නේ (ස)
ආශ්චර්යයේ පොලිසිය වැඩේකියන්නේ පොඩි පොඩි හාල්මැස්සො අහුවෙනවා.. ලොකු ලොකු අය අහුවෙන්නේම නැහැනේ..!(නු)
කැතවැඩ කරන මිනිස්සු ඉන්නකම් හොඳ අය කරන වැඩ පේන්නේ නැති වෙනවා (ස)
චික් ලැජ්ජයි..කැත වැඩ මේවා (ස)
හොරු අල්ලලා වැඩක් නෑ නිලධාරීනුත් හොරකමේ යනවනම් (ස)
අජිත් රෝහණ මහත්තයෝ ඔන්න වැඩ බාරගත්ත ගමන් ලොකු රාජකාරියක්. ආයෙත් ඔය වගේ වැඩ නොකරන්න දඬුවමක් දෙන්න. කැලෑ පාලුවන්ට සහාය දෙන අයට කිසිම සමාවක් දෙන්න එපා (අ)
මේවා සදාචාරය පිරිහිමට කරුණු. (ස)
ලැබුණ ඔත්තුවක් මත හෙරෙක් අල්ලන්නයි මඩුවට ගිහිං තියෙන්නෙ..!(නු)
මෙහෙම අය ඉන්නකන් පොලිසිය මොන දේ කළත් කවදාවත් හොඳක් අහන්න වෙන්නෑ. පොලිසිය කියන්නෙ හරියට මහජනතාව අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වගේ රැකබලා ගන්න ආයතනයක්. යහපත් නිලධාරීන් එක් වී මෙවැනි දූශිත කිහිප දෙනා සේවයෙන් නෙරපුවහොත් මුලු පොලිසියටම යහපතක් වේවි.(ස)
මම කියන්නේ නැහැ එයා කළ දේ හරි කියලා.. එත් අපේ රටේ ලොකු අය ටෙන්ඩ්ර් මණ්ඩලයට වාඩිවූවිට ගන්න ගණන් ඇහුවාම මේවා මොනවාද කියලා හිතෙනවා..! ඇත්තමට ඒ අයට ජීවත් වෙන්න වැටුප මදි නිසා මේ දේ වෙන්න ඇත්තේ..!(නු)
පොලිසියෙ මහත්තයකුට ලී මඩුවක් ලගින්වත් යන්න බැහැ.. අල්ලස් එකෙන් පැනලා අල්ලනවා.. (නු)
සැරයන්ට වඩා ලී මුදලාලිත් වරදක් කරලා. පොලීසියේ සමහරුන්ට ජීවත් වෙන්න පඩියක් නැතිව ඇති.